ගහක වැවෙන අතු නිසාත් පොලිස් හිරිහැර



හර්ෂි සි. පෙරේරා

පයාගලගේ ගාමිණී ප්‍රනාන්දු වයස අවුරුදු 55 යි විවාහක සිවු දරු පියෙකි. වුර්තියෙන් විදුලි කාර්මිකයෙකි. හෙට්ටිවිදිය උතුරු පයාගල පදිංචිව සිටි. ඔහුගේ ඉඩමට යාබද පුෂ්ප කුමාර යන අයගේ ඉඩමේ මායිමේ පිහිටි ගස්වල අතු නිසා ඔහුගේ පාර අවහිර වී ඇත. මේ පිලිබදව ගාමිණීගේ බිරිද පයාගල පොලිසියට පැමිණිලි 06 ක් පමණ දමා තිබේ. ඒ ගැන පයාගල පොලිසිය කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැත. දැන් පුෂ්ප කුමාර ඔහුගේ පරෙනුත් අල්ලා තාප්පයක් බැදීමට උත්සහ කරයි. නමුත් ගාමිණී කියා ඇත්තේ තමනට අඩි 10 ක පාර අවශ්‍ය බවයි. නමුත් සහකාර පොලිස් අදිකාරී කාර්යාලයේ විජේවර්දන කියා ඇත්තේ දින 14 ක් ඇතුලත තහනම් නියෝගයක් ගන්නා ලෙසත් එසේනොවුවහොත් පාර අවහිර කර තාප්පය බැදීමට පුෂ්පකුමාරට අවසර දෙන බවත් නඩුව ඉවර වන තුරු අතු වැවෙන ඒවා කැපිය නොහැකි බවත් එසේ කැපීමට අවශ්‍ය නම් තහනම් නියෝගයක් ගත යුතු බවත්ය. පයාගල පොලිසියට තම බිරිද දැමු පැමිණිලි ගැන නීතිමය පියවර නොගැනීම ගැනත් සහකාර පොලිස් අදිකාරී කාර්යාලයේ නිතිවිරෝදිව කටයුතු කරන විජේවර්දනට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් ඉල්ලමින් ගාමිණී ප්‍රනාන්දු 2013.03.07 වන දින මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට කළුතර නියෝජ්‍ය පොලිස්පතිට සහ කළුතර ජේස්ට පොලිස් අදිකාරී වෙත ලිකිතව පැමිණිලි කළේය.