ඥානසාරලාගේ ලෝකය සහ අපි



සේපාල් අමරසිංහ
 පැපරාසියා කර්තෘ / සංස්කාරක

 පැපරාසියා ජනවාරි - පෙබරවාරි 2013 කලාපයේ කවරය zමචං ඥානසාරZ සම්පූර්ණයෙන් ම පාදක වූයේ, මේ රටේ සිටිනා බෞද්ධ භික්ෂූන් අතුරින් සාපේක‍ෂව බෞද්ධ භික‍ෂුවක් ලෙස පිළිගත හැකි පුද්ගලයන් සහ එසේ නොවන ශ්‍රමනවේශධාරීන් අතර වෙනස රටේ මිනිසුන් හට දක්වා සිටින්නටයි. බොදුබල සේනා සංවිධානයේ අවිනීත ශ්‍රමනවේශධාරියා වන ගලගොඩඅත්තේ ඥානසාර නම් වූ පුද්ගලයා සාපේක‍ෂව හෝ බෞද්ධ භික‍ෂුවක් නොවන බව අප එම ලිපියෙන් සහ ඊට සමගාමීව පළවී ඇති ලිපි කෙරෙන් එකී කලාපයේ දි අවධාරණය කර ඇත. එය අප අවධාරණයෙන් සඳහන් කොට ඇත්තේ, බෞද්ධ භික‍ෂුව සහ මචං සාදුලා අතර ඇති වෙනස සනිටුහන් කිරීමක් ලෙසයි. 

2010 ජනාධිපතිවරණයේ දී ජෙනරාල් සරත් ෆොන්සේකාගේ ජයග්‍රහණය වෙනුවෙන් මහා මෙහෙයක් කළ ගලගොඩඅත්තේ ඥානසාර නම් මේ ශ්‍රමනවේශධාරියා එදා කැලණිය විහාරයේ දී ජෙනරාල් සරත් ෆොන්සේකා වෙනුවෙන් පැවැත්වුණු බෝධිපූජාව, සෙත් කවි ගායනයෙන් මෙහෙයවූ පුද්ගලයා බව එහි සිටි අය දනී. එසේම, ඉන් අනතුරුව කෝට්ටේ පංසලේ දී ජෙනරාල් සරත් ෆොන්සේකා වෙනුවෙන් පැවැති තවත් පිළිගැනීමක දී ජෙනරාල් ෆොන්සේකා වෙනුවෙන් තමා ගිනිතබා ගෙන සියදිවිහානි කර ගන්නවා යැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ද මෙම ශ්‍රමනවේශධාරියාමය. 

මොහු දේශපාලන අවස්ථාවාදියෙකි. පුද්ගලික චර්යාවෙන් ඉතාම නොහොබිනා පුද්ගලයකු වන මොහු ගැන කීමට බොහෝ දේ ඇත. ඥානසාර නම් මෙම ශ්‍රමනවේශධාරියා හට zමචං ඥානසාරZ කීමෙන් බුදුදහමට හෝ රටේ වෙසෙන සාම්ප්‍රදායික බෞද්ධ භික‍ෂුවට කිසිම හානියක් සිදුනොවන බවත් එය එසේ වන්නේ කෙසේද යන්නත් අප එකී ලිපියෙන් ද ඊට පසු පළ කළ පැපරාසියා අප්‍රේල්-මැයි 2013 කලාපයේ සංස්කාරක සටහනින් ද පැහැදිලිව දක්වා ඇත. උපුටා ගැනීම ඇත්තටම, අද දවසේ ඔය සිවුරු පොරවාගෙන ඉන්නා බහුතරයක් පුද්ගලයන්ට බෞද්ධ ධර්මය හෝ තමන්ගේ ආධ්‍යාත්මික වීමංසනය ගැන කිසිම හෝඩුවාවක් ඇත්තේ නැහැ. ඒඅ ය මහනකමට එන්නේම විවිධාකාර වූ වෙනත් හේතු කාරණා පදනම් කර ගෙනයි.

