කිලිනොච්චි කලාප අධ්‍යක්‍ෂකවරයා හමුදා කඳවුරකට කැඳවයි

කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්කයන්හි පාසල් සඳහා හමුදා සාමාජිකයින් පත් කිරිමේ සිදුවිම සමිබන්ධයෙන් දෙමළ මාධ්‍යයන්වල බොහෝ පුවත් පල විය. එසේ පලවු පුවත්හි පිටපත් සමඟ කිලිනොච්චි කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරයා හමුදා කඳවුරට කැඳවා ඇත.
 
කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රිකයන්හි පාසල් සඳහා 2013.01.02 වන දින සිට සිංහල ගුරුවරුන් ලෙස හමුදා සාමාජිකයින් පත්කරන ලදි. ඉන් අනතුරුව මේ සමිබන්ධයෙන් මාධ්‍යයන්හි බොහෝ පුවත් පලවු අතර, මේ සමිබන්ධයෙන් ජනතාව අතර දැඩි අප්‍රසාදයක් ඇති විය.

තවද මෙමඟින් සමහර අධ්‍යාපන නිළධාරින්ගේ සත්‍යය මුහුණුවර හෙලිවු අතර, සමහර අකටයුතුකම්ද හෙලි විය. මෙවැනි අවස්ථාවකදී 2013.01.10 වන දින කලාප අධ්‍යක්‍ෂකවරයා හමුදා කඳවුරට කැඳවා ඇති බවටද පුවත් පලවි තිබුණී. කෙසේ වෙතත් හමුදා කඳවුරෙහි සිදුවුයේ කුමක්ද? අධ්‍යාපන නිළධාරියා කැඳවුයේ කුමකටද? යන කරුණු කිසිවක් අනාවරණය වි නොමැත. කෙසේ වෙතත් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අධ්‍යාපනය ඇතුළු සියලු කටයුතුවලට හමුදාව මැදිහත්වන බව මෙහිදි සඳහන් කල යුතුය.