ප්‍රභාගේ පුතා සහ 89' දකුණේ පුත්තු

 උපුල් ජෝශප් ප්‍රනාන්දු

 
"ප්රභාකරන්ගේ පුතාගේ ෆොටෝ ' ඉන්ඩිපෙන්ඩන්ට්' පත්තරයටයි, ' හින්දු' පත්තරයටයි දුන්නේ කවුද...?"
මේ ප්රේමදාසගේ ආණ්ඩු කාලයේ ජිනීවාහි සේවය කරපු විදේශ අමාත් නිලධාරියෙක් මාධ්යවේදියෙක්ගෙන් අහපු ප්රශ්නයකි.
"කවුද...?"
මාධ්යවේදියා ආපිට ඇසුවේය.



"ප්රේමදාසගේ අවතාරය...."
ඔහු කීවේ කොක් හඬලා හිනා වෙලාය.
"ප්රේමදාසගේ අවතාරය!
මොන පිස්සුද...?"
"මාධ්යවේදියා කීවේ විලම්බීත වෙලාය. මහින්ද ඉලේපෙරුම ලියපු මහින්දගේ කුරහන් සාටකයේ පොත කියවල තියෙනවාද...?"
ඔහු ඇසුවේය.
"කියවල තියෙනවා...."
මාධ්යවේදියා කීවේය.



"එහෙනම් ආපහු පාරක් පොත අරගෙන 156 ඉඳලා 161 වැනි පිටුවට කියවා ගන්න..."
ඔහු මාධ්යවේදියාට කීවේය. මාධ්යවේදියා පොත පෙරළලා පිටු 156 ඉඳලා 161 එක හුස්මට කියවාගෙන ගියේය. මේ එහි සඳහන්ව ඇති කතාවය.
"මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය මානව හිමිකම් කොමිසමට ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් සාක්ෂි විමසන දිනය ළං විය. කලින් වතාවේ අනවසරයෙන් වාසුත් සමඟ එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලයට ඇතුළු වී කළ උද්ඝෝෂණය නිසා එහි සාක්ෂි දීමට මෙවර මහින්දට ඇරැයුම් කර තිබිණ.



මහින්ද හැකි ඉක්මනින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවට ගෙන යෑමට අවශ් සාක්ෂි රැස් කරන්නට වූයේය. ලංකාවේ නොයෙක් දිසාවල ඝාතනය කෙරුණ තරුණයන් හයසියයකගේ ඡායාරූප වන විටත් මහින්ද සතුව තිබිණ.



ලංකාවේ මිනිස් ඝාතනවල කුරිරුකම් හොඳින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට පෙන්වන්නට හැකි වන සේ මහින්ද එම ඡායාරූප වර්ග කළේය.
හිස්ගෙඩි, කවන්ධ, නිය ගැලවූ තරුණයන්ගේ සිරුරු, අධෝ මාර්ගයෙන් පයිප්ප බටයක් බස්සවා වධ දී මැරූ තරුණයන්ගේ මළ සිරුරුවල ඡායාරූප ආදී වශයෙන් මහින්ද ඒවා වර්ග කළේය. විජේදාස ලියනාරච්චි, සත්යපාල වන්නිගම, අසන්ත ප්රසන්න සේම තංගල්ලේ මිනී පෙට්ටි සාප්පුවක නාම පුවරුවක හිසක් එල්ලා තැබූ දවසේ ගත් ඡායාරූපයද අතර විය.



මහින්ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සාක්ෂි දීමට යන බව ඉක්මනින්ම පාර්ලිමේන්තු මන්ත්රිවරු අතර ප්රචලිත වන්නට විය.
එයින් වඩාත් කලබලයට පත් වූ බව පෙනුණේ එවකට ආරක්ෂක අමාත් ධුරය දරමින් සිටි රංජන් විජේරත්නය. ජිනීවා යෑමට පෙර දිනක රංජන් පාර්ලිමේන්තුවේදී මහින්ද සොයා ආවේය.



"මහින්ද ජිනීවා යනවලු නේද?"
"හ්ම්..."
මහින්ද කෝපයෙන් උත්තර දුන්නේය.
"පල්ලියෙන් වෙන්න ඇති යනවා ඇත්තේ?"



