සටහන
ශෂිකලා ඩි ජී පුංචිහේවා
මානුෂිය හැසිරීම් වලට සිමා මායිම් නැත. බන්ධන හා ගැලපිම්ද නැත. නිදහස හා අභිරුචිය පමණක් අදාල වේ .පමණක් මනුෂ්‍යයෝ මෙලෙස ජිවත් වෙති. තවෙකෙකු දමාගත් රාමුවක ජිවත් වෙයි. විප්ලවීය සමාජ බිහි වෙන්නේ අවිචාර යුග තුල බව අපට පැහැදිලිය.
බොහෝ දේ කරනු ලබයි. ගෝලීයකරණය ඔවුන්ව ඉදිරියටම ගෙන යයි. විවිධ ඉසවු කරා ල පිනුම් ගහමින් ල අලුත් දේ උගෙනී. එහෙත් අවිචාරය ඔවුන් පසුපස හඹා එන බව නොසිතේ බුද්ධිය හා අවිචාරය ගැටිය හැකිදැයි මිනිසා වටහා ගෙන නොමැත.
අවිචාරය බුද්ධිය ගිල ගනිමින් ඉදිරියටම යන ආකාරය වර්තමාන සමාජය දෙස බැලීමෙන් පෙනී යයි. ජීවත්වීම අද කලාවකි. එය විකුණගෙන කෑම බොහෝදෙනා විසින් මේ වන විට සිදු කරනු ලබයි.
පරාර්ථය ඉස්මතුවීම වරදක් නොවේ. එහෙත් එය සමාජ හානියක් නම් වරදක් වන්නේය. මේ වන විට සමාජ පිළිල කිහිපයක් වර්ධනය වෙමින් පවතී. බලය හා මුදල් මත පදනම් වෙමින් අවිචාරය ගලා යයි.
යුක්තිය ගෙදර ගියාය නොකළ වරදකට ඇය ජීවිතය දුන්නාය. ගම්බිම් හා සතා සිව්පාවා විනාශ මුකයට ඇද ගහැලුනහ . ජීවිතය රගහලක් කර ගන්නට සිතු ඇයද මහමග ගුටි කා බලහිදී අවිචාරය සියල්ල අබිබවමින් ඉදිරියටම යයි. මානුෂිය හැගීම් තවමත් සදාචාරය සෙවීම වරදක් නොවන්නේදැයි විමසිය යුතු වන්නේ එලෙසිනි.
සියලු දේට සදාචාරයක් තිබිය යුතු යයි කිව යුතුය. එහෙත් වාරණ අවශ්‍ය නැත. නිර්මාණශීලි ගතිකත්වය සමාජ දියුණුව කරා රැගෙන යයි. මිනිසා නැවතත් දෙපයින් සිටගත යුතුමය එවිට අවිචාරය පලායයි. -->