ආණ්ඩුවෙන් ගෙවල් හිඟමන් අයදින ලාංකික කලාකරුවා




අමිල  ගුණරත්න 

ලංකාවේ ඕනෑම  කලාකරුවෙකු දෙන මාධ්‍ය සාකච්ඡාවක් දෙස බලන්න. සාකච්ඡාව අවසානයේ කලාකරුවා ආණ්ඩුවෙන් පිනට ගෙයක් අයදියි. සරීර සනීපය හොඳින් තියන කාලයේ මුදල් හම්බ කරන මොවුන් බොහෝ  දෙනෙකු දෙයක් දොරක් ගැන හිතන්නේ විශ්‍රාම යන විටය. ඒ අතින් බලන කල වැසිකිලි අමදින කම්කරුවා මේ ලාංකික   කලාකරුවන්ට වඩා  අදීන බැවින් යුක්තය. ඔහු පොඩියට ටකරන් වලින් හෝ ගෙයක් අටවා ගනී. ඔහු ආණ්ඩුවෙන් හෝ වෙනත් බලධාරියෙකුගෙන් ගෙවල් හිඟමන් යදින්නේ නැත.  ඒ අතින් බලන විට ලාංකික  කලාකරුවාට  වැසිකිලි  අමදින කම්කරුවා ගෙන්   බොහෝ දේවල් ඉගෙන   ගැනීමට තිබේ.