වදහින්සාවට පාත්‍රවූ කෙන්යානුවන්ට බ්‍රිතාන්යෙන් වන්දි.



හර්ෂි සි. පෙරේරා

1950 දී යටත් විජිත පාලන සමයේ මාවූ මාවු කැරැල්ල ඇති විය. එහිදී වදහින්සාවට පාත්‍ර වු කෙන්යානුවන්ට වන්දි ගෙවීමට බ්‍රිතාන්‍ය එකග වූ බව විදේශ ලේකම් විලියම් හේග් ප්‍රකාශ කරයි. එහිදී සේවාදායකයින් 5,228 කට ඇමෙරිකන් ඩොලර් මිලියන 30.8 ක් ගෙවීමට නියමිතව තිබේ. හේග් බ්‍රහස්පතින්දා මේ වදහිංසා පැමිණවීම පිලිබදව අවංකව සිය කනස්සල්ල ප්‍රකාශයට පත් කළේය. මෙම එකගතාවය වදහිංසා වූ බව පැවසෙන සාක්ෂි ඇති සියලුම සේවාදායකයින්ට හිමිවන බව ඔවුන්ගේ නීතිඥවරයා පවසයි. මේ කැරැල්ල කෙන්යාවේ කිකුයු ජනතාව අතරින් පැන නැගුනු අතර එයට පක්ෂ ජනයා තම රටේ බ්‍රිතාන්‍ය අදිරාජ්‍යවාදයට විරුද්දව දරුණු අරගලයක නිරත විය. කෙන්යානු මානව හිමිකම් කොමිසම පවසන ආකාරයට මේ කැරැල්ලේදී කෙන්යානුවන් 90,000 ක් ජිවිතක්ෂයට පත්වූ අතර 1,60,000ක් රදවා ගෙන සිටින ලදී. ලන්ඩනය මෙම මාවූ මාවූ කෘතහස්තයින්ගේ නයිතික අරගලය නතර කර දැමීමට වසර 03 ක් තිස්සේ උත්සහ කල බව වාර්තා වේ.