පානදුර ප්‍රාදේශීය සබාව සිදුකරන මුදල් වංචාවක්.



හර්ෂි සි. පෙරේරා

මෙම ලිකිත පැමිණිල්ල 2013.05.08 දින මානව හිමිකම් කොමිසමට යොමු කලේ ඩි ඩබ් ඩි උපාලි චන්ද්‍රසිරි මහතාය. ඒ පානදුර ප්‍රාදේශීය සබාවේ තන්තිරිමුල්ල උප කාර්යාලය සිදුකරන රුපියල් 2334.90 ක මුල්‍ය වංචාවක් පිළිබදවයි. එම මුදල මාස 06 ක් තිස්සේ ගෙවීම පැහැර හැර තිබේ. මේ පිළිබද මිට ඉහත කරන ලද පැමිණිල්ල මානව හිමිකම් කොමිසමේ අංක එච් ආර් සි 4220/12 යටතේ ලියාපදිංචි කර ඇත. මෙම මුදල ඔහුට ගෙවන ලෙස බස්නාහිර පළාත් සබාවේ සහ පළාත් පාලන ආයතන වල ඉහල නිලදාරීන් පානදුර ප්‍රාදේශීය සබාවට නියෝග කලද ඉන් වැඩක් වී නැත. ඒ අනුව පානදුර ප්‍රාදේශීය සබාවේ තන්තිරිමුල්ල ශාකාව මෙම මුදල ගෙවීම වංචනිකව පැහැර හරින බව පැහැදිලිය.