ශාන්ත වැලන්ටයින් ...



වැලන්ටයින් රෝමයේ විසු පුජකවරයෙකි . එකල ආදරය හා විවාහය තහනම් වූ අදුරු යුගයක් විය 

.වැලන්ටයින් පුජකතුමා හිංසනයට පත්වූ සොල්දාදුවන් අතර පර්ච්මන් කඩදාසියෙන් හදවතක හැඩයෙන් පින්තුර කපා කිතුනුවන් අතර බෙදා හරිමින් දෙවියන්ගේ ආදරය හා විශ්වාශය බෙදාදුනි .එමගින් පිඩාවට පත්වූ සොල්දාදුවන්ට දහිරිය ලබාදුනි . 

 එදා සිට අද දක්වා ආදරය ප්‍රකාශ කරමින් පෙම්වතුන්ගේ දිනය නිර්මාණය වුයේ මෙලෙසිනි .ක්‍රිස්තු වර්ෂ 270 ක් වූ අතීතයේ රෝම අධිරාජ්‍ය විසින් කිතුනුවන්ට දැඩි තහංචි පනවා තිබුණි . තම මිසම තුල සිටි කිතුනුවන්ට පනවන ලද වදහිංසා හා පීඩාවන් අවම කිරීමට ශාන්ත වැලන්ටයින්තුම කටයුතු කළේය .

 රෝම අධිරාජ්‍ය මගින් තහනම් කර තිබු විවාහය වැනි පුජනිය උත්සව සංවිධානය කළේය .ආදරය හා විවාහය තහනම් කර තිබු පුජකයන්ගේ හා සොල්දාදුවන්ගේ විවාහ උත්සව සංවිධානය කළේය . ආදරය පැතිරවීමේ අධිරාජ්‍ය විරෝධී ක්‍රියාව හේතුවෙන් එතුමාට මරණ දඩුවම ලබා දීමට රෝම අධිරාජ්‍ය කටයුතු කළේය . එතුමාගේ අපිරිමිත ආදරය බෙදා හැරීමේ මානුෂික සංකල්පය නිසා ශාන්ත වැලන්ටයින් පුජකතුමා සිය දිවි පිදුවේය .

 එදා සිට අද දක්වා එතුමාගේ ක්‍රියාවන් මුල් කර ගනිමින් සුබ පැතුම්පත් හා රෝස මල් හුවමාරුව සිදුවුනි . නමුත් අද වන විට මේ ඉතිහාස කතාව කාටත් අමතක වී , වානිජකරණය හා අපචාර සහිත වූ පෙම්වතුන්ගේ දිනයක් උදාවී තිබේ . ශෂිකලා පුංචිහේවා