"පාසල් සිමාවේ හිටියොත් ප්‍රින්සිපල් ඩොන් - ගෙදර ගියොත් අම්මා ඩොන් " යන්න ප්‍රින්සිපල් මුර්ගයකු කරයි.



හර්ෂි සි. පෙරේරා 

2013.07.15 දින ශාමලී කුසුම් කාන්ති ගුණතිලක පහත දැක්වෙන ලිකිත පැමිණිල්ල ජනසන්සදයේ සහය ඇතිව මානව හිමිකම් කොමිසම, පොලිස්පති ,ළමා ආරක්ෂක අදිකාරිය සහ කාන්තා හා ළමා කාර්යාංශය ඇතුළු වගකිවයුත්තන්ට යොමු කළාය. ඕෂන් ප්රෝබද සම්පත් 15 හැවිරිදි ඇගේ දෙවැනි පුතාය. ඔහු හොරණ ශ්‍රී මෙදන්කර මහා විදුහලේ 11 වසර ඒ ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. 2013.06.26 දින සුපුරුදු පරිදි පාසල් ගියා. ඕෂන් උදේ 9.30 ට පමණ නැවත බඩ අල්ලා ගෙන ගෙදර පැමිණියේය. ඒ ගැන විමසු විට ඔහු කිවේ තමාට හොදටම විදුහල්පති පහරදුන් බවයි. ඒසේ පහරදීමෙන් පසු ගෙදර ගොස් අම්මව එක්කරගෙන වරෙන් යනුවෙන් පවසා ඇත. ඔහුගේ මුහුණ ඉදිමි ඔලුව ගෙඩි ගැසී තිබුණි. කනේ ලේ බිදුවක්ද වැක්කරි තිබුණි. කාන්ති වහාම සිය පුතාව හොරණ මුලික රෝහලට ගෙන ගොස් තිබේ. ඔෂන්ගේ කන් බෙරය පුපුර ඇති බව අනාවරණය විය. ඔෂන්ට මෙසේ පහරදීමට හේතුව කුමක්ද? 2013 ජුනි 21 දින පාසලේ සීල වියාපාරයක් විය. ඒ ජුනි 23 පොසොන් පෝය වෙනුවෙනි. එදින ඕෂන් සාමාන්‍ය ඇදුමෙන් පාසලට දානය ගෙන ගිය අතර ඔහුව මුරකරු පාසල ඇතුලට ගත්තේ නැත. ඔහු හිස් බාජන මුරකරුගෙන් ඉල්ලු විට කියා ඇත්තේ පාසැල් සිමාවෙන් පිටතට වෙලා හිටපන් යනුවෙනි. එවිට ඕෂන් පාසල් සිමාවේ හිටියොත් ප්‍රින්සිපල් ඩෝන් ගෙදර ගියොත් අම්මා ඩෝන් යනුවෙන් පවසා තිබේ. මිට හේතුව ඕෂන් ගේ මව දානේ ගෙන ගිය බාජන නැතිව ගෙදර එන්න නම් එපයි කීමයි. විදුහල්පති පහර දීමට හේතුවුයේද ඔෂාන්ගේ මෙම ප්‍රකාශයයි. චයාරුපයේ සිටින්නේ ඔෂන්ගේ මව සහ පියායි.

01. සභාපති,
    මානව හිමිකම් කොමිෂන් සභාව, 
    165, කිංසි පාර,
    කොළඹ 08. 

02. පොලිස්පති
     පොලිස් මූලස්ථානය,
     කොළඹ.

03. සභාපති,
    ළමා ආරක්ෂක අධිකාරිය,
    330, තලවතුගොඩ,
    මාදිවෙල.

04. ස්ථානාධිපති
    16, සුබෝධා ගොඩනැගිල්ල,
    පාගොඩ පාර,
    නුගේගොඩ.