රංජන් විජේරත්න උපහාසයෙන් යුතුව ප්රකාශ කෙළේය. මහින්ද උත්තර දීමට නොගොස් පාර්ලිමේන්තුවෙන් පිට වූයේය.
අතුරුදන්වූවන්ගේ ඡායාරූපත්, ඔවුන්ගේ විස්තරත් ගුවන් තොටුපොළෙන් පන්නා ගැනීම ඉතා බැරෑරුම් කාර්යයක් බව මහින්දට වැටහිණ. මහින්ද තම විශාල ගමන් බෑගයේ පතුලේ ව්යාජ තට්ටුවක් සෑදුවේය. ඡායාරූපත්, ලියවිලිත් ව්යාජ තට්ටුවේ හැංගුවේය. ඊට උඩින් ඇඳුම්ය. ඊටත් උඩින් අච්චාරු, සීනි සම්බල් ආදියය.
මහින්ද මේ ඇඳුම් බෑගයත් ගෙන නියමිත වේලාවට ගුවන් තොටුපොළට ළඟා වූයේය. බෑග් පරීක්ෂා කිරීමට පෝලිමේ ඉන්නා මගීන් අතරට ගිය මහින්ද හොඳ වේලාවක් බලා තම ගමන් බෑගය ගුවන් තොටුපොළ නිලධාරීන්ට පෙන්වූයේය. බෑගයේ පුපුරන ද්රව් කිසිවක් නැති බව පෙනිණ.



එහෙත් ඇඳුම් බෑගයත් ගෙන ගුවන් යානාවට යන මහින්ද එනතුරු උකුසු ඇසින් බලා සිටි පොලිස් නිලධාරියකු මහින්දව නතර කළේය. ඔහු පොලිස් අධිකාරි කුඩාහෙට්ටිය.
"මට ඔබතුමාගෙ බෑග් එක චෙක් කරන්න ඕනෑ"



වැඩේ වැරදෙන්නට යන බව මහින්දට වැටහිණ. මහින්ද එක්වරම ගුවන්තොටුපොළේ කෑ ගසන්නට වූයේය.
"මෙන්න මාව මරන්න හදනවෝ"
කෑ ගැසීමට ගුවන්තොටුපොළේ සිටි සෑහෙන මගීන් පිරිසක් රොක් වන්නට වූහ. මහින්දගේ බලාපොරොත්තුව වූයේ මහා මගී පිරිසක් මැද කුඩාහෙට්ටි සමඟ වාද කර කෙසේ හෝ ඇඳුම් බෑගය මුදා ගැනීමය.



මගීන්ගේ මානව අයිතීන් ගැන දීර්ඝ දේශනාවක් කරමින් පොලිස් අධිකාරි කුඩාහෙට්ටි සමඟ තර්ක කළද ඇඳුම් බෑගයට ගැලවුමක් නොලැබෙන බව මහින්දට පෙනී ගියේය. මහින්ද ගුවන් තොටුපොළේ තිබෙන දුරකතනයකින් මධ්යම රාත්රියේම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඇමතුවේය.
"මැඩම්, කොහොම හරි පොලිස්පතිට කතා කරලා මගේ ඇඳුම් බෑග් එක බේරලා දෙන්න"
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියද මඳක් නිහඬව සිටියාය.



"මහින්ද මම පොලිස්පතිට කතා කරන්නම්. ඒත් මහින්දට ඔය බෑග් එක පෙන්වන්න වෙනවා. එහෙම පෙන්නුවහම ඒකෙ තියෙන දේවල් කොහොමවත් ගෙනියන්න ලැබෙන්නෙ නෑ."



සිරිමාවෝ මැතිනිය මහින්ද අස්වසමින් දුරකතනයෙන් කීවාය. එතෙකින් නොනැවතුණු මැතිනිය මහින්දට අවවාදයක්ද දුන්නාය.
"මහින්ද ඔය බෑග් එක සෙනඟ මැද්දෙම පෙන්වන්න. නැතිනම් ඕකට කුඩු පැකට් එකක් දාලා මහින්දව අත්අඩංගුවට ගනියි."



