කෙවින්ගේ ආණ්ඩුවේ කාන්තාවෝ ගොඩයි.



හර්ෂි සි. පෙරේරා 

අලුතෙන් පත්වූ ඕස්ට්‍රේලියානු අගමැති කෙවින් රුද්ගේ කබිනේට්ටුවට කාන්තාවන් 11 දෙනෙකු පත්වී ඇත. මෙය වාර්තාගත වුවකි . මිට ඉහත ජුලියා ගිලාඩ් ආණ්ඩුවේ සිටියේ කාන්තාවන් 09 දෙනෙකු පමණි. මෙම කාන්තා නියෝජනය ආර්ථිකය වර්දනය කිරීම අරමුණු කරගෙන සිදුවූවක් බවත් මෙහිදී දක්ෂතාවයට මිස ස්ත්‍රී පුරුෂ සමාජ බාවයට අවදානය යොමු නොකලබවත් කෙවින් කියා සිටි. කෙවින් රුද් ගිය බදාදා කම්කරු පක්ෂයේ නායකත්වයට පත්විය. වික්ටෝරියානු සෙනෙට ජසින්ටා කොලින්ස් මානසික සවුක්ය පිළිබද කැබිනට් ඇමතිනිය ලෙසත් කතලින් කින් ප්‍රාදේශීය ඔස්ට්‍රේලියාව පිළිබද ඇමතිනිය ලෙස සහ ජුලි කොලින්ස් නිවාස ,නිවාස අහිමි, සහ කාන්තාවන්ගේ තත්වය පිළිබද ඇමති දුර සදහා පත්විමට නියමිතව තිබේ. මෙම කැබිනෙට්ටුව අද එනම් සදුදා දහවල දිවුරුම්දීමට නියමිතය.