බොල් මහ සේනා (ධර්ම ඝාතකයින්)

                   මා කියන කාරනා හරහා මට සිදු කිරීමට අවශ්‍ය වන්නේ මේ සියල්ලට පා පහරක් දමා බිම ඇද දමිමටයි, උපන් මාතෘභූමියට යුතුකමක් ලෙස මම එය කරමි. නමුත් එය නොවන බව අපේක්ෂාවෙන්ම මෙම සටහන තබන්නේ මා හදවතින් අත් දැක ඇති කරුණු කාරණා කැටි කර ගනිමිනි. 

                    ලාංකීය දේශපාලනයට බෞද්ධ ආගමේ බලපෑම අඩු වැඩි වශයෙන් අතීතයේ සිටම  දක්නට ලැබේ. මෑත ඉතිහාසයේ එහි උච්චතම අවස්ථාව මා දකින්නේ 72 ව්‍යවස්ථාවෙන් බෞද්ධ ආගමට ලබාදුන් ස්තානයයි. කෙසේනමුත් අතීතයේ බෞද්ධ ස්වාමින් වහන්සේලා  රට ජාතිය ආගම වෙනුවෙන් තම ජිවිත කැප කිරීම් පුජා කිරීම් අතීත ඉතිහාසය කියවන අපට කොතෙකුත් හමුවි තිබේ. අතීතයේ මතක සටහන් තුලින් වර්තමානය ගොඩනැගෙන්නේය යන කියමනට මා එකග නොවන්නේ නැත, ඊට කරුණු කාරණා බොහො ඇත.

                                      නමුත්  මගේ  ප්‍රස්තුත කාරණය වන්නේ  ලංකාවේ මහා සේනාවක් නමින් බොදු බල සේනා පිහිටවාගෙන තිබීමයි. ඕනෑම සංවිදානයක් හෝ දෙයක් පිහිටුවා ගත්තාට අපිට කමක් නැත, කාරණය වන්නේ මේ මහ සේනාව රමණිය වදන් පෙළක් සමග ජන හදවත් තුල වස විෂ පුබුදු කිරීමේ කාර්ය අතිසාර්ථක ලෙස බමුණු මහන කමේද සුසංයෝගයෙන් කර ගෙන යාමයි. 

                     අතීතයේ  නිර්ව්‍යාජ බුද්ද පුත්‍රයන්  රට  ජාතිය වෙනුවෙන් දිවි පිදුවේ  සැබෑ ජාතික වාදයත් නිදහසත් ශාෂණ උන්නතියත් උදෙසාමය. නමුත් වර්තමානයේ මේ බමුණු මහණන් හැඩතලන්නේ ඔවුන්ගේ පෞද්ගලික කාම ලාභ තර කර ගැනීමේ අදිටනින්මය, ඒ බව තහවුරු වන සාක්ෂි වර්තමාන සමාජ දේශපාලනය තුල කාහට වුවද විද්ද්‍යාමාන වේ. මුළු ලංකාවම සිල්වතුන් කිරීමට පැමිණි බමුණු නඩය කරගෙන තිබෙන්නේ කුමක්ද? මා හොදින්ම දන්නා වර්තමාන බමුණු දහමේ ඉහල නිලතල දරන විශාල පිරිසකට හොර අඹුවන් සිටිති. එමෙන්ම ඔවුන්ටම කියා සුවිශාල මන්දිරද තනාදී තිබේ. මෙය මට පැවසීමට අවශ්‍ය මුඛ්‍ය කාරණය නොවේ. ප්‍රධාන වශයෙන් මේ මොනවා කලත් අපට කරන්නට දෙයක් නැත. මොකද සත්‍ය බුදු දහමට ඔවුන් කර තිබෙන විනාසය කියා දීමට යෑම සියතින් ගෙල වැලලා ගැනීමකි. සැබවින්ම මොවුන් ධර්ම ඝාතකයින් ලෙස නම් කිරීම යුක්ති යුක්තය.
                     
 කෙසේ නමුත් අපට මාතෘ භූමියක් තිබිය යුතුය. වර්ෂ 1956 දීද සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමට ප්‍රමුක වුයේ මෙවැනිම පිරිසකි. එයින් ඉටු කර ගනු ලැබූ කෙන්ගෙඩිය කුමක්ද එනම් රටට වසර ගණනාවක යුද්ධයකට මාර්ගය විවර කර දී දුගී දුප්පත් අසරණ ජනතාව මුලා කිරීමට රාජපක්ෂ වැනි නායකයන් බිහි කිරීමය. හුදු කාම බෝග සැප සම්පත් වලට ලොල්ව අනෙකා දඩමීමා කරගැනීමට සමත් මොවුන් නැති ප්‍රශ්න විසදීමට යන්නේ තමන්ගේ සැප සම්පත් අඩුවෙය යන බිය නිසාමය. අනෙක් කරුණ මේ බමුණු මහණන් තමන්ගේ සැබෑ ප්‍රශ්නය මතුවීම වලකනු පිණිස සිදු කරන්නේ මුළු රටක් අනතුරේ හෙලීමය.  මෙය ලියන මමත් සිංහලයෙක්මි. සත්‍ය ලෙසම ඉර්සියාව, කුහකත්වය, උකටලී කම සිංහලයන් ලග අඩු නැත. අයෙකු ඉතා දක්ෂ ලෙස මොනයම් දෙයක් හෝ කරගෙන යයි නම් එයට අකුල් හෙලා තමාගේ නොහැකියාව වසා ගන්නට සිංහලයෝ  උපන් ගෙහි සුරයෝය. තමන්ගේ නොහැකියාවට කවුරුත් පලිද කල යුත්තේ ඔවුන්ට ඊර්සියා කිරීමද ධෛර්ය ගෙන නගිසිටිමද. 
                 
   මහා සේනාව කරන ආකාරයට සිංහල ජාතිය නැගිට්ට විය හැකිනම් ලංකාව සුර පුරයක් විය යුතුය මොකද මෙවැනි සෙප්පඩ සේනා ලංකාවේ ඕනෑතරම් බිහි වී තිබේ නමුත් අවසානයේ ඔවුන් රටට උරුම කර දී තිබෙන්නේ  විනාසයක්මය. අදාල හලාල් ලකුණ සම්බන්දයෙන් හෝ  මතුකරන සියලුකරනා හිස් ඒවාය. ඒ සියල්ල විදිමත් සාකච්චාවකින් නිරාකරණය කිරීමට බොහෝ ඉඩ ප්‍රස්ථා සමාජයේ ඕනෑතරම් තිබේ. නමුත් මේ කිරීමට හදන්නේ අනෙකාට ඔත්තු සැපයිමකි, අනෙකාට මාතෘකා දීමකි. මල පහ නොවි හිරවී ඇති ආකාරයෙන් මෙම කාරණා ගැන හඩ තැලීමට අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ මේවා විදිමත් ලෙස සංහිදියාවෙන් නිරාකරණය කර ගැනීමයි. මේවට උඩ ගෙඩි දෙන ආණ්ඩුවද ජනතාවගේ සැබෑ ප්‍රශ්න වසා දැමීමට මේවා භාවිතා කිරීම රටට ආශීර්වාදයකි. ප්‍රඥාවන්ත එක් සිංහලයෙක් හෝ සිටිනම් මේ බොල් සේනා වලට සහය නොදෙන ඔහුට හෝ ඇයට මාතෘභුමිය නමස්කාර කරනු ඇත.

  අජන්ත ඉලේපෙරුම