උපුල් ජයසුරිය නීතිඥ සංගමයේ නව සභාපති

      අද පවත් වනු ලැබූ නීතිඥ සංගමයේ නිලවරනයෙන් නීතිවේදී උපුල් ජයසුරිය නීතිඥ සංගමයේ නව සභාපති ලෙස තේරීපත්වී තිබේ. උපුල් ජයසුරිය ඡන්ද 1471 ලබා ගත් අතර ඔහුත් සමග තරග කල ටිරන්ත වලලියද්ද ඡන්ද 330 සහ ආර් ආර් එස් තංගරාජා ඡන්ද 77ක් ද වශයෙන් ලබාගෙන තිබේ. 

             මරා රෙජීමය විසින් ශිරාණි බණ්ඩාරනායක අගවිණිසුරුතුමියට විරුද්දව ගෙන ආ දෝෂාභියෝගයට විරුද්දව ක්‍රියාකළ අයකු විම මෙහිදී සුවිසේසි කාරණය වේ. දැඩි දේශපාලනීකරණයට  පත්ව තිබෙන අදිකරණ පද්දතිය තුල අදිකරණයේ ස්වාදිනත්වය ස්වප්නයක් පමණක් වි තිබේ. කෙසේ නමුත් වියලි කතරක් ජල බිදුවකින්  තෙත් කල නොහැක, බලා සිටිමු අපි වියලි කතර සිසාරා ඇද හැලෙන වර්ෂාව තෙක්.

අජන්ත ඉලේපෙරුම