ස්නෝඩන් මොස්කව් ගුවන්තොටුපලේ හුවමාරු පර්යන්තයේ



හර්ෂි සි. පෙරේරා

 රුසියානු ජනාධිපති වල්ඩිමර් පුටින් පවසන්නේ ඇමෙරිකානු රහස් ඔත්තුකරුට පිටත්වයාහැකි බවත් එ් හේතුවෙන් ඇමෙරිකානු හා රුසියානු සබදතා වලට හානියක් නොවන බව තමන් අපේක්ෂා කරන බවයි. ඇමෙරිකානු රහස් ඔත්තුකරු ෙමිවන විට රුසියාවේ මොස්කව් ගුවන්තොටුපලේ හුවමාරු පර්යන්තයේ රුදි සිටින බව වාර්තා වේ. කේසේවුවද පුටින් ජනාධිපතිවරයා ඔහුව ඇමෙරිකාවට භාර දෙන බවක් සදහන් කර නොමැත. ස්නොඩන්ට විරුද්ධව රහස් සැපයිම පිළිබද චෝදනාව ඇමෙරිකාව එල්ල කළේ ඔහු ජාතික ආරක්ෂක එජන්සිය මිලියන ගණන් ජනතාවගේ අන්තර් ජාල සහ දුරකථන ක‍්‍රියාකාරකම් පිලිබදව ඔත්තු බලන ආකාරය බටහිර පුවත්පත් වලට හෙලිදරව් කිරිමත් සමගයි. ඇමෙරිකාව හොංකොං ස්නොඩන්ට පලායාමට ඉඩදිම ගැන චිනය දැඩිව විවේචනය කරනු ලැබේ. නමුත් චිනය පවසන්නේ ඇමෙරිකානු චෝදනා පදනමි විරහිත පිළිගත නොහැකි එ්වා බවයි. රුසියාව සහ ඇමෙරිකාව අතර පුද්ගලයින් අදාල රටවලට ආපසු භාරදිම පිළිබද ගිවිසුමක් නැත. මේ අතර ඉක්වදෝරය ස්නොඩන්ගේ රැුකවරණ ඉල්ලිම සලකා බලමින් සිටි. ඉක්වෙදාරයේ රැුකවරණය ලබා සිටින විකිලික්ස් වෙබිඅඩවියේ ඔත්තුකරු ජුලියන් අසන්ගේ පවසන්නේ ස්නෝඩන් යහපත් සවුක්යෙන් සහ ආරක්ෂාකාරිව සිටින බවයි. නමුත් හෙතෙම ඔහුගේ ගමන් බිමන් හෙලිකර නොමැත.