හර්ෂි සි. පෙරේරා
අද්යක්ෂණය මිලාන් ලුතිරාගේය. ඇය සිල්ක් නමි. ඇගේ පළමු අද්යක්ෂක වරයා වොර්ම් නමි. එහි අරුත පනුවාය. මේ පටබැදි නම් වේ. 2012.03.21 දින සවස 3 සිට 6 දක්වා බොරැල්ල නාමෙල් මාලිනි පුංචි තියටර් හි ප්රදර්ශනය කෙරුණු මෙම චිත්රපටිය කාන්තා හා මාද්ය සාමුහිකය සංවිදානය කල චිත්රපට උළෙලේ දෙවැන්න විය. සම්ප්රදාය සංස්කෘතිය සදාචාරය හමුවේ කුණු වූ බහුතරයකගේ ඔළුගෙඩි සුද්ද කිරීමට ගත් කලාත්මක උත්සහයක් ලෙස අපි මෙම උළෙල අගයමු.
අවසානයේ සිල්ක් සමු ගනී. ආදාහන කටයුතු කිරීමට ඉතුරුවන්නේ ඇයට ගෙදරට ඒමට ඉඩ නොදුන් ඇගේ මවත් ඇගේ රගපෑම කාමුක එකක් ලෙස සලකා ඇයව නිර්දය ලෙස විවේචනය කල අද්යක්ෂක වරයකුත් පමණි. චිත්රපටය ස්ත්රී පුරුෂ සමාජ බාවය ගැන මුල සිට අග දක්වාම සාකච්චා කරයි. ඒ ඒගැන සෘජුව සදහන් නොකරමිනි. ලිංගික හිංසනය , ජනප්රිය සිනමාව , කාමුක දර්ශන සහ ඒ පිළිබද ඉන්දීය සමාජයේ කුහකත්වය සිනමා පටය මගින් මැනවින් නිරුපනය කෙරේ. මෙය ඉන්දීය සමාජයට පමණක් නොව ශ්රී ලාංකීය සමාජයේ ආකල්ප සහ සිතුම් පැතුම් සම්බන්දයෙන්ද පොදු වුවකි. සමාජයේ යථාර්තය මැනවින් සිනමා පටය තුලින් නිරුපනය වේ. නමුත් එය ප්රසිද්දියේ කතා කිරීම කුහකත්වය විසින් වලක්වා ඇත. මෙවන් චිත්රපට ශ්රී ලාංකිකයින්ට පෙන්වීමට කාන්තා හා මාද්ය සාමුහිකය ගනු ලබන උත්සාහය අපි නැවතත් අගය කරමු.