ඉන්දියාව ;- එළුවන් කන්නයි මන් ආවේ !



හර්ෂි සි. පෙරේරා

ඉන්දියාවේ චෙන්නායිහි දකුණු නගරයකදී පොලිසිය සිය මොටර්රතයකට අලාබ හානි කලයි එළුවන්ව රදවා ගෙන තිබේ. එනම් එළුවන් තිදෙනෙක් අල්වා රදවාගෙන ඇත. මෙය ටයිම්ස් ඔෆ් ඉන්දියා වාර්තා කර තිබිණි. මෙම නවතම රථය පොලිසියට ලැබී ඇත්තේ මිට දින දෙකකට පෙරය. එළුවන් ප්‍රදේශවාසීන්ගේ වාහන වලට හානි කිරීම ගැන ප්‍රසිද්දියක් උසුලන අතර පොලිස් වාහනයට අලාබ හානි කිරීම රතු ඉර පැනීමට හේතු විය. එළුවන් 12 දෙනෙකු පමණ පොලිස් රථයට අලාබ හානි කලද ඉන් තුන්දෙනෙකු අල්ලා පොලිස් ස්ථානයට ගෙන ගොස් පරීක්ෂණ පවත්වනු ලැබිය. ඒ එළුවන්ගේ අයිතිකරු පිළිබදවය. 37 හැවිරිදි අයිතිකරුවූ මේරි අරෝග්නතන්ට නොසැලකිලිමත් ලෙස සතුන් හැසිරවීම පිළිබද චෝදනා එල්ලවූ අතර අදාල සතුන්ව සත්ව ආරක්ෂක සමිතිය වෙත බාර දෙන ලදී.