මතුගම පොලිසිය;- නීතිඥ බලපෑමට අනුරට දෙතිස් වද දෙයි.



හර්ෂි සි. පෙරේරා

 නම;- අරුණ නිලුපුල් ඉන්දික.
 වයස;- 39 
විවාහක 
 දරුවන් ;- 01 
රැකියාව ;- කලා ශිල්පී. 

මතුගම අදිකරණයේ කටයුතු කරන අනෝමා සිරිවිරගේ නිවස හොරු බිද ඇත. ඇගේ සැමියා සහ මතුගම පොලිසියේ නිදාරින් පැමිණ මේ පිලිබදව අත්අඩංගුවට ගන්නේ අරුනවය. ඒ 2013 මැයි 27 දිනදීය. පසුදින ඔහුව පොලිස් නිල නිවස වෙත රැගෙන ගොස් තිබේ. ඉන්පසු කොච්චි ඉස්ම ඇස් වලට වත් කරමින් ඔහුට දෙතිස් වද දී ඇත. මෙහිදී මතුගම පොලිසිය නවතම වදහිංසා පැමිණවීමේ ක්‍රමද හදුන්වා දී තිබේ. කොච්චි ඔහුගේ ලින්ගික අවයව වලටද ඇතුලත් කර ඇති අතර එම ඉස්ම ගුද මාර්ගයටද ගොස් තිබේ. එවිට ඔහුට ගුද මාර්ගයෙන් යමක් එලියට එනු දැනී ඇති අතර දැන් ඒ තත්වය දිගටම පවතියි. මිට අමතරව ඔහුට පහරදී ඇත. මේ ආකාරයට පැය 4 1/2 ක් පුරා වද දී ඇත. ඔහුගේ විදේශික මිත්රයකුද පොලිසියට පැමිණි අතර ඔහු පොලිස් අදිකාරි හා කතා කිරීමෙන් අනතුරුව අරුනව පොලිස් ඇප මත මුදා හැර තිබේ. අරුණ මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට සහ මතුගම ජෙෂ්ට පොලිස් අදිකාරී වෙත යොමු කල ලිකිත පැමිණිල්ල පහතින් දැක්වේ. 

01. සභාපති,
    මානව හිමිකම කොමිෂන් සභාව,
    165, කිංසි පාර,
    කොළඹ 08.

02. පොලිස්පති
    පොලිස් මූලස්ථෘනය,
    කොළඹ.

03. ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී,
     ජේ්‍ය.පො.අ.කාර්යාලය,
     මතුගම.

ලිඛිත පැමිණිල්ල

මඩවල මද්දුමාගේ ෙදාන් අරුණ නිලූපුල් ඉන්දික, අවු: 39 , විවාහක, දරුවන් 01යි, රැුකියාව : කලා ශිල්පී
ලිපිනය : මහගෙදර, දේවාල පාර, වැලිපැන්න.

2013 මැයි 06 දින, උදේ 9.00 පමණ, මතුගම අධිකරණ නීතිඥවරියක් වශයෙන් කටයුතු කරන අනෝමා සිරිවීර මියගේ සැමියා මා හමුවට පැමැණියා.

ඔහු මට කතාකොට, මගේ නිවස හොරු කඩලා තියෙනවා, එ්කට මට ඔයාව සැකයි කිව්වා.

මම ඔහුට කිව්වා මා කවදාවත් හොරකම් කරන කෙනෙක් නෙවෙයි. මම සර්ලාගේ ගෙදර පේන්ට් වැඩ හොඳටම කලානේ. සර්ලාත් මට සැලකුවා කියා.

මම බලාගන්නම් කියා, ඔහු යන් ගියා. ඊට පසුදින 2013 මැයි 27 දින සවස 3.30ට පමණ, මා මාගේ එලවලූ කොටුවේ වැඩ රමින් සිටින විට, කෙනෙක් නිලූපුල් කියා කතා කලා.

