"සංවර්ධනය යනු කිසියම් රටක දුගීභාවය, සේවා වියුක්තිය සහ සමාජ අසමානතාවය යන ගැටළු ක්‍රමයෙන් අහෝසි වි යාමයි. එම ගැටළු පවතිද්දී ඒක පුද්ගල අදායම හෝ දළ ජාතික නිෂ්පාදිතය කෙතරම් වේගයෙන් ඉහල ගියත් එය සංවර්ධනයක් නොවේ"DUDLEY SEER සමාජ විද්‍යාඥයකු වන DUDLEY SEERS සංවර්ධනය නිර්වචනය කරන්නේ මේ අයුරිනි. මෙම නිර්වචනයේ මුලික කරුණු තුනක් අනාවරණය වේ එනම්,
*. රටක දුගිභාවයට කුමක් සිදුවිද?
*. විරැකියාව කොපමණද?
*. සමාජ අසමානතාවය කෙසේද? යන කරුණු මේ තුලින් මතු කරනු ලබන අතර ලංකාවේ වත්මන් සංවර්ධනය අවබෝධ කරගැනීම පිණිසද මෙම නිර්වචනය යොදා ගතහැක. ඒ පමණින්ම රාජපක්‍ෂ තුමානොගේ හෙළුව දිස් වේ. ඉතා සරලව බැලීමේදී මිහින්ලංකා, රාජපක්‍ෂ වාරය, රාජපක්‍ෂ ගුවන්තොටුපල, රාජපක්‍ෂ රගහල ,.... රාජපක්‍ෂ අරක මේක කෝක බැලුවත් මේ යථාර්තය පොදු වේ.
මේ තත්වය අපි මුහුණ දෙනුලබන යථාර්තය වන අතර රාජපක්‍ෂට රටේ දුගීභාවය, විරැකියාව, දුරු කිරීම උදෙසා අවශ්‍යතාවක් නොමැත. ඒ වෙනුවට ඔහුට අවශ්‍ය තමන්ගේ ගෝලබාලයන් ටික නඩත්තු කොරගෙන තමාගේ බුදලය තර කර ගැනිමය. මේ සදහා ඔහු ඕනම මිළක් ගෙවිමට සුදානම් බව ඔහුගේ දේශපාලන හැසිරීමෙන් මනාව අවබෝධ වනදෙයකි.
අජන්ත ඉලේපෙරුම