ගැබිණි මවට එල්ලවූ ම්ලේච්ච ප්‍රහාරය



හර්ෂි සි. පෙරේරා

මානෙල් රේණුකා මල්කාන්ති වයස අවුරුදු 33 යි. විවාහක දරුවන් 04යි. පනිගලවත්ත මිණිපුර දුම්බර (රත්නපුර ) පදිංචිව සිටි. ඇය සිවුමස් වියැති ගැබිනියකි. ඇයට ලැබෙන්නට සිටින්නේ පස්වන දරුවාය. 2013.02.24 දින සවස 5.30 ට පමණ ඇගේ නිවසට පැමිණි දුම්බර ප්‍රදේශයේම පදිංචි වසන්ත වීරසිංහ ඇයට අමානුෂික ලෙස පහරදී ඇත. මෙනිසා රුදිර වහනයක්ද සිදුව ඇති අතර ඇය බුලත්සිංහල සහ හොරණ රෝහල් වලින් නේවාසිකව ප්‍රතිකාර ලබා ගෙන තිබේ. කිරිඇල්ල පොලිසිය වසන්තව අත්අඩංගුවට ගැනීමෙන් වැලකි සිටි අතර 2013.03.03 දින සිද්දියෙන් දින 07 කට පසු ඔහු පොලිසියට බාර වී ඇත. බාර වීමට පෙර වසන්ත මුදල් දී සමාදානයකට පැමිණීමට උත්සහ කර ඇත. පසුව වසන්තව උසාවි දමා තිබේ. ඇය දිගින් දිගටම කියා සිටින්නේ පොලිසිය වසන්තට පක්ෂපාතිව කටයුතු කල බවයි.