 ඒ නිසා. ඒ අයට මේ පිරිහිදු බෞද්ධ භික‍ෂුව කියන්නේ මොන විදිහේ කාර්යයක් මේ අරමුණ විදිහට තබා ගත්තු කෙනෙක් දකියන පූජනීය කාරණය ගැන කිසිම අදහසක් ඇත්තෙත් නැහැ. ඒ නිසා, මේ බහුතර පිරිස හැමවෙලාවේම හොයමින් ඉන්නේ මේ විදිහට චීවරයේම රැඳී හිටිමින්ම වෙනත් ගිහියන් වාගේ ලෞකික ජීවියෙක් ගත කරන්නේ කොහොම දැයි කියලායි. මෙතනදී මොවුන් අතපත ගාමින් හොයා බලන්නේ, ලෞකික ආකාරයට ලෝකේත්තර දිවියක් නිර්මාණය කර ගන්නේ කෙසේද හෙවත් ලෝකොත්තර දිවිය ලෞකික ආකාරයට හසු කර ගන්නේ කොහොමදැයි කියායි. අන්න ඒ තැනේදී තමයි, අපට අර පසුගිය පැපරාසියා කලාපයෙන් පෙන්වා දුන්නු මචං ඥානසාර මුණගැහෙන්නේ. මචං සාදුලා කියලා පැපරාසියා හඳුන්වන්නේ අර ඉහත ආකාරයේ දෙබිඩි ජීවිත ගත කරන හොර මහණුන්ටයි. ඒ වගේ හොර මහණුන්ට ගෞරවය කිරීමේ හෝ සිව්පසයෙන් සංග්‍රහ කිරීමේ කිසිම වුවමනාවක් අපට නම් ඇත්තේ නැහැ.

 ඒත් ඒ විදිහේ වටහා ගැනීමකින් තොරව සිවුරු හැඳි සියලූ දෙනා බෞද්ධ භික‍ෂූන් ලෙසට ගනිමින් ඔවුන් හැමදෙනාටම එක විදිහටම සිව්පසයෙන් සංග්‍රහ කරමින් ගෞරව ප්‍රණාම පිදීම සමහර අමනයින් කරනවා. ඒත් ඒ අමන රැළ අතරට අපි හසු වී නැහැ. එහෙම හසු නොවුණු තවත් බොහෝ පිරිසක් මේ රටේ ඉන්නවා. එහෙම ඉන්නා බව පහුගිය මචං ඥානසාර සමග එළියට ගිය අපට තවදුරටත් හොඳින්ම වටහා ගන්නට අවස්ථාව ලැබුණා. ඔවුන් වැනි අයට මේ මචං ඥානසාර හැඳින්වීම ගෙනාවේ පුදුම හාසේ‍යා්ත්පාදනයක්. ඒ අයට එකවරම හෝ දෙවැනි තුන්වැනිවරට වැටහුණා මේ හැඳින්වීම ඇතුළේ තියෙන ගැඹුරු සමාජ දේශපාලනය. ඒ හින්දා තමයි ඔවුන්ගෙන් සමහර අය කිව්වෙ, zඔව් මේ වගේ දේවල් කරන එක දැන් අවශ්‍යයි.Z කියලා. ඇත්තටම ඒ කියන කතාව හරිම සාධාරණයි. මොකද මේ මචං සාදුලා කීපදෙනෙක් මේ රටේ ප්‍රසිද්ධියේ හැසිරෙන ආකාරය නිසා මේ රටේ ජීවත්වෙන සමස්ත බෞද්ධ භික‍ෂූ පරම්පරාවටම සිද්ධවෙන්නේ පුදුම විදිහේ අපහසුතාවක්. 

