ඩෙනිම් සොරකම කුඩු හයි කොට් එකක් වෙයි.




හර්ෂි සි. පෙරේරා

මෙම ලිකිත පැමිණිල්ල 2013.04.29 දින මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට සහ ගල්කිස්ස ජෙෂ්ට පොලිස් අදිකාරී වෙත යොමු කලේ 22 හැවිරිදි නිරෝෂා ප්‍රියංගිකා කුමාරිය. ඇය 143/3/7, වෙන්දේසි වත්ත, වෙනිවල්කැටිය, නාගොඩ, කළුතර පදිංචිකාරියක් වේ. 24 හැවිරිදි නිර්මාල් ප්‍රනාන්දු කම්කරු ඇගේ සුවමිපුරුශයා වේ. ඔහුව 2013.04.26 දින මොරටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ ඩෙනිම් කලිසම් සොරකමකට යයි කියමිනි. නිරෝෂා ඔහුව බැලීමට ගිය අවස්ථාවේ ඔහු කුඩුවේ සිට ඇත්තේ ඇවිද ගැනීමටවත් නොහැකිවය. ඔහුගේ අත් වල රතු වූ පහරවල් තිබු බවත් ඔහු වේදනාවෙන් සිටි බවත් ඇය කියන්නීය. තමාට සොරකම් නඩුවකුත් කුඩු හයිකොට් එකකුත් දමන බවට පොලිසිය තර්ජනය කළ ඔහු ප්‍රකාශ කර තිබේ. ඔහුට දැනට කුඩු මිලිග්‍රෑම් 2100 ක් ලග තිබු බවට වියාජ නඩුවක් පවරා ඇත. ඔහුව තවමත් 2013.04.29 දක්වා මොරටුව පොලිසියේ තබා ගෙන සිටි.