ගලගොඩ අත්තේ ඤාණසාර ගේ නඩු කොපිය



ඩී දසුන් රාජපක්ෂ

 ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් නො 615 සද්දර්ම රාජිත විහාරය නාවල පාර යන ලිපිනයේ පදිංචි ගලගොඩ අත්තේ ඤාණසාර ට එදිරිව පවරන ලද නඩුව අනුව (නඩු අංකය 6315 / 2000 ) ගලගොඩ අත්තේ ඤාණසාර විසින් 2000 / 4/ 14 දින 6 ශ්‍රී 5444 වාහනය රාත්‍රී 2.00ට පමණ රියදුරු බලපත්‍ර නොමැතිව සේදවත්ත පාරේ දී පදවා ත්‍රීවිල් රථයක් හැප්පීම මගින් නො 245 / ඒ කොටුවිල වැල්ලම්පිටිය යන ලිපිනයේ පදිංචි මොහොමඩ් රිෆයි රවීන්ද්‍ර කුමාර් තුවාල ලබා තිබේ. අනතුර සිදුකිරීමෙන් පසු රියදුරු ගලගොඩ අත්තේ ඤාණසාර වාහනය නොනවත්වාම ධාවනය කොට ඇත. පසුව පොලිසිය විසින් වහනය නවතා ගලගොඩ අත්තේ ඤාණසාර ස්වසනාල පරීක්ෂණයට ලක් කිරිමෙන් පසුව ගලගොඩ අත්තේ ඤාණසාර අනතුර සිදු කල අවස්ථාවේ මත් පැන් පානය කොට සිටි බවට සනාථ විය. පවතී නඩු විභාගයේදී ගලගොඩ අත්තේ ඤාණසාර වරද පිළිගත් අතර , රුපියල් 12, 000 ක් දඩයක් ගෙවා නඩුව සමතයකට පත් කර ගන්න ලදී. (නඩු කොපිය නිකුත් කරන ලද්දේ කේ. එම් සිරිවර්ධන / රෙජිස්ට්‍රා රථ වාහන මහේත්‍රාත් අධිකරණය කොළඹ 12)