මැතිනියගේ අවවාදයට කන් දුන් මහින්ද මගීන් මැදම තම බෑගය විවෘත කළේය. කුඩාහෙට්ටි බෑගයේ තිබූ දේවල් එකින් එක එළියට අදින්නට වූයේය. අච්චාරු, ඇඳුම්වලට යටින් තිබූ කාඩ්බෝඩ් වැස්ම කුඩාහෙට්ටි ඉරුවේය. ඉන්පසු රටක්, රාජ්යයක් හොයාගත් පී්රතිය පළ කළේය.



"මේ පින්තූර අපි අත්අඩංගුවට ගන්නවා. ඔබතුමාට ඕනෙ නම් අච්චාරු, ඇඳුම් අරන් යන්න පුළුවන්."
කුඩාහෙට්ටි ඡායාරූප සියල්ල තමා අතට ගනිමින් කීවේය.



එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට අගනා සාක්ෂි තොගයක් ගෙන යෑමට නොහැකිවීමේ වාඩුව ගැනීමේ ක්ෂණික උපායක් මහින්දගේ නීතිඥ බුද්ධියට හසුවිණ.



"තමුන්නාන්සේලා මගේ බෑග් එක තියාගන්න. හැබැයි මගේ බෑග් එකේ තිබිලා අත්අඩංගුවට ගත්ත ඒවා ගැන ඉන්වෙන්ටි්රයක් (බඩු ලැයිස්තුවක්) මට දෙන්න.
ඡායාරූප අත්අඩංගුවට ගැනීමේ පී්රතියෙන් පිනා ගොස් සිටි කුඩාහෙට්ටිට එය සුළු දෙයක් විය. බෑගයේ තිබූ බඩු ලැයිස්තුවක් එවෙලේම පොලිස් නිලධාරියකු සකස් කළේය. එය විස්තරාත්මකව සකස් කරගැනීමට මහින්ද උදවු වූයේය. මිනී ඔළු ඇතුළත් ඡායාරූප හැත්තෑපහයි, වධ දී මරා දැමූ අයගේ ඡායාරූප තුන්සියයයි, ටයර් සෑයේ මරා දැමූ ඡායාරූප සියයයි ආදී වශයෙන් විස්තර ඇතිවම පිළියෙල කළ වාර්තාවට කුඩාහෙට්ටි අස්සන් කළේය. එම ඡායාරූප අත්අඩංගුවට ගත් බව සහතික කරමින් මුද්රාවද තැබූ ලියවිල්ල මහින්ද භාර ගත්තේය.



ගෙනියන්නට හැදූ ඡායාරූප හයසීය පොලිසියට භාර දී ඡායාරූප අත්අඩංගුවට ගත් බව කියැවෙන ලියවිල්ලක් අරන් මහින්ද ජිනීවා ගියේය.
වාසුත් සමඟ කලින් වතාවේ ජිනීවා ඇවිත් දුක් වින්ද මහින්දට මෙවර ඒවා පොලියත් සමඟ ලැබෙන්නට විය. ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සම්මේලනය ලබා දුන් නිවෙසක නතර වූ මහින්දට හැමදාම හැන්දෑවට එරට විසූ ශ්රී ලාංකිකයන්ගේ නිවෙස්වලින් ඇරයුම් ලැබෙන්නට විය.



මහින්ද පුරා දින දහයක් තිස්සේ එක්සත් ජාතීන්ගේ මධ්යස්ථානයට යමින් එමින් ජාත්යන්තර නියෝජිතයන්ට ලංකාවේ ජනතාව මුහුණ පා සිටින ඛේදවාචකය විස්තර කරන්නට වූයේය. එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කොමිසම මහින්ද කැඳවා ලංකාවේ තත්ත්වය පිළිබඳ පුරා දවසක් තිස්සේ විමසුවේය.
තමන් ගෙනා ඡායාරූප හයසියය අහිමිවීම අවාසියක් වීමට මහින්ද ඉඩ තැබුවේ නැත.



මරා දැමූවන්ගේ ඡායාරූප හයසියයක් අත්අඩංගුවට ගත් බවට ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ අධිකාරිවරයෙක් තම අස්සන මුද්රාව සහිතව නිකුත් කළ ලියවිල්ල මහින්ද මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළේය. ඡායාරූපවල මරා දමා තිබූ ආකාරයද පොලිස් දෙපාර්තමේන්තුව දුන් ලියවිල්ලේ විස්තර කර තිබීම හොඳම සාක්ෂියක් විය. එයට ලංකා රජයේ පොලිස් මුද්රාව තිබීම තවත් වාසියක් විය.



