සාරන්ගාගේ සැමියාට අමානුෂික ලෙස වදහිංසා පැමිණවීම දිගටම.



හර්ෂි සි. පෙරේරා

ඇප කොන්දේසියකට වාද්දුව පොලිසියට ගිය සාරංගගේ සැමියාව අත්අඩංගුවට ගැනිණි. ඔහු දැන් බණ්ඩාරගම පොලිසියේ සිටින අතර ඔහුට අමානුෂික ලෙස වදහිංසා පමුණුවනු ලැබේ. ඔහුගේ ඇස් වලට සහ පුරුෂ ලිංගයට කොච්චි මිරිස් දමා තිබේ. ඔහුගේ තත්වය අසාද්‍ය බව සරන්ගා පවසන්නීය. මේ තත්වය වලක්වන ලෙස මානව හිමිකම් කොමිසමට දිගින් දිගටම පැමිණිලි කලද තවම වැඩක් වී නැත. ඇය සිය සැමියාට වදහිංසා පැමිණවීම සහ බොරු නඩු දැමීමේ උත්සාහය නතර කරන්නයි අදද 2013.06.04 පොලිස්පතිට සහ මානව හිමිකම් කොමිසමට ලිකිතව පැමිණිලි කළාය.