"1977
දී දෙමළ ජනතාව විසූ ප්‍රදේශයකට පළමු වතාවට ගමන් ගත් සිංහල කථිකාචාර්යවරුන්
වූ, මටත්, ධර්මසේන පතිරාජටත් - මහාචාර්ය සුචරිත ගම්ලත් පරමාදර්ශී චරිතයක්
විය"
මහාචාර්ය සුනිල් ආරියරත්න
මහාචාර්ය සුනිල් ආරියරත්න
ප්‍රවීන ශාස්‌ත්‍රඥයකු, අදීන විචාරකයකු සහ විද්වත් සමාජ ක්‍රියාකාරිකයකු වූ මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ වියෝව පිරවිය නොහැකි හිස් තැනක් ඇති කොට ඇති බව විද්වත්හු පවසති. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ගණනාවකම සිංහල අංශවල සේවය කළ මහාචාර්ය ගම්ලත් යාපනය විශ්ව විද්‍යාලය බිහිවූ අවස්තාවේදී එහි සිංහල භාෂා අංශයේ ප්‍රධානියා වශයෙන් පත් කෙරිණ.
විශ්ව විද්‍යාල සිසුන් දහස් ගණනකට ශිල්ප ඥානය කළ මහාචාර්යවරයා විටෙක ආක්‍රමණශීලී කරුණු දැක්වුවත් බොහෝ දෙනකුගේ සිත් ගත් චරිතයක් විය.ජීවිතයේ සැන්දෑ සමයේ අසනීපව රෝහල් ගතව සිටි මහාචාර්ය ගම්ලත් කළ ශාස්ත්‍ර සම්ප්‍රදාන අතර අග්‍රස්තානයේ ලා ගැනෙන්නේ 2009 දී මුද්‍රණද්වාරයෙන් එලි දුටු ඉංග්‍රීසි සිංහල මහා ශබ්ද කෝෂයයි. සිය ජීවිත කාලයෙන් හතරෙන් පංගුවකට වැඩි කලක් එම කටයුත්ත වෙනුවෙන් වැය කළ ගම්ලතුන් ඒ හා සමගම එළඹ සිටි අනෙක් මහා ශාස්ත්‍ර කාර්යය සිංහල - දමිළ - ඉංග්‍රීසි ත්‍රෛ භාෂා ශබ්ද කෝෂයයි. ඔහු හා ඒ කටයුත්තේ නියැලී මහාචාර්ය කාර්තිගේසු සිවතම්බි මෙයින් දෙවසරකට පෙර සදහටම නික්ම ගියේය. අසනීපයෙන් සිටියත් එම මහා කාර්යය නිම කොට සිටි මහාචාර්ය ගම්ලත්, එය මුද්‍රණද්වාරයෙන් එලි දැක්වීමට සම්පත් නැති කමින් මහත් තැවුලට පත්ව සිටියේය. අප හා කී පරිදි රජයෙන් අනුමත ප්‍රතිපාදන තිබුනත්, ඒ මුදල ලබා ගන්නා මගක් ඔහුට පාදා දුන් කිසිවෙකු වුයේ නැත.
බීබීසී