ලිඛිත පැමිණිල්ල

මැස්ටියගේ ශ්‍යාමලී කුසුම් කාන්ති ගුණතිලක, අවු: 44යි, ජා.හැ.අ.685670747ඪ, දරුවන් 03යි, ස්වයං රැුකියවක නිරත වෙමි.
ලිපිනය : 135/1, අරමනාගොල්ල, හොරණ. 073117833.
2013.07.15 දිනදීය.

කලූආරච්චිගේ ඔෂාන් ප‍්‍රබෝධ සම්පත් කලූආරච්චි, අවු: 15යි, උපන් දිනය : 1997.06.05 මාගේ දෙවෙනි දරුවා වේ.

හොරණ, ශ‍්‍රී මේධංකර මහා විදුහලේ 11 වසර එ් ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.

2013.06.26 දින, මාගේ පුතා සුපුරුදු පරිදි - පාසලට ගියා. දහවල් 9.30 පමණ වන විට ඔහු බඩ අල්ලාගෙන ගෙදර ආවා. 

මා ඔහුගෙන් පුතේ මොකද වුනේ කියා ප‍්‍රශ්ණ කලාම, විදුහල්පති මට හොඳටම ගැහුව්වා, ගහලා ගෙදර පලයන්, ගිහින් අම්මා එක්කරගෙන වරෙන් කියා පැවසූ බව කිව්වා.

ඔහුගේ මුහුණ ඉදිමිලා තිබුනා. ඔලූව ගෙඩි ගැහිලා තිබුනා. කණෙන් ලේ බිංදුවක් වැක්කිරිලා තිබුනා.

මමත්, සැමියාත් එක්ව වහාම පුතාව හොරණ මූලික රෝහලට ගෙන ගියා.

පුතාව, රෝහලේ ධඡුෘ එකට අරන් ගිහිල්ලා පුතාට, විදුහල්පති පහර දුන්න බව ප‍්‍රකාශ කලා.

පුතා ඔහුට ගහපු සිද්ධිය කිව්වා. කණට ගහපු විදිහ, අතින් මිට මොලවා ගහපු හැටි - දණ හිසෙන් බඩට ඇනපු හැටි කිව්වා.

පුතාව ධඡුෘ එක අසල කාමරයක ඇඳට දමා පරීක්ෂා කලා. කණ් බෙරය පුපුරා ඇති බව ප‍්‍රකාශ කලා.

එම රෝහලේ සිටියදී, 2013.06.29 සෙසුරාදා පුතාව නාගොඩ රෝහලට ගෙන ගියා. එ් කණ පරීක්ෂා කිරීම සඳහා. නාගොඩ මහා රෝහලෙන් පුතාව ගෙන ආ පසුව, ටිකට් කැපුවා. එවිට වේලාව පස්වරු 2.00 පමණ වේ. 

පළමු දිනයේ එනම්, 2013.06.26 දින පුතා ධඡුෘ එකේ කාමරයේ ඉන්න කොට, රෝහල් පොලිසියෙන් ඇවිත් ප‍්‍රකාශයක් ගත්තා කියලා පුතා කිව්වා.

තවද, 26 වෙනිදින, ඉස්කොලෙන් පන්නා දමන්නට පෙර, විදුහල්පති පුතාගෙන්, ලියුමක් ලියවාගෙන තිබෙන බවද පුතා ප‍්‍රකාශ කලා.

හොරණ මහා රෝහලේ රෝහල් පොලිසියෙන් අපිට කිව්වා, හොරණ පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න කියලා.

එ් අනවු, හොරණ පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් දැම්මා. පැමිණිල්ල ලියාගත් බවට ලදුපතක් දුන්නා. එහි දිනය 2013.06.27 වන අතර, එහි අංකය 71/344 ක්‍ෂඊ 2 වේ.

මාගේ පුතාට පහරදීම ගැන, හොරණ කලාප අධ්‍යාපන කාර්යාලයට ගියා. එහිදී අපිට ලියා දෙන්න කිව්වා. එ් අනුව ලියා දුන්නා. 

කිසිම පියවරක් පොලිසියෙන් හෝ කලාප අධ්‍යාපන කාර්යාලයෙන් කිසිදු පියවරක් ගත්තේ නැත.

