සවුදි අරාබියාව ;- එක්සත් ජාතින් තුට්ටුවකට මායිම් නොකර 07 කට මරණ දඩුවම.



හර්ෂි සි. පෙරේරා

 රටේ නිල පුවත්පත ඔවුන් මරා දැම්මේ හිස ගසා දැමීමෙන් බව පවසද්දී මානව හිමිකම් ක්‍රියාකාරීන් කියන්නේ ඔවුන්ව බට රංචුවක් විසින් වෙඩි තබා මරා දැමු බවයි. සවුදි අරාබියාව මෙසේ පුද්ගලයින් 07 කට මරණ දඩුවම දුන්නේ සන්නද්ද මංකොල්ල කෑමක් සිදු කිරීම සම්බන්දයෙනි. එය සිදුකලේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විමර්ශකයින් ඔවුන්ට අනුකම්පා කරන්නයි ආයාචනා කර තිබියදීය. 2006 මෙම අපරාදය සිදුවන විට එම 07 දෙනාගෙන් සමහරෙකුට වයස අවුරුදු 18 ට අඩුය. ඔවුන් ගිය සතියේ මරා දැමීමට නියමව තිබුනද බලදාරින් නඩුව සමාලෝචනය කරන තෙක් මරණ දඩුවම බහා තැබීමට තීරණය කෙරිණි. අගහරුවදා එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් ප්‍රකාශයක් නිකුත් කරමින් කිවේ මෙම පුද්ගලයින් 07 දෙනාට විරුද්දව වියාජ චෝදනා නගා තිබු බවත් අසාදාරන නඩු විබාගයකින් පසුව වැරදිකරුවන් කල බවත්ය. මෙම ගතානුගතික ඉස්ලාම් ජනරජය ෂරියා නිතිය දැඩිව අර්ථකථනය කරන අතර නිරතුරුව මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සම්බන්දයෙන් බටහිර රටවල විවේචනයට ලක්වන අතර මානව හිමිකම් කණ්ඩායම් කියන්නේ නඩු විබාග ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නොතිබෙන බවයි.