තවත් බොරු නඩුවක්.



හර්ෂි සි පෙරේරා 

පත්මසිරි ප්‍රනාන්දු 33 හැවිරිදි අවිවාහක රැකියාව සුපවේදී වූ 110 ඒ පරගහවත්ත කලුදවල පානදුර පදිංචි පුද්ගලයෙකු වේ. ඔහු 2013.06.28 දින මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට සහ නීතිපතිට පහත සදහන් ලිකිත පැමිණිල්ල ජනසන්සදයේ සහය ඇතිව යොමු කරන ලදී. ඒ බම්බලපිටිය පොලිසිය ඔහුව නීතිවිරෝදී ලෙස අත්අඩංගුවට ගෙන රදවාගෙන පැවරු බොරු නඩුව ගැනයි.

01. සභාපති
    මානව හිමිකම් කොමිෂන් සභාව
    165, කිංසි පාර,
    කොළඹ 08.

02. එන්.කේ. ඉලංගකෝන් මහතා
    පොලිස්පති
    පොලිස් මූලස්ථානය
    කොළඹ 01.

03. පාලිත ප‍්‍රනාන්දු මහතා
    නීතිපති
    නීතිපති දෙපාර්තමේන්තුව
    කොළඹ 12.

වෙනත් කෙනෙකුට පැවරිය යුතු නඩුවකට ආදේශ කර නඩු පැවරීම

මදප්පුලි ආරච්චිගේ පත්මසිරි ප‍්‍රනාන්දු වයස අවු: 33 යි, (800370191 ඪ* අවිවාහක, 
රැුකියාව : සූපවේදී (හොට්ස්පොට්-බම්බලපිටිය* ලිපිනය : 110/එ්, පරගහවත්ත, කළුදෑවල, පානදුර.  2013.06.28 දින දීය.

2013.06.27 වන දින දහවල් 12.25 ට පමණ,  මා 28/1/එ්, වජිර පාර, කොළඹ 04 හි  සේවය කරමින් සිටියදී, එකී සේවා ස්ථානයට බම්බලපිටිය පොලීසියේ නිලධාරින් 3 දෙනෙකු නිල ඇඳුමින් පැමිණ, අපවිත‍්‍ර ජලය පාරට මුදාහැර ඇති බවට ඞී.අයි.ජී.මහත්තයෙකුගෙන් පැමිණිල්ලක් ඇති බවත්, මා සූපවේදී බැවින් මා කැඳවාගෙන එන ලෙසට ස්ථානාධිපතිවරයා පැවසූ බවත් කියමින් මාව බම්බලපිටිය පොලීසියට රැුගෙන ගියා.

එහි පරිසර එ්කකයට මාව ගෙනගිය අතර, මාව පොලීසියට රැුගෙන ආ නිලධාරියෙකු පොතක මොනවද ලිව්වා. ඔහු උප පොලිස් පරික්ෂකවරයෙකු බව පසුව දැනගත්තා. ඔහු එසේ ලියන ගමන් මගෙන් ලිපිනය අසා ලියා ගත්තා. වෙනත් කිසිදු දෙයක් මාගෙන් විමසුවේ නැහැ. පසුව මගේ හැඳුනුම්පත ඉල්ලා සිටියා. මා එය ප‍්‍රතික්ෂේප කර, මා මෙම සිද්ධියට කිසිදු සම්බන්ධයක් නැති බව පවසා සිටියා.

එවිට එම නිලධාරියා මට, ”මොන හු.... කියන්නේ” යනුවෙන් කුණුහරුපයෙන් බැනවැදී, පහරදීමට සැරසුණා. මා හැඳුනුම්පත දුන්නා. එය ගෙන එහි විස්තරද ලිව්වා. නමුත් වෙනත් කිසිදු දෙයක් මගෙන් විමසුවේ නැහැ. එම පොතේ පිටු 2 1/2 ක් පමණ ලිව්වා. එහි මොනවා ලිව්වාද කියා මම දන්නේ නැහැ. මගෙන් අත්සනක් ගත්තේ නැහැ. එ් අවස්ථාවේ මා සේවය කරන ආයතනයේ හිමිකරුද පැමිණියා.

පසුව වෙනත් නිලධාරියෙකු මගේ පර්ස් එකත්, ජංගම දුරකථනයත්, බඳපටියත්, ලේන්සුවත් අරගත්තා. මට කූඩුවට යන්න කිව්වා. එ් අවස්ථාවේදීත් මා කිව්වා මෙයට මා කිසිසේත් අදාළ නොවන බව. ආයතනයේ හිමිකරුද පවසා සිටියා මාව කූඩුවට දැමීමට අවශ්‍ය නැති බව. නමුත් බලහත්කාරයෙන් මාව කූඩුවට දැම්මා. ස්ථානාධිපතිවරයා පැමිණෙන තුරු සිටින ලෙස කිව්වා. පැය 3ක් පමණ කූඩුවේ සිටින විට ස්ථානාධිපතිවරයා පැමිණියා. පසුව මාව එළියට ගෙන ඇප ලබා දුන්නා. එ් අවස්ථාවේ කියා සිටියා, 2013.07.01 වන දින උසාවියට පැමිණෙන ලෙසත්, නඩුවක් තිබෙන බවත්.

මා අත්අඩංගුවට ගත් නිලධාරින් මා හට දුටුවහොත් හඳුනාගත හැකියි.

මා ප‍්‍රකාශකර සිටින්නේ, මා කිසිසේත්ම අදාළ නොවන සිද්ධියක් සම්බන්ධයෙන් මා අත්අඩංගුවට ගෙන, ව්‍යාජ ලෙසට නඩු පැවරීම නීති විරෝධී බවයි.

තවද, මට 2013.07.01 වන දින කොළඹ අලූත්කඬේ මහේස්ත‍්‍රාත් අධිකරණයේ අංක 05 පාරිභෝගික අධිකරණයට පැමිණෙන ලෙසට දෙන ලද උපදෙස් මත මා එදින අධිකරණයට ඉදිරිපත් වන බව ප‍්‍රකාශ කරමි.

නමුත් මට කිසිසේත් අදාළ නැති කාරණයකට, වෙනත් කෙනෙකුට පැවරිය යුතු වරදක් සම්බන්ධයෙන් මා ආදේශ කර, වරදකරු කිරීමට ගන්නා උත්සාහය පිළිබඳව පැහැදිළිකර, නිවැරදිකරු බව ප‍්‍රකාශ කරමි.

එහෙත් එ් සඳහා මා හට අවස්ථාවක් ලැබේවිද යන්න මා නොදනිමි.

එබැවින් මා ඉල්ලා සිටින්නේ,

1ග මා නීති විරෝධී ලෙසට අත්අඩංගුවට ගෙන, ර`දවා තබාගෙන, ව්‍යාජ නඩුවක්  පවරා මගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන ලද බම්බලපිටිය පොලීසියේ අදාළ නිලධාරීන්ට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසටත්,

2ග මා හට පවරා ඇති ව්‍යාජ නඩුව ඉල්ලා අස්කර ගන්නා ලෙසටත්ය.

 
එම්.එ්. පත්මසිරි ප‍්‍රනාන්දු