"තොගේ විසා එක ලගයි යන්න ලැස්ති වෙයන් !"



හර්ෂි සි. පෙරේරා 

ශ්‍රී ලංකා පොලිසිය සිදු කරන වදහිංසා පැමිණවීමේ ප්‍රදාන අපරාදයට අතිරේකව සිදුකරන ප්‍රදාන අපරාදයක් වන්නේ බොරු නඩු දැමීමයි. පානදුර දකුණ පොලිසිය මේ බොරු නඩු දැමීමේ අපරාදය සිදුකලේ 23 හැවිරිදි සංක සන්ජිවටය. ඔහු රැකියාව ලෙස රියදුරකු ලෙස කටයුතු කරයි. අංක 183/3 නිවුදාව පාර, අරුක්ගොඩ, අලුබෝමුල්ලේ පදිංචිව සිටි. සංක එක් බොරු නඩුවකට නිවැරදිකරු බව ප්‍රකාශ කළේය. මේ නිසා දැන් පොලිසිය ඔහුගෙන් පලිගැනීමට කටයුතු කරයි. මෙම බොරු නඩු දැමීම පානදුර පොලිසිය පමණක් නොව රටේ සැම පොලිසියක්ම සිදු කරනු ලබයි. රටේ සෑම පොලිසියක්ම එකසේ දුෂිතය. සංක අද 2013.07.30 පොලිස්පතිට සහ මානව හිමිකම් කොමිසමට කළ ලිකිත පැමිණිල්ල පහතින් පළවේ. එයට මැදිහත් වුයේ ජනසන්සදයයි.

01. එන්.කේ. ඉලංගකෝන් මහතා
    පොලිස්පති
    නව මහලේකම් කාර්යාලය
    පොලිස් මූලස්ථානය
    කොළඹ 01

02. සභාපති
     මානව හිමිකම් කොමිෂන් සභාව
     අංක 165
     කිංසි පාර
     කොළඹ 08

බොරු නඩුවට නිවැරදි කරු බව ප‍්‍රකාශ කිරීම නිසා සිදු කරන තර්ජන කිරීම් සහ 
තව තවත් බොරු නඩු දැමීමට දරන උත්සාහය.

නාඋරුන්න පල්ලියගුරුගේ සංඛ සංජීව, අවු: 23 යි, (ජා.හැ.අ. 902121986 ඪ* විවාහක, රැුකියාව: රියදුරු, දුරකතන : 0775064192

ලිපිනය: 183/3, නිව්ඩාව පාර, අරුක්ගොඩ, අ`ඵබෝමුල්ල.
2013.07.30 වන දින දීය.

2012 දෙසැම්බර් 02 වන දින, සවස 6.30 ට පමණ, මා නිවසේ සිටියදී, නිවසේ පිටුපස ෙදාරින් නන්නාඳුනන පුද්ගලයෙක් ගෙට ඇතු`ඵ වීමට උත්සහ ගත්තා. 

එ් අවස්ථාවේ එ් අසල සිටි මාගේ මව, එම පුද්ගලයා නතර කරවන්න උත්සාහ ගනිමින්, කව්ද යයි ප‍්‍රශ්ණ කළා. 

එ් පුද්ගලයා, මාගේ මවව පසෙකට තල්ලූ කර ගෙට ඇතු`ඵ වුනා.

ඔහු, සාලයේ වාඩිවී සිටි මාගේ අයියාව උස්සා නැගිටවූවා. කාමරයේ සිටි මා, අයියාගේ දරුවාවද වඩාගෙන එළියට ආවා. එම පුද්ගලයා මගේ අයියාගේ අත් වලින් අල්ලා ගෙන, සංඛ කියන්නේ කව්ද කියා ඇසුවා. ඒ සමගම මගේ අතින්ද අල්ලා ගත්තා. එවිටම තව කෙනෙක් ඉස්සරහ ෙදාර ඇරගෙන ගෙට ඇතු`ඵ වුනා. මාවත් අයියාවත් අල්ලන් හිටපු පුද්ගලයා, මේ පුද්ගලයාගෙන්, ”මූද” ”මූද” කියා ඇසුවා. එසේ පැමිණියේ පානදුර පොලීසියේ ”බොක්සර්” ජයසිංහ. 