ඒ අය කොහොමද මේ මචං සාදුලා වෙනුවෙන් පෙනී හිටින්නේ? අනික එහෙම නැත්තං, මේ මචං සාදුලා සහ නියම බෞද්ධ භික‍ෂූව අතර තියෙන ඛෙදුම් රේඛාව කෙනෙක් සටහන් කරන්නේ කොහොමද? ඔන්න ඔය වගේ බරපතළ ප්‍රශ්නයක් මේ සමාජය තුළ මෙතෙක් තිබුණා. ඒත් මචං ඥානසාර හැඳින්වීම සහ විග්‍රහයක් එක්කම ඒ ප්‍රශ්නයට ඉතාම සාර්ථක පිළිතුරක් මුළු සංඝ සමාජයටම වගේම බෞද්ධ ගිහි සමාජයටත් ඉතාම පහසුවෙන් සොයා ගන්නට ලැබුණා. ඒ තමයි, නියම බෞද්ධ භික‍ෂුව සහ මචං සාදුලා. සත්‍යවශයෙන්ම හොයලා බැලූවොත් දැනගන්නට ලැඛෙයි, මේ දෙඛෙදුම සලකුණු කිරීම ගැන මොනතරම් නියම බෞද්ධ භික‍ෂූන් සංඛ්‍යාවක් ඉන්නේ මොනතරම් පහන් හැඟීමකින් ද කියලා. ඒ නියම භික‍ෂූන් දන්නවා, මචං ඥානසාර කීම කිසිම විදිහටම නියම බෞද්ධ භික‍ෂූන් වන තමුන්ට හානියක් වූ දෙයක් නොවෙයි කියා.

 ඒක හේතුව තමයි මේ අපි පෙන්වා දුන්නු මචං සාදුලා තමුංගේ ගෝස්තවාරදී කටයුතු සේරම කරගන්නෙත් අර කියන නියම බෞද්ධ භික‍ෂූන්ගේ නාමය ආපයට තියාගෙන වූ නිසයි. පැපරාසියා - අප්‍රේල් - මැයි කලාපය 2013 උපුටා ගැනීම අවසන් එදා ඇස්මානයේ පැවැති ජෙනරාල් සරත් ෆොන්සේකාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව දේශපාලන ඉත්තෙකු වී ප්‍රයෝජන ලබන්නට අවස්ථාවාදීව කටයුතු කළ ඥානසාර මෙදා ආරක‍ෂක ලේකම් ගෝඨාභය රාජපක‍ෂගේ දේශපාලන අතකොළුවක් බවට පත් වී ඇති ආකාරය සදය සිනා උපදවන සුලූය.

 තවද, මේ කියන ඊනියා බොදුබල සේනා සංවිධානයේ සභාපති ලෙස කටයුතු කරන කිරම විමලජෝති නම් ශ්‍රමණවේශධාරියා ගැන ද කියන්නට බොහෝ දේ ඇත. නැදිමාල, ඇන්ඩර්සන් පාරේ බෞද්ධ මධ්‍යස්ථානය පිහිටුවා ඇති ඉඩම තම අයිතියට පවරා ගත් ආකාරය ගැන එම ඉඩමේ කලින් පදිංචිව වැඩ හිටි භික‍ෂුවගේ පවුලේ ඥාතීන් කරන ප්‍රකාශ මීට අදාළව ඉතා වැදගත්ය. නමුත් ඔවුන් දැනට මේ තොරතුරු ප්‍රසිද්ධියේ කියාපෑම නොකරන්නේ ඔවුන්ගේ අසරණකම නිසා බව අප දන්නා දෙයයි. කොටින්ම, බොදුබල සේනා සංවිධානය යනු, අවස්ථාවාදී, වර්ගවාදී, සාහසික සංවිධානයක ස්වරූපය ඇති නිසා එම විනාශකාරී ස්වරූපය වෙනස් කොට රටට වැඩදායි සමාජ ව්‍යාපාරයක් බවට පත්විය යුත්තේ කෙසේ ද කියා අප මෙවර පැපරාසියා අප්‍රේල් - මැයි 2013 කලාපයේ සංස්කාරක සටහනේ දක්වා ඇත.