මම එවිට දැක්කා, මගේ ගෙදර ඉදිරිපිට නීකිඥ අනෝමා සිරිවීර මියගේ සැමියා සහ පොලිස් නිලධාරින් දෙදෙනෙක් සිටිනවා.

මගේ අතේ, මා වැඩකරමින් සිටි මන්නය තිබුනා. පොලිස් නිලධාරියෙක් මන්නේ ඔහොම දාලා වරෙන් කිව්වා. මම මන්නය බිමින් තියා, ඉදිරියට ගිය ගමන්, මගේ අත්දෙක අල්ලා මාංචු දැම්මා. මම පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලූවා මන්නය ඉස්සරහා කාමරයට විසි කරන්න, මට මඩ හෝදගන්න ඉඩ දෙන්න කියා. මන්නය එක් නිලධාරියෙක් අරන් කාමරයට විසි කලා. මඩ සෝදගන්න ඉඩ දුන්නේ නැහැ.

මීටර් 100ක් විතර එහායින් නවත්වලා තිබුන ජීප් එක ලඟට මාව ගෙන ගොස් නංවා ගත්තා.

මට මාංචු දැම්මේ අත්පිටුපසට කරලා. මම ජීප් රථය තුලදී ඉල්ලූවා, ඉන්න අපහසුයි, මාංචු දෙක අත් ඉස්සරහට අරන් දාන්න කියා. නමුත් එය කලේ නෑ.

මතුගම පොලිසියට ගෙන ආ මාව, කූඩුවට දැම්මා.

මාව පොලිස් අත්අඩංගුවට ගත්තේ මතුගම පොලිසියේ අපරාධ අංශයේ රවීන්ද්‍ර පුෂ්ප කුමාර. ජිප් රථය පැදවූයේ ඔහු. නීතිඥ අනොමා සිරිවීර මියගේ සැමියාද ජීප් රථයෙන්ම පොලිසියට ආවා.

මා කූඩුව ඇතුලේ ඉන්න කොට, සිවිල් ඇඳුමින් සිටි නිලධාරියෙක් වරින් වර කූඩුව ලඟට ඇවිත් උඹ නැහැ නේද කියන්නේ, ඇත්ත දැනගන්න විදිහ අපි දන්නවා කියා කිව්වා.

රාත‍්‍රී 8.00ට විතර, මගේ බිරිඳ, දරුවා, මගේ පියා මාව බලන්න පොලිසියට ආවා. කෑම ගෙනත් දුන්නා.

පසුදින, 2013 මැයි 27 දින දහවල් 1.00 ට පමණ මාව කූඩුවෙන් එළියට අරන් මාංචු දමා, බෙල්ලෙන් අල්ලාගෙන පොලිසියේ පිටුපස පිහිටි නිල නිවාසයකට ගෙන ගියා. ඇතුලට ගෙන ගිය ගමන් සාලයේ බිම වාඩි කෙරෙව්වා.

එහි කෑම මේසයක් හා පුටු තිබුනා. මාව ගෙන ආ, එක් නිලධාරියෙක් අතේ කොච්චි මිරිස් පාර්ෂලයක් තිබුනා. ඔහු එය මේසය උඩ තැබුවා.

පොලිස් නිලධාරී රවීන්දු පුෂ්ප කුමාර හිටියේ නිල ඇඳුමින්. අනෙක් දෙදෙනා හිටියේ සිවිල් ඇඳුමින්.

පොලිස් නිලධාරී රවීන්ද්‍ර පුෂ්ප කුමාර, එක් නිලධාරියෙක් මට කිව්වා ඇත්ත කියපන් කියලා. අපිට ග‍්‍රයින්ඩරයක් විකුණන්න ගිය බවට , ඇත්ත කියපන්, අපෙන් ගුටි කන්නේ නැතිව, ගුටි කෑවොත් ආයෙත් උඹට රස්සාවක් කරන් කන්න වෙන්නේ නැහැ කිව්වා.

