යුද අපරාද ;- ජමාට් නායකයාට මරණ දඩුවම


හර්ෂි සි. පෙරේරා

බංග්ලාදේශයේ මොහොමඩ් කැමරූ ජාමාන් නම් ජමාට් නායකයාට 1971 යුද්දයේදී නිරායුද පුරවැසියන් සමුල ගාතනය කිරීම සහ වදහිංසා පැමිණවීම සම්බන්දයෙන් යුද අපරාද විනිශ්ය අදිකාරියක් මරණ දඩුවම පමුණුවා ඇත. මේ පුද්ගලයා ජමාට් ඉ ඉස්ලාමි පක්ෂයේය. ඔහුට දැන් වයස අවුරුදු 59 කි. මෙය සිදුවුයේ බංග්ලාදේශය පකිස්ථානයෙන් නිදහස ලැබුණු 1971 යුද්දයේදීය. එවකට ඔහුට වයස අවුරුදු 19 කි. ඔහු නිරායුද මිනිසුන් 120 ක් සමුල ගාතනය කිරීමට අණ දී තිබේ. ඔහුගේ නීතිඥවරයා පවසන්නේ ඔහුට යුක්තිය අහිමිවූ බවත් දඩුවමට විරුද්දව අබියාචනා කරන බවත්ය. ජමාට් නිදහස් සටනේදී පකිස්ථානයට සහය දැක්වූ බව පිළිගන්නා නමුත් ඔවුන්ගේ නායකයින් යුද අපරාද කල බව ප්‍රතික්ෂේප කරයි. බංග්ලාදේශය පවසන ආකාරයට යුද්දයේදී මිනිසුන් මිලියන 03 ක් ජිවිතක්ෂයට පත්වී ඇති අතර කාන්තාවන් ලක්ෂ දෙකක් දුෂණය කිරීමත් බලෙන් මිලියන ගණනාවක් ඉන්දියාවට යැවීමත් සිදුව තිබේ.