HANDS



හර්ෂි සි. පෙරේරා

මේ දිනවල කොලබ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ජාත්‍යන්තර අද්යන කේන්ද්‍රයේ ප්‍රංශ චිත්‍රපට උළෙලක් පැවැත්වේ. අදාල විදේශ චිත්‍රපටිය තිරගත වීමට පෙර ශ්‍රී ලාංකීය තරුණ සිනමවෙදියකුගේ කෙටි චිත්‍රපටියක් විකාශනය වේ. අද ප්‍රේක්ෂකයින්ට දැක ගන්නට ලැබුනේ හැන්ඩ්ස් චිත්‍රපටියයි. චරිත වල මුහුණු නොපෙන්වයි. පෙම්වතිය ඇගලුම් කම්හලක සේවිකාවකි. පෙම්වතා හමුදා බටයෙකි. ඇගලුම් කම්හල් ශ්‍රමිකයින්ගේ දුක් ගැහැට සහ ඔවුන් ලිංගික සතුට ලබා ගන්නා සීමිත ඉඩකඩ එය දරිද්‍රතාවය විසින් සිමා කොට ඇති අයුරු මෙහි සිතුවම් වේ. මේ තරුණ සිනමාවේදියාට යන්නට තව බොහෝ දුර ඇත. කෘතිය සමාජ ප්‍රශ්නයක් සාකච්චා කරයි. තව දුරටත් කලාත්මක වූවානම් මැනවි. කෙසේනමුත් මෙවන් උළෙලකදී මෙලෙස තරුණ සිනමාවේදීන්ට අතදෙන වැඩපිළිවෙලක් තිබීම ගැන අපි සතුටු වෙමු.