මම කිව්වා මම ගත්තේ නැති දෙයක්, නොකරපු දෙයක් සොරකම් ගැන කියන්නේ නොහොමද, මොනව කලත් නැහැ තමයි කියන්න තියෙන්නේ කියලා. ඉන් පසු පොලිස් නිලධාරී රවීන්ද්‍ර පුෂ්ප කුමාර එහි තිබූ සපත්තුවක් තුල තිබුන මේස් එකක් ගත්තා. එ්ක තුලට මේසය උඩ තිබ්බ කොච්චි දැම්මා. අතේ තිබුන අඩි 1 1/2 - 2ක් පමණ වන එස්ලෝන බටයෙන් , මේස් එක තුල තිබූ කොච්චි මිරිස් තැලූවා. එ්කට වතුර ටිකක් දැම්මා.

මාව බිම දිගා කලා. එතැනට පැමිණි තරුණ නිලදාරියෙක් මගේ සරම ගලවා විසි කලා. ඊට පසු ඔහු මා ඇඳ සිටි යට කලිසම ඇද පාත් කලා. ඉන් පසු ඔහු මගේ කකුල් දෙකේ විලූඹ පාත්කර තදකර අල්ලා ගත්තා. අනෙක් නාලධාරියා මගේ කොණ්ඩෙන් අල්ලා පොලවට තද කලා.

එයින් පසුව, රවීන්ද්‍ර පුෂ්ප කුමාර මේස් එක මිරිකමින් මගේ ඇස් වලට මිරිස් ඉස්ම වක්කලා. ඇස් ඇතුලට මිරිස් ඉස්ම යන්න ඔලූව අල්ලාගෙන හිටි නිලධාරියා, එක් අතකින් මගේ ඇස් වැසෙන්නට නොදී අල්ලා ගත්තා.

මට දරා ගන්න බැරි වේදනාවක් ආවා. ඇස් නොපෙනී ගියා. එ් වෙලාවේ මම දැගලූවා. මූට ගාය වැඩියි කියමින් ඔවුන් මාව නැගිට්ටවලා ෂර්ට් උරහිස් පන්නලා, ඇද ෂර්ට් එක ගැලෙව්වා. අත්වල මාංචු වලට ෂර්ට් එක හිරවුනා. නැවත මා උඩුපෙලි අතට බිම පෙරලා, පුටු දෙකක් අරගෙන මගේ ඇඟ හිරවෙන්න තිබ්බා.

මගේ මුහුණ පැත්තට තිබූ පුටුවේ, රවීන්ද්‍ර පුෂ්ප කුමාර පොලිස් නිලධාරීවරයා වාඩි වුනා. එ් පිටුව තිබුනේ මගේ පපුව හිරවෙන්න.

අනෙක් පුටුවේ අනිත් නිලධාරියා වාඩි වුනා. ඔහු මගේ දණහිස් දෙක උඩ කකුල් තබාගෙන පොලවට තද කලා. අනෙක් නිලධෘරියා මගේ කකුල්වලට එහායින් පුටුවක් තබා එහි වාඩිවී, විලූඹ පහත්කොට, කකුල් වලින් පාගාගෙන හිටියා.

රවීන්ද්‍ර පුෂ්ප කුමාර, නැවත මගේ ඇස්වලට කොච්චි මිරිස් ඉස්ම මිරිකන්න පටන්ගත්තා. එසේ දාන අතර, යලි යලිත් ඇහුවා හොරකම් කලාද කියා. මම නැහැමයි කිව්වා.

එසේ කරලා, මූට මෙහෙම කරලා හරියන්නේ නැහැ කියා, පුටුවෙන් නැගිට පැමිණ පාත් වෙලා මගේ යට ඇඳුම් තවත් පාත් කරලා ඔහු අතේ තිබුන එස්ලෝන් බටයෙන් මගේ පුරුෂ ලිංගයේ මතුපිට සම පස්සට ඇද, කොච්චි මිරිස් ඉස්ම එතැන මිරිකා වක්කලා. එම ඉස්ම බේරී මාගේ ගුදමාර්ගයට ඇතුලූ වුනා. මා දැඩි වේදනාවෙන් පෙලූනා. ගුද මාර්ගයෙන් එලියට යමක් ආවා වගේ දැනුනා. මා මලපහ කරන වට, එ් තත්වය දැන් දිගටම ඇති වෙනවා.

