ෂරියා ප්‍රතිවිපාක;- ගාඕ ජනයා අන්ගචේදනයට සහ තාඩනයට



හර්ෂි සි. පෙරේර

අරාබි ජිහදිවරුන් ගාඕ ජනයාට එරෙහිව විපාක ගෙන දෙන ෂරියා නිතිය බාවිතයට ගනිමින් ඔවුන් අංග චෙදනයට හා තාඩනයට මාස 09 ක් තිස්සේ බාජනය කළහ. මේ තත්වයට ගොදුරුවුයේ වාර්ගික කණ්ඩායම්ය. මේ ජිහදින් පලවා හැරීමට ගිය සතියේ ප්‍රංශ සහ මාලි හමුදාවන්ට හැකි විය. සොරෙකුට සිය දකුණු අත අහිමි විය. කොල්ලකමකදී චුදිතයින්ට දකුණු අත සහ වම් පාදය යන දෙකම අහිමි විය. ගිය වසරේ දෙසැම්බර් 21 ජනයා මිට පෙර කිහිප අවස්ථාවකදී මෙන් රැස් කර ඔවුන්ට බලා සිටින්නට කියා මගේ අත පිහියකින් කැපු බව ඉස්ස අල්සෝම පැවසුවේය. එහිදී කිසිවෙකුටත් කතා කිරීමට ඉඩ දුන්නේ නැත. අල්සොම් චෝදනා ලැබුවේ මෝටර් සයිකලයක් සොරකම් කිරීමටය . නමුත් හෙතෙම එම චෝදනාව බැහැර කරයි. ජිහදිවරුන් මෙම අන්ගචේදන සදහා යොදාගත්තේ ගාඕ පදිංචිකරුවන් පැසිපන්දු තරග නැරබීමට යොදා ගන්නා වැලි ඇතිරූ චතුරශ්‍රයයි.  -->