චීනය ;- අංක 59 ළදරුවා වැසිකිලි බටයේ.




හර්ෂි සි. පෙරේරා

මේ පිරිමි ළදරුවාට නමක් නොමැති අතර අංක 59 ලෙස හැදින්වේ. නමුත් ඔහුගේ මුහුණ චීනය පුරා මිලියන ගණනක් ජනතාවට සහ සුබසිද්දිය පතන්නන්ට හුරුපුරුදුය. ඒ වැසිකිලි කානුවක සිරව සිටියදී ගිනි නිවන බටයින් විසින් ඔහුව බේරාගත් අනුවෙදිනිය කතා පුවත නිසාය. ඔහුව බෙරා දෙන ලෙස පළමු ඉල්ලීම කළේ ඔහුගේ අවිවාහක මවයි. ඇය මුලසිටම තමන් ගර්බනි බව ලෝකයාගෙන් වසන් කළාය. තනිව ජීවත්වූ මෙම ගැහැණිය කුලී නිවැසියකු වන අතර පොලිසියට ප්‍රකාශ කළේ තමන්ට ගබ්සාවකට යන වියදම පියවිය නොහැකි බවත් ඒ නිසා දරු උපත සෙනසුරාදා දහවල වැසිකිලියේදී සිදුවූ බවත් ළදරුවා වැසිකිලි බටයට ලිස්සා ගිය බවත්ය. චීනයේ ක්‍රියාත්මක එක් දරුවා ප්‍රතිපත්තිය නිසා උපත් පාලන රීතින් දැඩි වන අතර සමහරෙක් කියන්නේ දරුවන් අතහැරදමිම එහි ප්‍රතිපලයක් බවයි. මෙම උපත් පාලන රීතින් කඩකරන දෙමාපියන්ට විශාල වශයෙන් දඩ ගෙවීමට සිදුව ඇත. අවිවාහජ දරුවන් තවමත් චීනය සලකන්නේ අපකීර්තිමත් දෙයක් ලෙසයි. සමාජ මාද්‍ය ඔස්සේ මේ මවට හිමිවුයේ අඩු අනුකම්පාවක් වන අතර එක් පුද්ගලයෙක් බ්ලොග් අඩවියක සදහන් කළේ මෙවැනි දෙමාපියන්ගේ හදවත් වැසිකිලි වලවල් තරම්ම අපවිත්‍ර බවයි.