එයින් පසුව ප‍්‍රතිකාර ලබා දුන්නා. 

2013 ජූලි 08 සඳුදා - පුතාව පාසලට යැව්වා. එදින පංති භර ගුරුවරයා වන සුජීව, පුතාට කියා තිබුනා හෙට එන කොට අම්මවත් එක්කගෙන ඇවිත් ප‍්‍රින්සිපල් හමුවෙන්න කියලා. 

පුතා එයින් පසුව, පාසල් යෑමට බැහැ කිව්වා. එම සතියේ පාසල් ගියේ නැහැ.

2013 ජූලි 15 අද දින, පාසල් යැව්වා. අද වාර විභාග පටන් ගන්න නිසා.

මෙම සිද්ධියට පසුබිම

01. 2013 ජූලි 23 පොසොන් පෝය දින වෙනුවෙන්, 2013 ජූනි 21 දින පාසලේ සීල ව්‍යාපාරයක් තිබුනා. 

02. එම සීල ව්‍යාපාරයට - මගේ දරුවන් දෙන්නා - අර්තාපල් කිලෝ 1 1/2ක් තෙල් දමා, ඉඳිආප්ප 250ක් සහ කොළ මිටි 05ක මැල්ලූමක් පොරොන්දු වී තිබුනා.

03. මා එම දානය පිලියෙල කොට, ගෙදර භාජන වලට දමා, මගේ දෙවෙන පුතා වන ඔෂාන් ප‍්‍රබෝධ සම්පත් අත පාසලට යැව්වා. එවිට වේලාව පෙරවරු 10.30ට පමණ ඇති.

04. පුතා භාජන අරන් අවේ, ප:ව:1.30 ට පමණ.

05. මගේ  පුතාට විදුහල්පති 2013.06.26 දින පහරදීලා තිබුනේ, දානය අරන් යෑම පිළිබඳව ඇති ප‍්‍රශ්ණයකට බව පුතා පැවසුවා.

ඔහු පැවසූ අන්දමට

පුතා දානය අරන් ගියේ සාමාන්‍ය ඇඳුමින් නිසා, පාසලේ මුරකරු, පුතාට පාසල ඇතුලට යන්න දීලා තිබුනේ නෑ.

දානය ඔවුන් - මුරකරු අරගෙන, පාසල තුලට ගොස් බාරදී තිබුනා.

පුතා දහවල් 12.30 ට පමණ මුරකරුගෙන් භාජන ටික ගෙනත් දෙන්නයි ඉල්ලා තිබුනා.

එවිට මුරකරු - පොඞ්ඩක් පාසැල් සීමාවෙන් එලියට වෙලා හිටපල්ලා කියා තිබෙනවා.

මගේ පුතා එවිට ඔහුට කියා තිබෙනවා - ”පාසල් සීමාවේ හිටියොත් ප‍්‍රින්සිපල් ඩෝන් - ගෙදර ගියොත් අම්මා ඩෝන් ” කියා. 

මෙහෙම කියන් න හේතුව, මම පුතාට දානය අරන් යනකොට කිව්වා, භාජන නැතුව නම් ආපහු එන්න එපා කියා. මෙම කීමට තමයි විදුහල්පති ගහලා තියෙන්නේ.

මා ඉල්ලා සිටින්නේ,

1. ශ‍්‍රී රේවත විදුහලේ විදුහල්පතිවරයාට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසටයි.

මෙම විදුහලේ විදුහල්පතිවරයා මීට පෙරද අපරාධ රැුසක් කර ඇත. ඔහු නීතියට ඉහලින් බව ප‍්‍රසිද්ධ කාරණයකි.

2. මාගේ පුතාට, බාධාවකින් තොරව අධ්‍යාපන කටයුතු කර ගැනීමට අවශ්‍ය ආරක්ෂාව සලසන ලෙසට ඉල්ලමි.


එම්. ශ්‍යාමලී කුසුම් කාන්ති ගුණතිලක