හරි නාරායන් විසිනි
චෙන්නායි
නුවරදී බෞද්ධ භික්ෂුහූ පහරදීම් වලට ලක්වෙති. සිනමාකරුවන් හා සරසවි සිසුන්
වර්ජනයන්හි නිරවෙති. චෙන්නායිවලට තමන්ගේ ගමන් වාර අඩකින් අඩුකිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කටයුතු කර ඇත. ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රීකට් තරගාවලියේ ශ්‍රී ලාංකික ක්‍රීකට් ක්‍රීඩකයන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන කණ්ඩායම් අතර තරඟවල ඇත්තේ අවිනිශ්චිත බවකි. ලංකාවේ සුළුතර දෙමළ ජනයාට සළකන ආකාරය ගැන තමිල්නාඩුව ඇවිස්සී ඇත. පාලක සමස්ත ඉන්දීය අන්නා ද්‍රවිඩ මුනේත්‍ර කළහම් (AIADMK) පක්‍ෂය ඇතුළු ඇතැම් දෙනා ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පිළිබඳව කතා කරති.
නමුත් මේ ගැන සිතන්නට කලින්, වඩාත් නුවණට හුරුවනුයේ රටවල් දෙක අතර කෙතරම් සමීප ආර්ථික බැඳීම් පවතීද යන්න සහ ශ්‍රී ලංකාවට විඳීමට සිදුවනවාට අඩු හානියක් තමිල්නාඩුවට විඳීමට සිදු නොවනු ඇත්තේ කෙසේද යන්න විමසා බැලීමයි.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගෝලීය වෙළඳ හවුල්කරුවා වන්නේ ඉන්දියාවයි. සාර්ක් කලාපයේදී ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රධාන වෙළඳ හවුල්කරුවායි. 2000 වසරේ මාර්තුවේදී දෙරට අතර අත්සන් තැබුණු නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් පසු සම්බන්ධතාවයන් ක්‍රමයෙන් වර්ධනය විය.
ශ්‍රි ලංකාවේ වාර්තාවලට අනුව 2011 දී දෙරට අතර වෙළඳාම ඇමෙරිකානු ඩොලර් බිලියන 4.85 ට ලඟා විය. ඉන්දියානු අපනයනවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 4.3 කි . එයින් 21% ක් හිමි වන්නේ පෙට්‍රෝලියම් වලට වන අතර දෙවන තැන 7.6% ක් වන උක් සීනි හා බීට් සීනි වලටය. සෙසු ප්‍රධාන අපනයන අතර කාර් රථ 6.9% ක් ද, ප්‍රවාහන රථ 5.9 % කි .
ප්‍රධාන ඉන්දියානු ආයෝජනයන් ඇත්තේ බැංකු, සත්කාරක
සේවා , විදුලි සංදේශ , රෝහල් , වැනි යටිතල පහසුකම් හා රැකියා උත්පාදන
කර්මාන්ත ක්ෂේත්‍රයන් තුළය. ඉන්දීය තෙල් සංස්ථාව ( IOC ) භාරත් එයාර් ටෙල්,
පිරමාල් ග්ලාස් , ටාටා, එල්.අයි.සී ආදිය දැනටමත් ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක ඉන්දියානු සමාගම් ය.
ලංකා අශෝක් ලේලන්ඩ් ඒකාබද්ධ
ව්‍යාපාරයක් ලෙසින් ගොඩනැගෙන්නේ ලංකා ලේලන්ඩ් හා ඉන්දීය අශෝක් ලේලන්ඩ්
එක්වීමෙනි. ඔවුන්ගේ ප්‍රධානතම නිෂ්පාදනාගාරය පිහිටියේ චෙන්නායි නුවරය.
සමාගම පිහිටුවීමෙන් පසු 1982 සිට ශ්‍රී ලංකාවේ මහා මාර්ගවලට යොදා ඇති බස් රථ සංඛ්‍යාව 42000 කි. දශක දෙකකට පෙර සමාගමේ වෙළඳ පොළ කොටස වූ 13% අද වනවිට 60% ක වර්ධනයක් පෙන්නුම් කරයි.
2011 වසරේදී ශ්‍රී ලංකාවට විදේශ ඍජු ආයෝජකයන් අතර දෙවැනි විශාලතම දායකයා වන්නේ අපේ රටයි (ඉන්දියාවයි). ඒ සමස්ත ආයෝජනය වන ඇමෙරිකානු ඩොලර් බිලියන 1.05 න් ඇමෙරිකානු ඩොලර් මිලියන 147 ක දායකත්වයකි.