 ඉන් අප අදහස් කළේ සමාජ ව්‍යාපාරයක් වශයෙන් බොදුබල සේනා සංවිධානය ආගමික හෝ වාර්ගික අන්තවාදයකින් තොරව පැවතෙන්නේ නම් ඊට යම් සාධනීය සේවයක් කිරීමේ හැකියාව මේ රට තුළ ඇති බව පෙන්වා දීමටයි. උපුටා ගැනීම ඒ විතරක් නෙමෙයි, පහුගිය පැපරාසියා කලාපයේ මචං ඥානසාර හැඳින්වීම මේ රටේ ජනමාධ්‍ය භික‍ෂුන්ට මේ අලූත් පාඩමක් කියා දුන්නා. ඒ තමයි, බෞද්ධ භික‍ෂූත්වයට නොගැළපෙන යම් ශ්‍රමනවේශධාරීන් ඉන්නවා නම්, ඒ අයට අපි කිසිම සැකයකින් තොරවම අපේ විරෝධය මේ විදිහට එල්ල කළ යුතුයි කියලා 

සමහරු මේක දැකලා බය වුණා. ඒ බයවීම ගැන අපි දන්නවා. ඒ අය එහෙම බය වෙන්නෙ, මේ රටේ තියෙන සංස්කෘතික බලහත්කාරය. ඒ අයගේ මොළ හිරිවට්ටවලා තියෙන හින්දයි. නමුත් අපි බය නැත්තෙ, අපේ මොළ තියෙන්නෙ ඉතාම නිදහස්ව හින්දයි. සමහරු ඇහැව්වා, zඔය විදියට හාමුදුරු කෙනෙකුට මචං කියන්ඩ පුළුවන්ද?Z කියලා. ඒ වගේ ප්‍රශ්නවලට තියෙන උත්තරය තමයි, කියලා බලන්ඩ කියන්ඩ පුළුවන්ද කියලා කියන එකයි. අනික, පැහැදිලිව තේරුං ගන්ඩ වුවමනා දේ තමයි, මෙතනදි මචං කියලා ආමන්ත්‍රණය වෙන පුද්ගලයා අපි නියම බෞද්ධ භික‍ෂුවක් විදිහට සලකන්නෙ නැතැයි කියන එක. ඇත්ත වශයෙන්ම කියනවා නම්, සැබෑ බෞද්ධ භික‍ෂුවකට නම් ඒකියන්නේ, සෝම හාමුදුරුවෝ මඩිහේ හාමුදුරුවෝ, මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හාමුදුරුවෝ, රේරුකානේ චන්දවිමල හාමුදුරුවෝ, මහාචාර්ය ඛෙල්ලන්විල විමලරතන හාමුදුරුවෝ වගේ හාමුදුරුවරුන්ට මචං කියන්ඩ බෑ. ඒක අපට කරන්වත් බෑ. අපෙං එහෙම දෙයක් නිකමටවත් කෙරෙන්නෙත් නෑ. අන්න ඒකයි මෙතන තියෙන වෙනස.

 ආගමික පූජ්‍ය පූජක අයට ගිහි අයගෙන් තියෙන ගෞරවය කියන්නෙ, ඉඳුරාම තම පැවැත්මෙන් තහවුරු කරලා තබා ගත යුතු උපයා ගත යුතු දෙයක් මිසක් නියමයක් නෙමෙයි. ඒ හින්දා තමයි ආගමික පූජ්‍ය පූජ්‍ය පක‍ෂයට කරන ගරු ආමන්ත්‍රණ ඒ ඒ ආගමික ප්‍රජාවක් අතරට පමණක් සීමා වෙලා තියෙන්නෙ. අනිත් අයට ඒ අය සාමාන්‍ය පුද්ගල චරිත විතරයි. නමුත් මෙතනිං වෙනස් වෙනස් ආගමික ශාස්තෘන් විතරයි. ඒ අයට මේ ලෝකයේ ඕනෑම කෙනෙක් ගෞරව ආමන්ත්‍රණය කළ යුතුමයි ඒක නියමයි. ඒක නියතයි. එහෙම නොකොළොත් ඒ අයට විරුද්ධව ජනතාව වගේම නීතියක් ක්‍රියාත්මක වේවි. 

