බන්ග්ලාදෙශයේත් ඊජිප්තු හැඩ තල



හර්ෂි සි. පෙරේරා

 සමාජ මාද්‍ය හරහා උද්දීපනය වන තරුණ ජනගහනය ලොව පුරා සුවිශාල විරෝදතා ඇති කිරීමෙහිලා හේතුවී ඇත. 

බංග්ලාදේශයේ ඩකා හි ඇති වූ ටිහරි ස්කුවා සමාන විරෝදතාව තවත් හමුදා ආඥාදායකු ඉවත් කිරීමේ ප්‍රයත්නයක් නොවේ. සිය දහස් ගණනක් දින 10 ක් පුරා පාරවල් වල රැස්ව සිටියේ යුද අපරද කරුවන්ට මරණ දඩුවම් පනවන ලෙස ඉල්ලමිනි.

 මහජන කෝපයට හේතුවුයේ සමුල ගාතන, වදහිංසාව, සහ ස්ත්‍රී දුෂණ යන අපරාද 1971 දී පකිස්ථානය සමග පැවති නිදහස දිනා ගැනීමේ ලේ තැවරුණු බංග්ලාදේශ යුද්දයේදී සිදු කිරීම සම්බන්දයෙන් අබ්දුල් කුදාර් මොල්ල්හා නම් ඉස්ලාමිය දේශපාලඥයා වරදකරු වීමත් සමගය. තවද ඔහුගේ දේශපාලන පක්ෂයේ තවත් 08 දෙනෙකු සහ බංග්ලාදේශ ජාතික පක්ෂයේ හිටපු ආණ්ඩුවේ ඇමතිවරයකු ඇතුළු සාමාජිකයින් දෙදෙනෙකුට විරුද්දව නඩු විබාග වෙමින් තිබේ. 

නැගෙනහිර පකිස්ථානය පකිස්ථානයෙන් වෙන්වීමේදී මෙම ගැටුම් ඇති විය. එහිදී පකිස්ථාන හමුදාව සහ ඔවුන්ගේ දේශීය ආදාරකරුවන් අතින් ලක්ෂ 3 ත් මිලියන 3 ත් අතර ජනතාවක් මරුම් කැහ. 

අගමැතිනි ශික් හසිනා බලයට පැමිණියේ යුද අපරාද වලට එරෙහිව නඩු පැවරීම තම ආණ්ඩුවේ ප්‍රමුකතාව බව වේදිකාව කර ගනිමිනි. මුල්ලා ට ජීවිතාන්තය දක්වා පමණක් සිර දඩුවම් දීම ගැන බන්ග්ලාදෙෂවරුන් විශාල සංක්‍යාවක් කොපයට පත්ව සිටි.