"ලොව ජීවත්වීමට සහ වැඩ කිරීමට සුදුසුම තැන ඔස්ට්‍රේලියාවයි."



හර්ෂි සි. පෙරේරා

 මෙසේ කියන්නේ ආර්ථික සහයෝගිතා සහ සංවර්දනය පිළිබද සංවිදානයක් විසිනි. යහපත් ජිවන දර්ශකය පිළිබද එම සංවිදානයේ දර්ශකයට අනුව එක්සත් රාජදානිය සිටින්නේ 10 වැනි ස්ථානයේය. එනම් ඇමෙරිකා එක්සත් ජනපදය , කැනඩාව සහ ස්කනදිනේවියානු රටවලට පිටුපසිනි. නමුත් 17 වැනි සහ 18 වැනි ස්ථාන වලට පිළිවෙලින් පත්වූ ජර්මනියට සහ ප්‍රංශයට වඩා බ්‍රිතාන්‍යයේ තත්වය යහපත්ය. සංගණනයට පාත්‍රවූ රටවල් 36 න් පහලම ස්ථානයේ පසුවන්නේ තුර්කියයි. ලොව ප්‍රීතිමත්ම කාර්මික රටවූ ඕස්ට්‍රේලියාවේ සවුක්ය සහ නිවාස ඉතා ඉහළ මට්ටමක පවතියි. ඕස්ට්‍රේලියාවේ ආයු කාලය අවුරුදු 82 ක් ලෙස සටහන් වේ. එහි ජනතාවගෙන් 90% ක් කියා සිටින්නේ ඔවුන් තම නිවාස පහසුකම් පිලිබදව තෘප්තිමත් බවයි.