අසාර්ථක රාජපක්ෂ පවුල් පාලනයට මේ මිනීමරුවන්ගේ සේවාව අවශ්‍ය වී ඇත




 ප්‍රේමචන්ද්‍ර පවුලේ සහෝදර සහෝදරියන් -

මුල්ලේරියාවේ සිවු පුද්ගල ඝාතනයේ ප්‍රධාන  සැකකරුවකු වන ආර්  දුමින්ද සිල්වා කොළොඹ  නවලෝක රෝහලේ සුඛෝපබෝගී මාලයක මහජන මුදලින් විවේකීව සිටි  බව  අප කවුරුත් දන්නා කරුණකි .  ඔහු  නවලෝක රෝහලින් අප්‍රේල් 27 වෙනි   සෙනසුරාදා උදේ නික්ම ගියේ  ඔහුට විරුද්දව ගොනු කර ඇති  මිනීමැරුම් චෝදනාවෙන් නිදහස් වන  පෙර නිමිති  මුළු ලොවටම විදහා පාමිනි . ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට සිවු පුද්ගල ඝාතනයක  සැකකරුවකු  මල් වෙඩි මධ්‍යයේ  රටේ නායකයාගෙන් ආශීර්වාද ලබා ගැනීම පිණිස රජ ගෙදරට පිටව ගියේ මුළු මහත්  ශිෂ්ට සම්පන්න සමාජයට අපහාස කරමිනි.


ඇත්තෙන්ම අප මේ දැක බලවත්  කම්පාවට පත්වූයෙමු. මෙයට හේතු වුයේ ශ්‍රී ලංකාවාසී ජනතාවගේ බුද්දියටත් නිග්‍රහ කරමින්, ශ්‍රී ලංකා අධිකරණයත් හෑල්ලුවට ට ලක් කරමින් කරන ලද මෙම නාටකය දැකීමෙනි .

මෙම නාටකය දිග හැරෙද්දී අප මවිතයට පත් වුවාද ? නැත! මෙය මෙසේ සිදුවන බවට අප විසින් පසුගිය අවුරුදු එක හමාර තුලදීම පවසමින් සිටියෙමු. රාජපක්ෂ පවුල් ආණ්ඩුවේ මලේච්ච ක්‍රියාකාරත්වය පිලිබදව ප්‍රේමචන්ද්‍ර පවුලේ සහෝදර සහෝදරියන්ට මනා  අවබෝධයක් තිබුනෙමු, රාජපක්ෂවරුන් විසින් භාරතගේ  බ්රිද හරහා හිරුනිකා  විසින් ගෙනගිය අභීත අරගලය උපක්‍රමශීලිව දුර්වල කරපු ආකාරයත් අප හද පිරෙන වේදනාවෙන් බලා සිටියෙමු.

අප සහෝදරයා වන භාරත ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිවු පුද්ගල ඝාතනයට රාජපක්ෂ පවුල්  ආණ්ඩුව වග කිව යුතු බවඅප  අප තරයේ ප්‍රකාශ කර සිටින්නෙමු අප මේ ඝාතනයට පෙර ඔහුගේ ජීවිතය ආරක්ෂා කර දෙන මෙන්  රාජපක්ෂ සහෝදරයන් ඇතුළු ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගෙන්  ඉල්ලා සිටියෙමු. ඔවුන් එය නොසලකා හැරියා පමණක් නොව අද ඔවුන්  එම ඝාතනයේ හවුල් කරුවන් බවටත් මුළු ලොවටම ඔප්පු කල හමාරය.

මහජන මුදල් විවිධාකාරයෙන් කොල්ල කමින් කොළොඹ කොටස් වෙළද පොලේ කළු සල්ලි උපයන මාෆියාව නඩත්තු කරමින් රුපවාහිනී සහ ගුවන් විදුලි මාධ්‍ය  ආරම්බ කිරීමට එම කළු සල්ලි යොදවන මිනීමරුවන් පුම්බමින් සමාජ සභ්‍යත්වය සහ මූලධර්ම විනාශ කරන අධමයන්  අද  මහජනතාව දිගින් දිගටම මුලා කරමින් සිටින බව නොරහසකි.

මොවුන් මහජන මුදල් සහාසික ලෙස කොල්ලකමින් රටේ සාමාන්‍ය  පුරවැසියා ආර්ථික වශයෙන් පරිහානියට අද පත් කර ඇත. ඉතා නුදුරු අනාගතයේදීම ජනතාව මේ ආර්ථික අහේනියට විරුද්ධව නැගී සිටීමේදී ඔවුන්ව මර්ධනය කිරීමට මේ අසාර්ථක රාජපක්ෂ පවුල් පාලනයට විරුද්ධ නැග  එන ජනරැල්ල මැඩ  පැවැත්වීම ඔවුන්ට එදාට වැඩ අද මේ මිනීමරුවන්ගේ සේවාව අවශ්‍ය වී ඇත. ඒ නිසාවෙන්දෝ මේ අධම රාජපක්ෂ පාලනය විසින් නීතියේ රැහැනට අසුවූ සමාජ විරෝධීන් මිනීමරුවන් ක්‍රමානුකූලව නිදහස් කරමින් සිටින්නේ රටේ අධිකරණය පවා නොමග යවමින් නීතියේ මළගම සනිටුහන් කරමිනි. සත්‍ය  විකුර්ති කරමින්  අසත්‍ය  සත්‍ය ලෙස හුවා දැක්වන  මේ  අධමයින් පලවා  හැරීමේ කටයුත්තේදී අපගේ බූමිකාව අප අනිවාර්යෙන්ම ඉෂ්ට කිරීමට අධිෂ්ටාන  පූර්වකව බලාපොරොත්තු වෙන්නෙමු.

COLOMBO_TELEGRAPH