2009 ජනවාරි යුද්ධයේ උච්ඡතම වකවානුවේ සිය සේවාවන් ආරම්භ කළ “එයාර් ටෙල් ලංකා” සමාගම රට තුළ සිය ගනුදෙනු කරුවන් මිලියනයක කඩඉම කරා ළඟාවෙමින් වේගවත්ම මෙහෙයුම්කරු බවට පත්ව සිටී. එතැන් සිට ඔවුන්ගේ සේවා මධ්‍යස්ථාන 1500 කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයද ඇතුළත්ව රට පුරා ව්‍යාප්ත කෙරිණි. 2011 වසරේ අගෝස්තුවේ සිට යාපනයටද එයාර් ටෙල් පුළුල් ආවරණ පහසුකම් (Broad Band) සැපයිනි.
ශ්‍රී ලංකාවේ පෙට්‍රල් සහ ඩීසල් සිල්ලර අලෙවි සේවා මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබන රජය සතු ලංකා ඛනිජ තෙල් සංස්ථාව හැරුණ කොට එම සේවාවන් හි නිරත එකම පෞද්ගලික සමාගම වනුයේ ලංකා IOC සමාගම පමණි . ලංකා IOC සමාගම දිවයින පුරා ක්‍රියාත්මක ප්‍රමුඛ සමාගම් ලැයිස්තුවේ ශ්‍රේණි ගත කිරීම්වල පළමුවැනියායි.
ශ්‍රී ලංකාව සමග කෙරෙන වෙළඳාම් වලින් 40% කට ආසන්න ප්‍රමාණයක් සිදුවනුයේ තමිල්නාඩුව හරහා ය. මේ සඳහා තමිල්නාඩු ජනයා සම්බන්ධ වනුයේ දහස් ගණනින් ය. ප්‍රාන්තය හරහා සිදුකෙරෙන අවිධිමත් වෙළඳාම තක්සේරු කර ඇති පරිදි විධිමත් වෙළඳාම මෙන් දෙගුණයකට ආසන්න ය.
“රටවල් දෙක අතර වෙළඳ සබඳතා පළුදු වුවහොත් වැඩි
වශයෙන්ම අලාභයක් වන්නේ තමිල්නාඩුවට” බව ඉන්දියා ආසියාන් ශ්‍රී ලංකා වාණිජ
මණ්ඩලයේ හිටපු සභාපති සහ ශෝසෝවා සමුහයේ කළමනාකරණ අධ්‍යක්‍ෂ සොමි හසාරි “ද හින්දු” පුවත්පතට ප්‍රකාශ කළේය . ඔහු පෙන්වාදෙන්නේ තමිල්නාඩු උක් ගොවීන්ගේ ජිවිත, විශේෂයෙන් ට්‍රිචි ප්‍රදේශයේ, ස්ථාවර වී ඇත්තේ ශ්‍රී ලංකාවට කෙරෙන අලෙවිය නිසා ය. මේ හැරුණු කොට කොයිම්බතුර් ප්‍රදේශයෙන් එන බොහොමයක්ම මිශ්‍රණ උපකරණ, ඇඹරුම් යන්ත්‍ර සහ සෙසු විදුලි උපකරණ වලට විශාල ආකර්ශණයක් ශ්‍රී ලංකාවේ පවතී. ශ්‍රී ලංකාවේ තේ වතු කම්කරුවන් බහුතරයක්ම ඉන්දියානු සම්භවයකින් යුක්ත ය.
අනාගත සැළසුම්
ශක්‍යතා ගොඩනැගීමේ ක්ෂේත්‍රය තුළ ද්විපාර්ශ්වික සහයෝගිතාව වැඩිදුරටත් ගෙනයමින්, වසර තුනක් තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක් දක්වා දෙරට අතර වෙළඳ කටයුතු දෙගුණ කිරීමට ඉලක්ක කර සිටින බව පසුගිය ජනවාරියේදී ඉන්දීය විදේශ කටයුතු ඇමති සල්මන් කුර්ශීඩ්, ශ්‍රී ලංකාවේ විදේශ ඇමති මහාචාර්ය ජී .එල් . පිරිස් හමුවීමෙන් පසු දිල්ලියේදී නිකුත් කල ඒකාබද්ධ ප්‍රකාශයේ දැක්වේ.