තම රටවල තානාපති නිලධාරීන් ලවා වහාම ලංකාවේ තත්ත්වය ගැන ආණ්ඩුවෙන් ප්රශ්න කරන බවට මහින්දගේ සාක්කිය අසා සිටි කොමිසමේ සාමාජිකයෝ කීහ.
මහින්දගේ ගමන සාර්ථක වූ බවට ලකුණු ආපසු එන විට දක්නට ලැබිණ. ආපසු ලංකාවට එන මහින්ද ගුවන්තොටේදී අත්අඩංගුවට ගන්නා බවට ආරංචියක් පැතිර ගියේය. එහෙත් ලංකාවෙන් ගියාට වඩා ආපසු එන මහින්ද ජාත්යන්තර අවධානයට ලක්වූවෙක් විය. මහින්ද ආපසු ආවේ ගුවන්තොටට අතුරුදන් වූ දරුවන්ගේ මවුවරුන්ගේ ජයඝෝෂා මැදය.



මහින්ද ආපසු ලංකාවට එන විටත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබිණ. ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් ඡායාරුප තොගය ආපසු ඔහුටම භාරදෙන ලෙසය.



නිදහසේ කරගෙන ගිය ඝාතන කෙමෙන් කෙමෙන් අඩු වන්නට වූයේ මහින්දගේ මේ උත්සාහයේ ප්රතිඵල නිසාය."
"ප්රේමදාසව ඉවර කරන්න ගහපු ගැටේ ආපිට කැරකිලා ඇවිල්ලා නේද...?"



මාධ්යවේදියා පොත කියවල අර නිලධාරියාට කියා තිබිණි.
නිලධාරියාත් මාධ්යවේදියාත් කී කතාව ඇත්තය. අද ප්රභාකරන්ගේ පුතාගේ ඡායාරූප නිසා ආණ්ඩුව ඉන්නේ ගල් ගැහිලාය.
"හමුදාව ප්රභාකරන්ගේ පුතාව මැරුවේ නැහැ...."



මහින්ද පසුගිය සතියේද හින්දු පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් එලෙස කීවේ ප්රභාකරන්ගේ පුතාගේ ඡායාරූපයෙන් තමිල්නාඩුව පමණක් නොව මුළු මහත් ඉන්දියාවත් ජාත්යන්තර ප්රජාවත් රත් වෙලා ඉන්නා බව දැනගෙනය. මහින්ද ' හින්දු' පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දී මෙම ප්රකාශය කරන්න හිතුවේ පළමුව රත් වුණ ඉන්දියාව කූල් කර ගන්න විය යුතුය.



" හින්දු" පුවත්පත යුද්ධ කාලයේ පමණක් නොව යුද්ධයෙන් පසුත් මහින්දට කඩේ ගිය පත්තරයකි. එයට හේතුව එහි හිටපු කර්තෘ එන්. රාම් 1987 ඉන්දු ලංකා ගිවිසුම් කතාවේ ප්රධාන චරිතයක් වීමය. ගාමිණී දිසානායකගේ සමීප මිත්රයකු වූ එන්. රාම් ගාමිණී හරහා ජේ.ආර්. ඉන්දු ලංකා ගිවිසුමට පොලඹවා ගන්න ලොකු උත්සාහයක් ගත් කෙනෙකි. එවකට ඉන්දීය අගමැති රජිව් ගාන්ධිගේ උපදෙස් මතය. කෙසේ හෝ රාම්ලා එකතු වෙලා ගිවිසුම අස්සන් කර ගත්තාට පසු ප්රභාකරන් ගිවිසුම කඩාකප්පල් කරන්න යෑම රාම් ඉවසුවේ නැත. ප්රභාකරන් ගාන්ධිව ඝාතනය කිරීම ප්රභාකරන් කෙරෙහි රාම්ගේ කෝපය වැඩි කළේය.



රාම්ගේ චින්තනය වූයේ ප්රභාකරන්ව විනාශ කොට උතුරේ දමිළ ජනයාට 13 ප්ලස් දීමය. ඔහු මහින්දගේ යුද්ධයට සහාය දැක්වූයේ නිසාය. මේ නිසාම " හින්දු" පුවත්පත් ආයතනය ඉදිරිපිට තමිල්නාඩු කොටි හිතවාදීහු උද්ඝෝෂණය කළහ. රාම්ව ඉවත් කරන ලෙස පාලනාධිකාරියට බලපෑම් කළහ.