එසේ මා වේදනාවෙන් පෙලෙන අතර, මගේ කකුල් දෙක පාගගෙන සිටිය තරුණ පොලිස් නිලධාරියා අසභ්‍ය වචන කියමින්, බොට නංගිලා දෙන්නෙක් ඉන්නවා නේද, දෙන්නම ”බඩු ” දෙකක් නේද ආදී වචන කියමින් මාව පීඩාවට පත්කලා.

එ් අතර මට මුත‍්‍රා කරන්න අවශ්‍ය වුනා. මම කෑ ගැසුවා. එවිට මාව නැගිට්ටවා එම නිවසේ පිටුපස වැසිකිලියකට ගෙන ගියා. නමුත් මට මුත‍්‍රා ගියේ නැහැ.

මට මුත‍්‍රා යන්නේ නැහැ කිවූ විට, එම පොලිස් නිලධාරියා පිටුපසට මාංචු මාංචු දමා අත් උඩට ඉස්සුවා. එවිට දකුණු අත උරහිස ලඟින් පැන්නා. දැඩි වේදනාවක් ආවා. ගෙඩියක් වගේ පිම්ඹුනා.

යන්නේ නැත්තම් වරෙන් යකෝ කියා මාව එළියට ඇදගෙන ආවා.

නැවත මාව ගෙන ආවා. පෙර පරිදිම මාව බිම උඩුබැලි අතට පෙරළා, මගේ කකුල් දෙක උඩ, දණීස් උඩ පොලිස් නිලධාරීන් පාගගෙන හිටියා. රවීන්ද්‍ර පුෂ්ප කුමාර නිලධාරියා යලිත් මගේ ඇස්වලට කොච්චි මිරිස් ඉස්ම වක්කරන්න පටන් ගත්තා.

එ් අතර ඔහුට දුරකථන පණීවුඩයක් ලැබී ඉන් ඉවත්ව ගියා. අනෙක් දෙන්නාද නැගිට්ටා. එක් අයෙක් අඩි 3ක් පමණ දිග කලූපාට පොල්ලක් ගෙන මගේ යටිපතුල්වලට පහර දුන්නා. ඊට පසු කකුල් දෙකේ යටි පතුල් වලට ගැහුව්වා.

ටික වේලාවකින් රවීන්ද්‍ර පුෂ්ප කුමාර නිලධාරියා තැනට ආවා. ඔහු  ඕකාට පොලූවලින් ගහන් එපා කියා, පොල්ල අරන් පැත්තකට දැම්මා. නැවත පෙර පරිදිම, ඇස්වලට, පුරුෂ ලිංගියට කොච්චි මිරිස් ඉස්ම වක්කලා. අනෙක් දෙන්නාද පෙර පරිදිම මගේ කකුල් උඩ නැග පාගගෙන හිටියා.

නැවත, රවීන්ද්‍ර පුෂ්ප කුමාර නිලධාරියාට දුරකථන පණීවුඩයක් ආවා. ඔහු මාගේ කකුල් දෙක පැත්තේ හිටියේ. විලූඹ පහත් කර පාගාගෙන හිටිය නිලධාරියාට කිව්වා, බස් එකේ පික්පොකට් කාරයෙක් අහුවෙලා අපි ඉක්මනට යන්න  ඕනි කියලා. ඔවුන් එ් අනුව ගියා.

