"මගේ විවාහය විශාල අත්වැරදීමක් ! " - අරෆට්ගේ වැන්දබුව.



හර්ෂි සි. පෙරේරා

තමා සිය වතාවක් පමණ සැමියාගෙන් ඉවත්වීමට උත්සහ කල බවත් ඇත්ත දන සිටියේනම් කිසිදා විවාහ නොවන බවත් හිටපු පලස්තීන නායක යසර් අරෆට්ගේ බිරිද සුහා අරෆට් පවසන්නීය. තමා සුවාමි පුරුෂයාට ආදරය කල නමුත් විවාහය බරපතල අත්වැරදීමක් බවත් තමා ඒ ගැන කනස්සල්ලට පත්වන බවත් සුහා අරෆට් තුර්කි පුවත්පතක් වූ සබැහ වෙත පවසා තිබුණි. මේ දෙදෙනා 1990 දී ටියුනිසියාවේදී රහසිගත ලෙස විවාහ වුනි. එවිට සුහා ට වයස අවුරුදු 27 ද අරෆට් ට වයස අවුරුදු 61 ද විය. ඉන් වසර 05 කට පසු ඔවුන්ගේ දියණිය සහවා ඉපදෙන ලදී. තම මව මෙම විවාහයට විරුද්දවූ බව ඇය වැඩිදුරටත් පවසන අතර ඔහු ශේෂ්ට්ර නායකයකු නමුත් තමා හුදකලා වූ බව ඇය පවසන්නීය. ක්‍රිස්තියානි ඇය විවාහය නිසා ඉස්ලාම් විය. මිට අවුරුදු 08 කට ඉහත අරෆට් මියගිය අතර ඉන්පසුව සුහාට දුසිම් ගණන් විවාහ යොජානා ආවද ඇය ඒ වා ප්‍රතික්ෂේප කලාය . ඇයත් ඇගේ දියණියත් මල්ටා වල පලස්තීන අදිකාරියෙන් ලැබෙන පවුම් 8450 ක මාසික විශ්‍රාම වැටුපෙන් ජිවත් වේ. ගිය වසරේ නොවෙම්බර් මස වැඩිදුර පරීක්ෂණ සදහා අරෆට්ගේ සිරුර ගොඩ ගන්නා ලදී.