තෙබුවන පොලිසියේ කබ ඇදිල්ල.



හර්ෂි සි. පෙරේරා 

පහත සදහන් ලිකිත පැමිණිල්ල 2013. 07. 09 දින කළුතර ජෙෂ්ට පොලිස් අදිකාරී වෙත යොමු කලේ 45 හැවිරිදි දෙදරු පියෙකු වන සුගත් සේනාදිරය. ඔහු මතුගම පාර, ඉහල නෑබඩ, නෑබඩ පදිංචිව සිටි. ඔහු වුර්තියෙන් රියදුරෙකු ලෙස සේවය කරයි. 2013.03.28 දින උදේ 7.10 ට පමණ ඔහුත් ඔහුගේ දරුවන් දෙදෙනාත් මෙම රිය අනතුරට මුහුණ දී ඇත. ඔහු දින දෙකක්ද දරුවාව දකුණු කකුලේ අස්ථි බිදීම හේතුවෙන් මාසයක්ද රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගෙන තිබේ. ඔහුගේ යතුරු පැදියේ ගැටුණු අනෙක් යතුරු පැදිකරු නෑබඩ වරකාගොඩ පදිංචි මතුගම මහේස්ත්‍රාත් අදිකරණයේ සේවය කරන ලාල් නමැති අයෙකි. ඔහු සුගත්ගෙන් රුපියල් 20,000 ක් වන්දි ලෙස ඉල්ලා සිටි. දැන් තෙබුවන පොලිසිය සුගත්ට පමණක් නඩු පවරා ඔහුව පිඩාවට පත් කර අයුතු ලෙස වන්දි ලබා ගැනීමට කටයුතු කරයි. සුගත් මෙම ලිකිත පැමිණිල්ලෙන් ඉල්ලා සිටියේ ඔහුට සාදාරනය ඉෂ්ට කරන ලෙසයි. 


ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී,
ජේ්‍ය.පො.අ.කාර්යාලය,
ක`ඵතර.
ලිඛිත පැමිණිල්ල

ගල්හේන කන්දගේ සුගත් සේනාධීර, අවු: 45යි, ජා.හැ.අ.681900780ඪ, විවාහක, දරුවන් 03යි, රියදුරු.
ලිපිනය : මතුගම පාර, ඉහළ නෑබඩ, නෑබඩ. 0772707783
2013.07.09 දිනදීය.

01. 2013 මාර්තු 28 වන දින, උදේ 7.10 ට පමණ, මතුගම දෙස සිට නෑබඩ දෙසට, මතුගම හොරණ ප‍්‍රධාන පරේ මා යතුරු පැදියෙන්, දරුවන් පාසලට ගෙන යමින් සිටියා.

02. මා සමග මාගේ අවු: 09යි හා අවු: 06 වන දරුවන් දෙන්නාද ගමන් ගත්තා.

03. කැන්ද කඩුව හංදියේදී, පුද්ගලයෙක්, හදිසියේම පාර හරහා පැන්නා.

04. මා ඉතා අසීරුවෙන්, ඔහුව හැප්පීම වලකා යතුරු පැදිය නැවැත්වූවා.

05. ඉදිරියෙන් පැමිණි, යතුරු පැදිය නවතා තිබූ මාගේ යතුරු පැදියේ හැප්පුනා.

06. මා හා දරුවන් බිම වැටුණු අතර, මට කල්පනාව නැති විය.

07. මට පියවි සිහිය ලැබුනේ, මාව හා දරුවන් දෙන්නාව ත‍්‍රීරෝද රථයෙන් රෝහලට ගෙනයන අතරතුරදීය.

08. මාව හා මාගේ බාලම දරුවාව රෝහලේ නවත්වා ගනු ලැබුවා. මාගේ දරුවාගේ දකුණු කකුලේ දනහිසට උඩින් අස්තිය බිඳී තිබින.

09. මා රෝහලේ දින 2ක් නේවාසිකව ප‍්‍රතිකාර ගත් අතර, දරුවා මාසයක් රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ගනු ලැබුවා.

10. මා රෝහලෙන් ටිකට් කැපූ දිනයේ, එනම් 2013.03.30 දින, තෙබුවන පොලිසියේ, පොලිස් සැරයන් වරයෙක් පැමිණ, මගෙන් කටඋත්තරයක් ගත්තා.

11. 2013.03.31 දින මා, මාගේ දරුවා සමග තෙබුවන පොලිසියට ගියා. එ් අවස්ථාවේ මගේ දරුවා ගෙන් ප‍්‍රකාශයක් ගත්තා. එම ප‍්‍රකාශය ගත්තේ රථවාහන අංශයේ ස්ථානාධිපති. එය කියවා තේරුම් කර දුන්නේ නැහැ. අත්සනක් ගත්තේ නැහැ.