පැයක් පමණ ගිය විට නැවත රවීන්ද්‍ර පුෂ්ප කුමාර නිලධාරියා හා අනෙක් නිලධාරියා ආවා. ඔහු කිව්වා ඔහොම මූට හොඳට බෙහෙත් දෙන්න  ඕනා කියලා. පෙර පරිදිම ඔවුන් මගේ ඇස්වලට, පුරුෂ ලිංගයට කොච්චි මිරිස් ඉස්ම වැක්කෙරුවා. අනෙක් දෙන්නා පෙර පරිදිම මගේ කකුල් උඩ නැග පාගා තද කරගෙන හිටියා.

එසේ කිරීමෙන් අනතුරුව මූව උඩට ගෙනියන්න යයි රවීන්ද්‍ර පුෂ්ප කුමාර නිලධාරියා කිව්වා. මාව නැගිට්ටෙව්වා. මගේ කකුල් එළියට නවා පාගාගෙන හිටිය තරුණ නිලධාරියා මාව කුස්සියට ගෙන ගියා.

එහිදී ඔහු මගේ මුහුණේ වතුර ගෑවා. කොණ්ඩය හරි ගැස්සුවා. අත්වල එල්ලමින් තිබූ ෂර්ට් එක හරිගස්සවා ඇන්දුවා. සරම ඇන්දුවා. මට ඔහු තර්ජණය කිරීමේ සිද්ධිය කාටවත් කියන්න එපා කියා කිව්වා. 

එයින් පසුව මාව පොලිසියටගෙන ආවා. එ් අතරතුර මාව එළීයේ සිටිමාගේ පියා මගේ ළඟට ආවා. ඔහු මාව දැක්ක ගමන් අඬන්න පටන් ගත්තා. එයින් පසු කූඩුවට ගෙනත් දැම්මා.

එතකොට වේලාව සවස 5.30 පමණ ඇති. මට පැය 4 1/2ක් පුරා වධ දුන්නා.

නැවත මාව කූඩුවෙන් එළීයට ගත්තා. එවිට සවස 6.00 පමණ ඇති. මාව අපරාධ අංශයට ගෙන ගියා. ගෙනිච්චේ මාංචු දාලා අපරාධ අංශයට යන විට, එහි රවීන්ද්‍ර පුෂ්ප කුමාර නිලධාරියා හා නීතිඥ අනෝම සිරවීරගේ සැමියා සිටියා.

එතැනදී යලිත් මට රවීන්ද්‍ර පුෂ්ප කුමාර තර්ජණය කලා. නීතිඥ අනෝමා සිරිවීරගේ සැමියා කිව්වා මූට මෙහෙම ගහලා මදි කියලා. එහිදී මට රවීන්ද්‍ර පුෂ්ප කුමාර කිවිවා මූට බෝම්බයක් දාලා යවනවා කියා. 
පසුව නැවත මාව කූඩුවට දැම්මා.

කූඩුවේ මම රැුයම ගත කලා. මට නින්ද ගියේ නැහැ. ඇස්වලට ”කබ” පිරී ඇස් අරින්න බැරි වෙනවා. මම වතුර බෝතලයෙන් වතුර අරන් ඇස් තෙමා ගත්තා.

පසු දින එනම් 2013.05.29 දින උදේ 6.00 වන විට මාව බලන්න, අයර්ලන්ත ජාතික හෙල් හිල් නැමැති අය ආවා.

ඔහුට මා විස්තරය කිව්වා. ඔහු එ් වේලාවේ ස්ථානාධිපති හමුවී විස්තරය කියා සිටියා. ඔහු කියා සිටියා මං ඇතුලේ ඉන්නකම් ඔහුද ඉන්නවා කියා. එසේ ඉන්නකොට රවීන්ද්‍ර පුෂ්ප කුමාර නිලධාරියා ආවා. ඔහු හෙල්ගෙන් ඇහුවා ඇයි කියා. ඔහු කිව්වා මා පෙන්වා, මේ ඉන්නේ මගේ හොඳම යාලූවා, ඇයි උඹට ප‍්‍රශ්ණයක්ද කියා. රවීන්ද්‍ර පුෂ්ප කුමාර නිලධාරියා කිසිවක් නොකියා යන්න ගියා.