ත්‍රිකුණාමලයේ විශේෂ ආර්ථික කලාපයක් පිහිටුවීමටද, වෙනත් ප්‍රදේශවල ඖෂධ සහ රෙදිපිළි නිෂ්පාදන පර්ෂද ඇති කිරීමට ඉන්දියාව සැලසුම් කර ඇති බවත් අමාත්‍ය කුර්ශීඩ් කියා සිටි. තම අසල්වැසියාගේ විද්‍යා හා තාක්ෂණ, අධ්‍යාපන, සෞඛ්‍ය සහ බලශක්ති වැනි ක්ෂේත්‍රවල කටයුතු සඳහා සහයෝගය ලබා දීමේ ඉන්දියාවේ සූදානමත් ඔහු විසින් නිවේදනය කෙරිණි.
මීට අමතරව ශ්‍රීලංකාව සමග වඩා පුළුල් ආර්ථික හවුල් ගිවිසුමක් ගැන 2004 පෙබරවාරියේ සිට ඉන්දියාව කතිකාවක නිරතවෙමින් සිටී. එමෙන්ම 13 වරක් ඊට අදාළ හමුවීම් සිදුව ඇත. නුදුරු අනාගතයේදී මේ අපේක්ෂිත ගිවිසුම සාක්ෂාත් කරගනු ඇත.
ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ප්‍රජාව හැර ඉන්දීය සම්භවයක් සහිත ජන ප්‍රජාවන් ගැන සලකා බැලීමේදී , නොයෙකුත් ව්‍යාපාරික කටයුතු වල නියුක්ත ශ්‍රිලංකාවේ ඉන්දියානු සම්භවයක් ඇති සින්ධු , බෝරා , ගුජරාටි, සහ පාර්සි ජන ප්‍රජාවන් 8,40,000 පමණ සංඛ්‍යාවකි. ඔවුන්ගෙන් 10,000 ක පමණ සංඛ්‍යාවක් ආර්ථික වශයෙන් වඩාත් සමෘද්ධිමත් ය.
එමෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රධාන දායකයෙක් වන්නේ ඉන්දියාවයි. 2010 වසරේදී දිවයිනට පැමිණි ඉන්දීය සංචාරකයන් ගණන 1,76,340 කි. එය පැමිණි මුළු සංචාරකයන් ප්‍රමාණයෙන් 18% ක ප්‍රතිශතයක් ගනී. ශ්‍රී ලාංකිකයන් විශාල වශයෙන් ඉන්දියාවේ සංචාරය කරනු ලබයි. ඒ බුද්ධගයා, තිරුපති, පුට්ටපාර්ටි හි සායි බබා ආශ්‍රමය , වේලක්කන්නි දේවස්ථානය සහ තමිල් නාඩුවේ පන්සල් වන්දනා මාන කිරීමට ය.
දේශපාලනය සෙසු සබඳතාවලින් විසම්බන්ධ කිරීම
ප්‍රජාව සහ ප්‍රජාව අතර සබඳතාවන් සහ ශ්‍රී ලංකාව සමග අපගේ සබඳතාවන්ගේ ආර්ථික අංශය වෙතින් දේශපාලනය විසම්බන්ධ කීරීම අවශ්‍යව ඇත. සැබවින්ම, වඩාත් සමීපලෙස මැදිහත්වෙමින් වාර්ගික සංහිඳියාව මත බැරෑරුම් ආයෝජනයන් සිදු කිරීමෙන් ඉන්දියාවට බොහෝ වාසි අත්වනු ඇත. මියන්මාරයේදී ඉන්දියාව විසින් භාවිතා කරන ලද ක්‍රමවේදය මෙයයි.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු නිලධාරියෙකු වන රජිව් සික්රි “ අභියෝගයන් සහ උපායමාර්ග” නම් සිය ග්‍රන්ථයේ දක්වා ඇති පරිදි මෙම දිවයින අනාරක්ෂිත බවින් පීඩා විඳින
කුඩා අසල්වැසියෙකු වුවද, අනෙක් අසල්වාසින් හමුවේ මෙන් ඉන්දියාව එය හමුවේ
බිල්ලෙකු ලෙස දිස් නොවිය යුතුය. මෙමගින් අපගේ අසල්වැසියා මෙහෙයවීම සඳහා සුදුසුම තැන පිහිටා සිටීමට ඉන්දියාවට හැකිවනු ඇත.
.............................. .............................. .............................. .............................. .............................. .............................. ......................
හරි නාරායන් විසින් “The Hindu” පුවත් පතට මාර්තු 21 වෙනිදා “ Engaging Srilanka the best way forward” මැයෙන් සම්පාදනය කල ලිපියේ සිංහල අනුවාදයයි.