"අනිවාර්යෙන් අල්ලා කුඩු හයිකෝට් එකක් දානවා !"- මොරටුව පොලිසිය



හර්ෂි සි පෙරේරා

 මොරටුව පොලිසිය දිගින් දිගටම මෙසේ බොරු නඩු දමන බවට තර්ජනය කරන්නේ අංක 404, මෝදර ,මොරටුවේ පදිංචි 50 හැවිරිදි හෙවෆොන්සේකගේ විසේන්ති වික්රමසිරි ෆොන්සේකාටය. මොරටුව පොලිසිය මෙසේ පළිගන්නට හේතුව ඔහු 80649 නඩුවේදී නිවැරදිකරු බව ප්‍රකාශ කිරීමයි. ඔහු අද 2013.06.26 දින ජනසංසදයට පැමිණ මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට සහ ගල්කිස්ස ජෙෂ්ට පොලිස් අදිකාරී වෙත යොමු කල ලිකිත පැමිණිල්ල දැන් ඔබට පහතින් දැක ගත හැක. 

01. සභාපති
    මානව හිමිකම් කොමිෂන් සභාව
    165, කිංසි පාර,
    කොළඹ 08.

02. පොලිස්පති
    පොලිස් මූලස්ථානය
    කොළඹ 01.

03. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී
    ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය
    ගල්කිස්ස.

බොරු නඩුවක් දමා රිමාන්ඞ් බාරයට පත් කරනු ලබන බවට තර්ජනය කිරීම හා 
බොරු නඩු දැමීම වළක්වන ලෙසට කරනු ලබන ඉල්ලීම

හේවාෆොන්සේකාගේ විසෙන්ති වික‍්‍රමසිරි ෆොන්සේකා වයස අවු: 50 යි, (631590942 ඪ* විවාහක, දරුවන් 05 යි. රැුකියාව : වෙළඳාම්. ලිපිනය : 404, මෝදර, මොරටුව.  2013.06.26 දින දීය.

1ග 2013.06.25 වන දින, මොරටුව පොලීසියේ රත්නායක නමැති නිලධාරියාද, මොරටුව - මෝදර පොලීසියේ ස්ථානාධිපති අනිල් ද මා නිවසට පැමිණ මා කොහේදැයි විමසා, ”අනිවාර්යයෙන් අල්ලා කුඩු හයිකෝට් එකක් දානවා” කියා තර්ජනය කොට ගොස් තිබේ.

2ග මෙයට පෙර, 2013.06.21 වන දින හා 2013.06.22 වන දින ද මා නිවසට මොරටුව පොලීසියෙන් පැමිණ, මා ගැන විමසා කුඩු හයිකෝට් එකක් දමන බවට තර්ජනය කොට ගොස් තිබිණ. 

    (අ* එ් සම්බන්ධයෙන් මා විසින් 2013.06.24 වන දින ෆැක්ස් මගින් කළ පැමිණිල්ලෙන් ඔබ    
        දැනුවත් කරනු ලැබීය. එම පැමිණිල්ල මේ සමග අමුණා ඇත.

3ග 2007 වසරේදී මට විරුද්ධව කුඩු ජාවාරම් කළා යැයි ”බොරු” නඩුවක්, මෝදර පොලීසිය පැවරුවේය. එම නඩුවේ චෝදනා වලට මම නිවැරදිකරු බව ප‍්‍රකාශ කළ අතර, මාව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි.

4ග වසර තුනක් මම රක්ෂිත බන්ධනාගාර ගතව සිටියෙමි. දැන් ඇප මත සිටිමි. එක් ඇප කොන්දේසියක් වන්නේ, සෑම ඉරුදිනකම මෝදර පොලීසියට ගොස් පෙනී සිට අත්සන් කිරීමයි.

5ග එ් අනුව මා සෑම ඉරිදා දිනකම ගොස් අත්සන් කළේය. නමත් 2013.06.23 වන ඉරිදා අත්සන් කිරීමට ගියේ නැත. එ්, පොලීසියට ගිය විට මා අත්අඩංගුවට ගන්නා බවට තර්ජනය කර තිබූ නිසාය.

6ග මා 2013.06.23 වන ඉරිදා මොරටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ නීතිඥ ෂර්මිලා මහත්මිය හමුවී, මා සමග පොලීසියට පැමිණ අත්සන් කිරීමට අවස්ථාව සලසාදෙන ලෙසට ඉල්ලා සිටියා.
7ග නීතිඥ ෂර්මිලා මහත්මිය මා හට උපදෙස් දී කියා සිටියේ, 23 වන ඉරිදා අත්සන් කිරීමට නොයන ලෙසටත්, 25 වන දින අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වා සිටින ලෙසටත්ය. ඇය එම කරුණු අධිකරණයට දැනුම්දෙන බවද කියා සිටියාය.

8ග එ් අනුව, මා නීතිඥ ෂර්මිලා මහත්මිය මගින්, 2013.06.25 වන දින මොරටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ පෙනී සිටියෙමි. මාගේ නීතිඥ මහත්මිය අධිකරණයට කරුණු දක්වා සිටියාය. මට ඊළඟ ඉරිදා එනම්, 2013.06.30 වන දින මෝදර පොලීසියට ගොස් වාර්තා කරන ලෙසට දැනුම්දෙන ලදි.

මා ප‍්‍රකාශකර සිටින්නේ, මේ ආකාරයෙන් මට විරුද්ධව යළිත් වරක් බොරු නඩුවක් පැවරීමට මොරටුව හා මෝදර පොලීසියේ නිලධාරීන් උත්සාහ කරන්නේ, පොලීසියේ උපදෙස් වලට පටහැනිව මා, 80649 නඩුවේදී නිවැරදිකරු බව කියා සිටීම නිසා බවයි.

තවද, 2013.06.22 වන දින, මොරටුව පොලිසියේ රත්නායක නමැති නිලධාරිවරයා යටතේ ඔත්තුකරුවෙකු වශයෙන් වැඩ කරන, මෝදර පදිංචි සංජීව නමැති අය මා හමුවීමට පැමිණ, මට ප‍්‍රකාශකළා, කිසිම නඩුවක් දාන්නේ නැති බව පොලිස් නිලධාරී රත්නායක මහතා පොරොන්දු වෙනවා, හැබැයි පොලීසිය දෙන මුදල් අරගෙන ගිහිල්ලා හෙරොයින් විකුණන තැනකින් ”කැට තුනක්” අරන් දෙන්න කියා. 

ඔවුන්ගේ උත්සාහය වූයේ මාව ඔත්තුකරුවෙකු වශයෙන් තබාගැනීමට. මම එයට එකඟවූයේ නැහැ. මම කියා සිටියා දැන් මගේ දරුවොත් ලොකුයි, මම කිසිම වැරදි වැඩකට සම්බන්ධ වෙන්නේ නෑ, උදව් කරන්නෙත් නෑ කියා. මෙ යමට විරුද්ධව බොරු නඩුවක් දැමීමට හේතුවක් කරගෙන ඇති බවත් ප‍්‍රකාශ කරමි.

මා ඉල්ලා සිටින්නේ,

මෙම පසුබිම යටතේ, මොරටුව පොලීසිය හෝ මෝදර පොලීසිය හෝ මා අත්අඩංගුවට ගෙන බොරු නඩුවක් දමා යළිත් වරක් රක්ෂිත බන්ධනාගාර ගත කරවීමට ගන්නා උත්සාහය වළක්වාලන ලෙසටය.


එච්. විසෙන්ති වික‍්‍රමසිරි ෆොන්සේකා