හෙල් පොලිසියේ ඉදිරිපිට ඉන්න විට ඔහු ඉදිරියෙන් මෝටර් රථයක් නැවැත්වුවා. එයින් බැස්සේ පොලිස් අධිකාරී. ඔහු හෙල්ගෙන් විස්තර අසා දැනගත්තා. ඔහු නියෝග කලා මගෙන් ප‍්‍රකාශ අරන් පුද්ගලික ඇප මත මුදාහරින්න කියා.

එ් අතර මගේ බිරිඳ, පියා, මව, සොහොයුරා ආදිය පොලිසියට ඇවිත් හිටියා. පොලිසිය දැනුම් දුන්නා මාව ප:ව:3.30ට මුදාහරින බව.

ඊට පසුව මගෙන් ප‍්‍රකාශයක් ගත්තා. ඇහුවේ මගේ නම, වයස, ලිපිනය, රැුකියාව ආදී විස්තර. අත්සන් අරන් යන්න කිව්වා. එ් සමග කිව්වා ජූනි 01 ප‍්‍රියන්ත කියන හොරා ගැන විස්තර අරන් එන්න කියා. 

පොලිසියේදී මගේ දුරකථනය හා සිම් දෙකක් ගත්තා. එය ආපහු දුන්නේ නැහැ. මාව මුදාහරින අවස්ථාවේ රවීන්ද්‍ර පුෂ්ප කුමාර නිලධාරියා මට තර්ජණය කර කිව්වා, ඉස්පිරිතාලේ යන්න එපා, තැලූම් තෙල් ගා ගනින් කිව්වා. උඹ ලොකු තැනක වැඩකට සැකකරලා අරන් තියෙන්නේ, කොහේවත් යන්න එපා, ගිහිල්ලා අහුවෙන්න එපා කියා තර්ජණය කලා. 

මේ විස්තර ගත්තේ අපරාධ විමර්ශන අංශය තුල.

එයින ්පසුව, මාව රවීන්ද්‍ර පුෂ්ප කුමාර විසින් ස්ථානාධිපති ලඟට ගෙනගියා. ස්ථානාධිපති මට, පලවෙනිදාට  ප‍්‍රියන්තව සොයා දෙන්න කියා. එහෙම නැතිනම් මෙම සොරකමට විරුද්ධව උඹට සියයට පනහක් දාලා දෙන්නම් කිව්වා. 

2013 ජූනි 01 දින මම, පොලිස් අධිකාරී හමුවීමට ගොස්, පොලිසියෙන් අද එන්න කියපු බව, මට ගහපු බව ප‍්‍රකාශ කලා. ඔහු මට උපදෙස් දුන්නා පොලිසියටයන්න අවශ්‍ය නැහැ කියා.

මා ඉල්ලා සිටින්නේ, 

1. නීතිඥ අනෝමා සිරිවීරගේ සැමියාගේ අවශ්‍යතාවයට, මා නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන, අමානුෂික වධහිංසා පමුණුවා, මා දැඩි ශාරීරික හා මානසික පීඩාවට පත්කර, මාගේ මූලික අයිතිවාසිකම කඩ කරන ලද - මතුගම පොලිසියේ ස්ථානාධීපති හා අපරාධ අංශයේ රවීන්ද්‍ර පුෂ්ප කුමාර ඇතුලූ නම් නොදන්නා මුත් දුටුවොත් අඳුනාගත හැකි අනෙකුත් නිලධාරීන්ට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසත්, 

2. මට කල තර්ජණ අනුව - ඉදිරියේදීද මට මෙවැනි දේ කිරීමට ඉඩ ඇති හෙයින් එය වලක්වා මාහට ආරක්ෂාව සලසන ලෙසටත්ය.

එම්.එම්.ඞී.අරුණ නිලූපුල් ඉන්දික