ඔහු මගේ අයියා පෙන්නා, මූ ලොකු එකා, කියා, මාව පෙන්නා, මූව ගනින්, කිව්වා. මගේ අම්මා බොක්සර් ජයසිංහ ගෙන් ඇහැව්වා, ඇයි කියා. ”පොඩි ඔත්තුවක් ” දැන ගන්න තියනවා, නැගපන් බයික් එකට කිව්වා.
ඔහු පැමිණ සිටියේ, ක්‍ෘ 100 -  බජාජ් යතුරු පැදියෙන්. ඔහු අසල පදිංචි කරුවෙක්. මා ඔහුව දන්නවා. එ් නිසා මා බයික් එකට නැග්ගා. අනෙක් නිලධාරියා, මගේ පිටිපස්සෙන් නැග්ගා. මම හිටියේ මැද. එසේ ගෙනියන අතර, සුගත් යන අයගේ වසා තිබෙන කඩය අසල නවත්වා, බස්සවා, මගේ පසුම්බිය හා ජංගම දුරකතනය, ගත්තා. පසුව දැන ගත්තා අනෙක් නිලධාරියා මනම්පේරි බව.

ඉන් පසුව, නැවත මා නංවාගෙන, අරුක්ගොඩ මහා පන්සල අසලට ගෙනවිත්, එ් අසල නවතා තිබූ ජීප්රථයට මාව නැග්ගුවා. මම නගිනකොට, තවත් දෙන්නෙක් එහි සිටියා. 

එතැනින් කසිප්පු චන්දරේගේ ගේ ගාවට ගියා. එතනදී ඇතුලේ හිටිය ”කිරාව” බස්සලා, චන්දරේගේ වැට අයිනෙන්, පොඩි පාර්සලයක්, ගෙන ආවා. එතනින් නිව්ඩාවට ගියා. එහිදීද තවත් අයෙකුව නංවා ගත්තා. එයින් පසුව පානදුර දකුණ පොලීසියට, ආවා. ජීප්රථයේ සිටි, සමීරව, පොලීසියේ පිටුපස දැනට කපා දමා තිබෙන බෝ ගස ළඟින් බස්සවා, ඔහුගේ පස්සට පයින් ගසා, පලයන් කිව්වා. එසේ කළේ, ජීප්රථයේ ඉදිරිපස අසුනේ වාඩි වී සිටි, පො.ප. හෙට්ටි ආරච්චිය.

පොලීසියට ජීප්රථය ගෙන විත්, මාව සහ අනෙක් දෙන්නාව පොලිස් කූඩුවට දැම්මා. එවිට වේලාව රාත‍්‍රී 9.00 ට විතර ඇති. පසු දින, (9 වන ඉරිදා* උදේ වරුවේ මාව උඩ තට්ටුවට ගෙන ගියා. එසේ ගෙන ගියේ බොක්සර් ජයසිංහ. එහිදී ඔහු, හිස් කොළ තුනකට අත්සන් ගත්තා. ඊළඟට ලියුම් කවර තුනකට, ලාකඩ වක් කර, මට කෙළ ගා, මාපට ඇඟිල්ල තියන්න කිව්වා. එසේ නොකළොත්, මම උඹව හිර කරනවා කිව්වා.

