කළුතර දකුණ පොලිසිය;- 26 හැවිරිදි එක් දරු පියාට මොකද වුනේ?



හර්ෂි සි. පෙරේරා

2013.02.11 දින මෙම ලිකිත පැමිණිල්ල මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට සහ කළුතර ජෙෂ්ට පොලිස් අදිකාරී වෙත යොමු කලේ ගින්තොට විදනේලගේ අනුලවතිය. ඇය 50 හැවිරිදි සය දරු මවකි. හිරිගල්ගොඩැල්ල, කජුදුව, පයාගල පදිංචිව සිටි. ඇගේ පුතා රොෂාන් ප්‍රනාන්දු නම් වේ. ඔහු 26 හැවිරිදි එක් දරු පියෙකි. ඔහුව 2013.02.03 දින පයාගල පොලිසිය අත්අඩංගුවට ගෙන 2013.02.04 දින අදිකරණයට ඉදිරිපත් කෙරිණි. එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වරෙන්තුවක් ඇති බව කියමිනි. එදින අදිකරණය ඔහුව ඇප මත මුදා හල අතර අදිකරණයේ ගේට්ටුව අසලදී නැවත කළුතර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහුව බැලීමට පොලිසියට ගිය දෙමාපියන්ට ප්‍රකාශ කර ඇත්තේ ඔහු සෑම ඉරිදාම පොලිසියේ පොතේ අත්සන් කිරීමට නියමිත නමුත් එසේ අත්සන් නොකළ නිසා අත්අඩංගුවට ගත් බවයි. නමුත් ඔහුව දෙමාපියන්ට පෙන්වා නැත. නමුත් දැන් ඔහු පොලිසියේ නැත. නිලදාරීන් පවසන්නේ ඔහු පොලිසියෙන් පැන ගොස් ඇති බවය. දෙමාපියන් ඔහුට හිරිහැරයක් වී ඇත්ද යන්න ගැන සැක පල කරති. චායාරුපයේ සිටින්නේ රොෂාන්ගේ මව සහ පියාය.