උපුටා ගැනීම අවසන් zපැපරාසියාZ පුවත්පතින් අප මේ සියලූ දේ පෙන්වා දුන්නේ, වගකිවයුතු ජනමාධ්‍ය අංශයකින් රටකට සිදුවිය යුතු සේවාවක් ලෙස සලකයි. එහෙත් අද සිදුවී ඇත්තේ, එය වටහා නොගත් පුද්ගලයන් අතින් අප නම් කළුලේඛන ගතවී ලංකාවේ කූප්‍රකට ප්‍රශ්න කිරීමේ ස්ථානයක් වන හතරවැනි තට්ටුවට අප කැඳවීමයි.

 2013 අප්‍රේල් 03 වැනි දින 15.16 ට අප දුරකතනයට 0112 395371 දුරකතන අංකයෙන් ලැබුණු ඇමතුම කෙළවරේ සිටි පුද්ගලයා තමා හඳුන්වා දුන්නේ මෙරිල් රන්ජන් ළමාහේවගේ නමිනුයි. ඔහු කීවේ, බොදුබල සේනා සංවිධානයේ ප්‍රධානී කිරම විමලජෝති කළ පැමිණිල්ලක් වෙනුවෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට හෙට එනම්, 04/04/2013 දින උදේ 8.30 ට කොළඹ අපරාධ පරීක‍ෂණ මූලස්ථානයේ හතරවැනි තට්ටුවට පැමිණෙන ලෙසයි. මට දැන් මතක් වන්නේ බි්‍රතාන්‍ය ජාතික ලේඛක ජෝර්ජ් ඕවල් මහතා 1948 දී ලියූ 1984 භසබැඑැැබ ෑසටයඑහ ත‍දමර කෘතියයි. එහි එන මර්සිත චරිතය වින්ස්ට් ස්මිත් දැන් මේ රටේ ජීවමනා වෙමින් පවතී. එසේම එහි සිටින මර්දක චරිතය ඊසට ඊරදඑයැර හෙවත් zලොකු අයියාZ ද මේ රටේ ජීවමාන වෙමින් පවතී. එහි එන ඵසබසිඑහ දෙ ඔරමඑය රැ ඵසබසිඑරහ දෙ රැ ඵසබසිඑරහ දෙ ඡැ්ජැ ඛදඩැ දැන් මේ රටේ ද ඇත.

 ඒවා කි්‍රයාත්මක වන්නේ එකී හැඳිනුමේ ඇති අර්ථයට සපුරා විරුද්ධාර්ථයකිනි. එම ප්‍රබන්ධ නවකතාවේ දී ජෝර්ජ් ඕවල් කියන්නේ, එකී ප්‍රබන්ධ දේශය වන ඕෂනියාවේ සෑම නිවසකම එකක් ඔැකැිජරුැබ එකක් ඇති බවත් ඉන් ඉටුවන්නේ, එම නිවසේ මිනිසුන් කරන කියනා දේවල් ඊසට ඊරදඑයැර ආණ්ඩුවට වාර්තා වන ආකාරයත් ය. එපමණක් නොවේ, එහිදී මිනිසුන් සිතන දේ ද පවතින ආණ්ඩුවට පක‍ෂපාතී නොවුණහොත් එය හිතුම් අපරාධයක් හෙවත් ඔයදමටයඑ ක‍රසපැ ලෙස ද~ුවම් ලැබිය යුතු දෙයක් බවට පත්වෙයි. අද මේ රටේ ද පවතින්නේ ඊසට ඊරදඑයැර ගේ ආණ්ඩුවක් දැයි අපට සිතෙයි. මෙහිදී ද, කි්‍රයාකාරීම පමණක් නොව, සිතීම ද අපරාධයක් බවට පත්වී ඇති බව දැන් දැන් පෙනෙයි. කි්‍රයාකිරීම නොව සිතීම පවා අපරාධයක් වූ භූමියක සිට මෙම සටහන තැබූ බව මෙහිලා සටහන් කරමි.