එයින් පසුව මට, ජංගම දුරකතනය හා මුදල් පසුම්බිය ආපසු දුන්නා. එහි තිබූ රු: 3000.00 ක මුදල එහි තිබුනේ නැහැ. නැවත කූඩුවට දැම්මා. එවිට එහි සිටි දෙන්නා සිටියේ නෑ. එදින රාත‍්‍රියේ කූඩුවේ ගත කළා. ගෙදරින් කෑම ගෙනත් දුන්නා. පසුවදා (10 සදඳා* උසාවියට දාන්න ඉස්සරලා පොලීසියේදී, බොක්සර් ජයසිංහ කිව්වා වැරදිකරු කියලා පිළිගන්න කියා. එතකොට ඇප දෙනවා කිව්වා. එදින දවල් 12.00 න් පසුව මාව පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ගියා. එහිදී මගෙන් වැරදිකරුද නිවැරදිකරුද කියා ඇසුවා. මා නිවැරදි කරු බව ප‍්‍රකාශ කළා. මාව, රිමාන්ඞ් භාරයට පත් කළා 2013 ජනවාරි 04 මට ඇප ලබාගන්න පු`ඵවන් වුනා. දින 24 ක් ක`ඵතර රිමාන්ඞ් එකේ හිටියා

මට විරුද්ධව, අංක: 8578 යටතේ හෙරොයින් මිළි ග‍්‍රෑම් 40 ක් ළ`ඟ තබා ගැනීම සහ මිළි ග‍්‍රෑම් 20 ක් විකිනීම යටතේ නඩු පවරා ඇත.

මා පොලීසිය සිදු කළ වංචනික ක‍්‍රියාව අධිකරණයේ ප‍්‍රකාශ කළා. ගරු මහේස්ත‍්‍රාත්තුමා එ් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසට ක`ඵතර නි.පොලිස්පතිට නියෝග කළා. එම නියෝගය ක`ඵතර නියෝජ්‍ය පොලිස්පති ක‍්‍රියාත්මක කළේ නැහැ. නැවත අධිකරණය එ් පිළිබඳ පරීක්ෂණ කරන ලෙසට බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පතිට නියොය්ග කළා. එ්ත් පරීක්ෂණයක් කළේ නැහැ . නඩුව විභාගය සඳහා තබා තිබෙනවා. මී ළඟ නඩු දිනය, 2013 සැප්තැම්බර් 06 වෙනිදා. 

මේ අතර 2013.07.21 ඉරිදා, උදේ 10.00 ට පමණ මා සමන්සිරි කඩයට ගොස් ආපසු එන අතර, රේණුකා නැමති කාන්තා පොලිස් නිළධාරිනියගේ ගෙදර සිට එලියට පැමිණි, පො.ප. හෙට්ටි ආරච්චි මා දුටු විගස, ආ උඹත් මෙහෙද ඉන්නෙ කියා අසා, ”තොගේ වීසා එක ළඟයි යන්න ලෑස්ති වෙයන් බල්ලා වත් උඹේ ඇඟට දානවා” යැයි කිවිවා. මේ සිද්ධිය වන වෙලාවේ මගේ මව, බිරිඳ හා අක්කාද සිටියා.

ඉන්පසු මගේ මවට දැන් පුතාට යන්න ලඟයි යැයි කීවා. ඇය ඔහුගෙන් ”ඇයි සර් කියා ඇසුවා” ඔහු පුතා දන්නවා පුතාගෙන් අහන්න කිව්වා. එ් අසල සිටි තවත් පොලිස් නිලධාරියෙක් උඹ යන්න ළඟයි, ටිකට් එක හරි යැයි කිවිවා.

මා ප‍්‍රකාශ කරන්නේ මට විරුද්ධව, පානදුර දකුණ පොලීසිය පවරන ලද බොරු නඩුව පිළිනොගෙන එයට අභියෝග කළ නිසා මට විරුද්ධව තවත් බොරු නඩු දමා මා පීඩාවට පත් කිරීමට උත්සාහ දරන බවයි. 

මා ඉල්ලා සිටින්නේ මට විරුද්ධව බොරු නඩු දමන ලද පානදුර දකුණ පොලීසියේ 

01. බොක්සර් ජයසිංහ
02. පො.ප. හෙට්ටි ආරච්චි
03. පො.කො මනම්පේරි 3985 යන අයට 
විරුද්ධව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසට හා මා හට ආරක්ෂාව සලසන ලෙසටයි.     

නාඋරුන්න පල්ලියගුරුගේ සංඛ සංජීව