සාරන්ගාට මානව හිමිකම් කොමිසමත් කෙනෙහිලිකම් කරයි.



හර්ෂි සි. පෙරේරා

 අද ඉරිදා 2013.06.02 දහවල් 12.15ට සරන්ගා මානව හිමිකම් කොමිසමේ හදීසි ඇමතුම් අංකයට කතා කර තම පැමිණිල්ල කල විට එයට උත්තර දී ඇත්තේ කොමිසමේ නිලදරිනියකි. ඇය අවශ්‍යතාවක් නැති බව කියා නම නොකීවා පමණක් නොව සාරංගාගේ පැමිණිල්ල සම්බන්දයෙන් මැදිහත්වීමද ප්‍රතික්ෂේප කර ඇත. 

 නම ;- සාරංගා සේනාදීර
 වයස ;- 20 
රැකියාව ;- ඇගලුම් සේවිකා 
 ලිපිනය ;- බටපොත, වල්ගම, බණ්ඩාරගම. 

ඇගේ සැමියා නිරෝෂ පුෂ්ප කුමාරය. ඔහු අද උදේ 10.30 ට වාද්දුව පොලිසියට අත්සන් කිරීමට ගිය විට බණ්ඩාරගම පොලිසියේ උපදෙස් පරිදි බව කියා අත්අඩංගුවට ගෙන කුඩුවට දමා තිබේ. ඔහු සෑම සතියකම ඉරිදට වාද්දුව පොලිසියට අත්සන් කිරීමට යයි. ඒ පානදුර මහදිකරණයේ 2509 මිනීමැරුම් නඩුවේ විත්තිකරු ලෙස ඇප කොන්දේසි සපුරාලීමටය. මිට පෙරද බණ්ඩාරගම පොලිසිය ඔහුට එරෙහිව වියාජ කුඩු නඩුවක් පැවරු අතර පොලිසියේ උපදෙස් පරිදි වරදකරුයයි කියා දඩ මුදලක් ගෙවා තිබේ. දැන් නැවතවරක් බණ්ඩාරගම පොලිසිය උත්සහ කරන්නේ ඔහුට විරුද්දව බොරු නඩුවක් පැවරීමටය. සාරංගා මේ පිලිබදව අද මානව හිමිකම් කොමිසමට සහ පොලිස්පතිට ලිකිතව පැමිණිලි කලාය.