සමලිංගික ජෝඩු වලට දරුවන් හදන්න බැහැ .



හර්ෂි සි. පෙරේරා

දරුවන්ගේ වැඩීමට අවශ්‍ය උණුසුම් සහ ආරක්ෂාකාරී වාතාවරණයක් සමලිංගික යුවලවල් වලට ලබා දිය නොහැකි බව ටොරි ඇමති ඩේවිඩ් ජොන්සන් කියා සිටි. ඔහු මෙම විවේචන එල්ල කලේ වෙල්ෂ් රුපවාහිනී වැඩසටහනකදීය. මෙයට දින 10 කට පෙර සමලිංගික විවාහ හදුන්වා දීම පිලිබදව ආණ්ඩුව චන්දයක් පැවැත්වූ අතර එහිදී ටොරි පක්ෂය සිය එකමුතු බව රැක ගැනීමෙහිලා අරගලයක නිරත විය. සමලිංගික විවාහ වලට විරුද්දව චන්දය ප්‍රකාශ කල කැබිනට් ඇමතිවරු දෙදෙනාගෙන් කෙනෙකු වුයේ ජෝනස්ය. නමුත් තමා මෙයින් සමලිංගික පාර්ශවයන්ට ස්ථාවර සබදතා ඇති කර ගත නොහැකිය යන්න අදහස් නොකරන බවත වැඩි දුරටත් පැවසුවේය. ඔහුගේ මෙම ප්‍රකාශයට විරෝදතා එල්ල වුවිට ඔහු කියා සිටියේ තමා වසර සිය ගණනක සිට සංවර්දනය වූ විවාහය නමැති සංස්ථාවට ළමුන්ව උණුසුම්ව හා අරක්ෂකරිව හැදීමට හැකිය යන මතයේ සිටින බවත් එමනිසා තමාගෙන් රුපවාහිනී වැඩසටහනේදී සමලිංගික විවාහ වලට විරුද්දව චන්දය දුන්නේ මන්දැයි ප්‍රශ්න කලවිට එසේ ප්‍රකාශ කල බවයි.