12. එදින මගේ රියදුරු බලපත‍්‍රය ලබාගෙන, තාවකාලික බලපත‍්‍රයක් නිකුත් කලා.

13. 2013.04.07 දින පොලිසියෙන් කැඳවීමක් කලා. මා එහි ගියා. එදින මාගේ යතුරු පැදියේ හප්පන ලද යතුරු පැදියේ ගමන්ගත් අය වන - නෑබඩ, වරකාගොඩ පදිංචි මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ සේවය කරන ලාල් නැමැති අයද, පාර පනින ලද නෑබඩ පියසේන නැමැති අයද පැමිණ සිටියා.

14. අපගෙන් සිද්ධිය පිළිබඳව, රථවාහන අංශයේ ස්ථානාධිපති විමසා සිටියා.

15. විස්තර අසා සිටීමෙන් අනතුරුව, කලයුත්තේ කුමක්ද යන්න ඔහු විමසා සිටියා. මා ඉල්ලා සිටියා සාධරණය ඉටු කරන ලෙසට. අනෙක් යතුරු පැදිකරු - ලාල් තමන්ට රු: 20,000/=ක අලාභයක් අවශ්‍ය බව කියා සිටියා.

16. පාර පනින ලද වසන්ත නැමැති අය තමන්ටද වන්දියක් අවශ්‍ය බව කියා සිටියා.

17. ස්ථානාධීපතිවරයා, තවුරුත් සමාදාන වෙන්න කැමකි නැහැනේ, නඩු දැමීමට පියවර ගන්නා බව පවසා - අපගෙන් අත්සන් ගත්තා.

18. 2013.06.23, ඉරිදා(පෝය දින*, පොලිසියට පැමණෙන ලෙසට කරන ලද කැඳවීම අනුව- පොලිසියට ගියා. එදින ලාල් නැමැති අයද පැමිණ සිටියා. එදින, අප දෙන්නාව ස්ථානාධිපතිවරයා හමුවට යොමු කලා.

19. එ් අවස්ථාවේ ස්ථානාධිපතිවරයා, මට කියා සිටියා, දැන් ඔයා වරදකරුවා වෙලා තියෙනවා, මොකද කියන්නේ කියා.

20. මම කිව්වා එහෙමනම්, මම මාගේ පාඩුව විඳගෙන සමාදාන වෙන්න කැමතියි කියා.

21. ස්ථානාධිපති -  ලාල් නැමැති අයගෙන් මොකද කියන්නේ කියා ඇසුවා. ඔහු රු: 20,000/= අලාභය අවශ්‍ය බව කිව්වා.

22. ඊට පසුව නැව අපට රථවාහන අංශයට යන්න කිව්වා. අප එහි ගියා. රථවාහන අංශයේ ස්ථානාධීපති එ් අවස්ථාවේදීත් අපෙන් දැන් මොකද කියන්නේ කියා ඇසුවා. මම සමාදාන වෙන්න කැමති බව ප‍්‍රකාහ කලා. ලාල් නැමැත්තා තමාට අඩුම වශයෙන් රු: 15,000/=ක් අවශ්‍ය බව කියා සිටියා. මම එකඟ වුනේ නැහැ. එහෙනම් නඩුදාන බව ප‍්‍රකාශ කලා.

23. 2013.07.02 වන දින, මා මාගේ තාවකාලික රියදුරු බලපත‍්‍රය අලූත්කරවා ගන්න ගිය අවස්ථාවේ, ස්ථානාධීපතිවරයාගෙන් විමසා සිටියා, නඩුවේ තත්වය කුමක්ද කියා. ඔහු කිව්වා මේ මාසේ 16 වන දිනට නඩු පවරන බව.

24. මා මේ සම්බන්ධයෙන් සාධාරණය ඉටු කරගන්නට දෙපාරක් කලූතර සා.පො.අධිකාරී හමුවුනා. එ් අවස්ථාවේදී දැනගන්න  ලැබුනා මා  ”වැරදිකරු” කර නඩුදාන්න සූදානම් වන බව.

මා ඉල්ලා සිටින්නේ, 

මතුගම මහේස්ත‍්‍රාත් අධීකරණයේ සේවය කරන ලාල් නැමැති අයගේ අවශ්‍යතාවයට, මාහට පමණක් නඩු පවරා, මා පීඩාවට පත්කර, අයුතු ලෙසට මාගෙන් වන්දි ලබා ගැනීමට දරන උත්සාහය වලක්වා - සාධාරණය ඉටු කරන ලෙසටයි.


ජී.කේ. සුගත් සේනාධීර

පිටපත -
    පොලිස්පති
    පොලිස් මූලස්ථානය,
    කොළඹ.