ඔස්කා පිස්ටෝරියස් මිනීමැරුම් නඩුව;- පරික්ෂකයාගේ දෑත් වල ලේ.



හර්ෂි සි. පෙරේරා

ඔස්කා පිස්ටෝරියස් මිනීමැරුම් නඩුවේ ප්‍රදාන පරික්ෂකයාට මිනීමැරීමට තැත් කිරීම පිළිබද චෝදනා එල්ල වී තිබේ. ඒ දකුණු අප්‍රිකානු පොලිස් ප්‍රකාශක කියන ආකාරයට පුද්ගලයින් 07 දෙනෙකු ගමන් කරමින් සිටි කුඩා බස් රථයකට ඔහු විසින් වෙඩි තැබීම නිසාය. ගිය බදාදා පිස්ටෝරියස් ඇපිල් නඩුවේ සාක්ෂි දුන් පරීක්ෂක හිල්ටන් බෝතාට මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවට මැයි මස අදිකරණයේ පෙනී සිටීමට නියමව තිබේ. මෙම චෝදනාවට පාදක වන්නේ 2011 ඔක්තෝම්බර් මස හටගත් සිදුවීමකි. මෙය පිස්ටෝරියස් නඩුවට කෙසේ බලපයිදයි කිව නොහැකි මුත් එය අදයිර්ය කරනු ඇති බව පොලිස් ප්‍රකාශක කියා සිටි. මේ අනුව පාද දෙකම කපා දැමු ඔලිම්පික් මලල ක්‍රීඩකයා තමා සිය පෙම්වතිය ගාතනය කලේ අත්වැරදීමකින් යන්නට කරන ප්‍රකාශය අබියෝගයට ලක් කිරීමට සාක්ෂියක් නැති විය. මෙම අත්වැරදීමක් වූ වෙඩි තැබීම ගිය සතියේ ආදරවන්තයින්ගේ දිනයදා ඔහුගේ නිදන කාමරය තුල සිදුවූ අතර ඔහු සිතා සිටියේ කාමරයට ඇතුළු වූ සිය පෙම්වතිය රිවා ස්ටින්කම්ප් අනවසරයෙන් එහි ඇතුළු වූ බවයි.