උඩුමහලෙන් බිමට දැමිමට පෙර චමිලාගේ ගෙල මිරිකා දූෂණය කරලා.


2007 වසරේ නොවැමබර් මස 12 වනදා මීගමුව රෝහලේ 6 වන මහලින් බිමට ඇද දමා තරුණියක ඝාතනය කර තිබුණි. මේ ඝාතනයට සැකකරු ලෙසින් මීගමුව රෝහලේ සිමාවාසික වෛද්‍යවරයෙක් වු සුදර්ශන බාලගේ  අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර තිබුණි.
මීගමුව මහාධිකරණයේදි මේ නඩුවේ සාක්ෂි විමසිම මේ දිනවල සිදුවෙමින් තිබේ.
2013 මැයි 6 වනදා එහි පැමිණි රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරි ප්‍රියන්ජිත් පෙරේරා මහතා සාක්ෂි දෙමින් පවසා තිබුනේ චමිලා දිසානායක මෙනවිය 6 වන මහලින් බිමට  වැටිමට පෙර දූෂණයට ලක්ව ඇති බවත් ඇගේ ගෙල මිරිකා බෙල්ල ද සපා ඇති බවත්ය.එමෙන්ම ඇගේ සිරුෙර් තුවාල 63 ක් නිරික්ෂණය කළ බවද තවදුරටත් ඔහු මෙහිදි ප්‍රකාශ කර තිබුණි.
මෙම නඩුව යළිත් 2013 මැයි 9වන දා කැදවිමට නියමිත අතර එදිනටද ලිඛිත සාක්ෂි ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.