තවත් වදහිංසා පැමිණවීමක් සහ බොරු නඩුවක්.



හර්ෂි සි. පෙරේරා

නිලුෂා දිල්රුක්ෂි 24 හැවිරිදී විවාහක එක් දරු මවකි. සමන් කුමාර සිල්වා අවුරුදු 28 යි කුලි වැඩ ඇගේ සැමියා වේ. 2013.03.01 දින අදිකරණ නියෝගයක් අනුව අත්සන් කිරීමට ඔහු කළුතර පොලිස් අදිකාරී කාර්යාලයට සහ අලුත්ගම පොලිසියට ගොස් ඇත. අලුත්ගම පොලිසියට ගිය විට අතුල නමැති නිලදාරියා ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ. ඒ පින්හෙන ප්‍රදේශයේ ගෙවල් දෙකක් කැඩු බවට චෝදනා කරමිනි. ඔහුට පොලිසියේදී පහර දී ඇත. ඩී ඕ ගසා ඇති බව කියමින් දවස් 06 ක් රදවා ගෙන සිට තිබේ. 2013.03.06 දින මත්කුඩු ග්රෑම් 03 ක් ලග තබා ගත් බව කියමින් කළුතර මහේස්ත්‍රාත් අදිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්දනාගාර ගත කර තිබේ. එම වියාජ නඩුවේ අංකය බි ආර් 8015/13 වන අතර මීලග නඩු දිනය 2013.03.20 වේ. ඔහුගේ බිරිද මේ පිලිබදව 2013.03.07 දින මානව හිමිකම් කොමිසමට පොලිස්පතිට කළුතර ජේස්ට පොලිස් අදිකාරි සහ නීතිපති වෙත ලිකිතව පැමිණිලි කරන ලදී.