කෙසේ හෝ පාලනාධිකාරියේ වෙනත් ප්රශ්න හේතු කොටගෙන රාම්ට ඉවත් වීමට සිදුවිය. ලංකාවේ මහින්දට කඩේ ගොස් " හින්දු" පුවත්පත තමිල්නාඩුවේ ප්රතික්ෂේප වෙයි යැයි යන බියෙන් මහින්දට කඩේ යෑම අඩු කළාටත් වඩා මහින්ද කිහිප විටක්ම " හින්දු" පුවත්පතට පොරොන්දු වූ 13 ප්ලස් නොදීම නිසා මහින්දව තමිල්නාඩුව තුළ සාධාරණීකරණය කිරීමට නොහැකි බව දැන " හින්දු" පුවත්පත ටිකෙන් ටික මහින්දට එරෙහිව පුවත් පළ කරන්නට පටන් ගත්තේය. තමිල්නාඩුවේ මහින්ද විරෝධී රැල්ල නඟිද්දීය. ප්රභාකරන්ගේ පුතාගේ ඡායාරූප පළ කිරීම රැල්ලේ පිහිනන්න ගත් තවත් එක් මාධ් මෙහෙයුමකි.



මේ මෙහෙයුම නිසා තමිල්නාඩුව දැන් කඩි ගුලක් ඇවිස්සුණා වගේය. තමිල්නාඩුව ඉන්දියාවේ කොංග්රස් ආණ්ඩුවේ බෙල්ල මිරිකන්න යයි. ඇමරිකාව ඇතුළු යුරෝපය තමිල්නාඩුවේ ඇවිළෙන ගින්දරට පිදුරු දමන්නේ තමිල්නාඩුව පාවිච්චි කොට ඉන්දියාව ලංකාවට එරෙහි වන තැනට තල්ලු කර ගන්නටය.
"භීෂණයේ පාලනය" "ජනතාවගේ ජනාධිපතිගේ වෙස් මුහුණ පිටුපස"



මේ ප්රේමදාස ඝාතනය වූවාට පසු ඒෂියා වීක් සඟරාව පළ කළ කවරයේ කතාවේ හෙඩිමය. මෙම සඟරාව ගුවන්තොටුපොළේදීම තහනම් කරනු ලැබීය.
"අපි සිංහල බෞද්ධයෝ. අපි විශ්වාස කරනවා ඔබ ඔබගේ අපරාධවලට මේ ආත්මයේදී හෝ වෙනත් ආත්මයකදී වන්දි ගෙවන්න වෙනවා. හැබැයි ප්රේමදාස ගැන හිතනකොට මුළු ජාතියටම ඔහු කළ අපරාධවලට වන්දි ගෙවන්න වෙලා තියෙනවා..."



මේ එකල විපක්ෂය වූ ශ්රීලනිප නායකයෙක් නම හෙළිනොකරමින් ඒෂියා වීක් සඟරාවට කියා තිබූ කතාවකි.
ඇත්තටම එදා ප්රේමදාසට මරණයේදීවත් හොඳක් අහන්නට නොලැබෙන ආකාරයට මහින්ද රාජපක්ෂලා ජාත්යන්තරව ඔහුගේ ප්රතිරූපය විනාශ කොට තිබුණේ එසේය.
එහෙව් ප්රේමදාසගේ අවතාරය ප්රභාකරන්ගේ පුතාගේ පින්තූරය පිටුපස හොල්මන් කරනවා යැයි තානාපති නිලධාරියා මාධ්යවේදියාට කී කතාවේ ඇත්තක් තිබේ.
"බජිරි වැපිරුවොත් නෙළන්න වෙන්නේ බජිරි...."



මෙහෙම කතාවක් බුදු බණේ තිබේ. 1989 දකුණේ මරපු කොල්ලො කෙල්ලන්ගේ පින්තූර අරන් ජිනීවා ගොස් මානව හිමිකම් වපුරපු මහින්දට දැන් නෙළන්න වෙලා තියෙන්නේත් මානව හිමිකම්ය.