නෙල්සන් මැන්ඩෙලා

හර්ෂි සි. පෙරේරා

මේ සදුදාට දකුණු අප්‍රිකාවේ හිටපු ජනාදිපති නෙල්සන් මැන්ඩෙලා රෝහල්ගතව දින 17ක් සපිරිණි. ආණ්ඩුව පවසන ආකාරයට ඔහු රෝහල්ගතව සිටින්නේ පෙනහළු අබාදයකට වන අතර දෙසැම්බර් මස සිට ඔහු රෝහල්ගතවූ 04 වන අවස්ථාව මෙයයි. වත්මන් ජනපති ජාකොබ් සුමා මැන්ඩෙලා වෙනුවෙන් යාඥා කරන්නයි දකුණු අප්‍රිකානු ජනතාවගෙන් ඉල්ලා සිටියේය. ඔහු ප්‍රතිකාර ලබන්නේ අගනුවර වූ ප්රිටෝරියා හි රෝහලකය. මාද්‍ය සාකච්චාවකදී තමා වයිද්‍යවරයකු නොවන බැවින් මැන්ඩෙලා ගේ තත්වය ගැන පැවසීමට නොහැකි බව සුමා ප්‍රකාශ කළේය. ඔහු මෙහිදී මන්දෙලාව හැදින්වූයේ ප්‍රජාතන්ත්‍රවාදයේ පියා ලෙසයි. 1994 දි වර්ණබේදවාදය නිමා කරමින් මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ජනාදිපතිවරයා බවට පත්විය. ජාතිවාදී පාලන සමයේ මැන්ඩෙලා වසර 27 ක් සිරගතව සිටි අතර වසර 23 කට ඉහතදී නිදහස ලැබිය. ඒ 1990 වසරේදීය. ලොව බොහෝදෙනෙක් ඔහුව දකින්නේ සංහිදියාවේ සංකේතය ලෙසයි. මැන්ඩෙලා ගේ සවුක්ය තත්වය තීරණාත්මක වුවද ඇමෙරිකානු ජනාදිපති බැරක් ඔබාමා දකුනු ඇමෙරිකානු සංචාරයක නිරතවන බව ජනාදිපති සුමා සදුදා මාද්‍ය හමුවේ ප්‍රකාශ කළේය. මැන්ඩෙලා ගේ කලින් බිරිද විනි මැන්ඩෙලා සහ දියනිවරුන්ද සදුදා මැන්ඩෙලා බැලීමට රෝහලට පැමිණ ඇත. ඔහුගේ වැඩිමහල් දියණිය මාද්යට කියා ඇත්තේ අපේ පියා ලෝකයට බොහෝදේ ලබාදී ඇති බවත් අපේ ජිවිත වල වැදගත් කාල පරිච්චේද වල ඔහු තමන් අතර නොසිටි බවත්ය. විශාල ජනතාවක් මැන්ඩෙලා බැලීමට රෝහලට පැමිණෙන අතර ඔවුන් පිටව යන්නේ රෝහල් බිත්තිවල පණිවිඩ සටහන් කරමිනි.