අගවිනිසුරුවරිය මාස 3 ක් කල් ඉල්ලු කතාව අමූලික බොරු

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන්ට දිගින් දිගටම තර්ජන

මොහාන් පීරිස් දත කට මදී

 
(ලංකා ඊ නිව්ස් -2013.ජන.12, ප.
ව.1.00) ආචාර්ය ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය ඒකාධිපති මරාගෙන් මාස 3 ක් කල් ඉල්ලා ඇතැයි ද මරා එය ප්‍රතික්ෂේප කර ඇතැයිද ලංකාදීප පුවත්පතේ මරාගේ සට්ටැඹි බෝතල් පත්තර කාරයා රන්ජිත් ආනන්ද ජයසිංහ නමැත්තා ලියා ඇති වාර්තාව අමූලික බොරුවක් බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ. අගවිනිසුරුවරියගේ නීතිඥයන් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට යන බවද වාර්තා වේ.

මේ අතර අගවිනිසුරුවරිය චෝදනා තුනකට වැරදි කාරිය යැයි තීරණය කල නොතේරීම් කමිටු වාර්තාවට පාර්ලිමේන්තුවේ බහුතරයෙන් සම්මත වූ බව (එවැන්නකට ඡන්දය විමසුවේ නැති වුවද) දන්වා කතානායක අයියා චෞර චමල් ඒකාධිපති මරා වෙත ලිපියක් ඊයේ රාත්‍රියේම එවා ඇති බවත් එවැන්නක් ලැබුනු බවත් ඒකාධිපතියාගේ ලේකම් කාර්යාලය තහවුරු කර තිබේ.

ඒකාධිපති මරා විසින් ශිරානි බණ්ඩාරනායකව නීතිවිරෝධීව පන්නා දමා අගවිනිසුරුවරයා ලෙස පත් කිරීමට යන්නේ හිටපු නීතිපති වත්මන් ජනාධිපති උපදේශක මොහාන් පීරිස් බව දැන ගන්නට තිබේ. මොහාන් පීරිස් නමැත්තා ප්‍රගීත් එක්නැලිගොඩ වෙනත් රටක සිටින බවට තමා වෙත විශ්වාසදායී තොරතුරු ඇතැයි ජාත්‍යන්තරයේදී ප්‍රසිද්ධියේ පවසා පසුව අධිකරණයේදී එය එසේ නොවේ යැයි කියමින් ජාත්‍යන්තර වශයෙන්ම බොරුකාරයෙක් බවට තහවුරු වූ තක්කඩියෙකි.

වර්තමානයේ මොහාන් පීරිස් ගෝඨාගේ ආරක්ෂක සේවය වන රක්නා ලංකා හි අධ්‍යක්ෂ වරයෙක් වන අතර අගවිනිසුරුවූ ගමන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ආරක්ෂාව විනිසුරු ආරක්ෂක සේවයෙන් ඉවත් කර රක්නා ලංකා ආරක්ෂකයන්ට බාර දීමට දැන්මම පිඹුරු පත් සකසා ඇතැයි වාර්තා වේ. ඒ එමගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ට බලපෑම් කිරීමට ය.

ඊයේ පාර්ලිමේන්තුවේ නීති විරෝධී යෝජනා සම්මතයෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් බොහෝ දෙනෙකුට තර්ජනය කරමින් දුරකථන ඇමැතුම් ලැඛෙන බව වාර්තා වේ. විනිසුරුවරුන් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර නැත්තේ පසුගියදා අධිකරණය ඉදිරිපිටදී මැරයන්ට ආරක්ෂාව දුන් පොලිසියකට පැමිණිලි කිරීමෙන් වැඩක් වේදැයි යන සැකය නිසා ය.

නව තත්ත්වය යටතේ අගවිනිසුරුවරිය ගන්නා ඕනෑම ක්‍රියාවකට සහාය පළ කරන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සේම නීතිඥ ප්‍රජාවද අගවිනිසුරුවරිය වෙත දන්වා තිබේ. අගවිනිසුරුවරිය නීති විරෝධී ආකාරයෙන් ඉවත් කර වෙනත් අයෙක් අගවිනිසුරුධූරයට පත් කළහොත් එය අභියෝගයට ලක් කිරීමට නීතිඥවරු විශාල පිරිසක් දැනටමත් සූදානම් වන බවද ලංකා ඊ නිව්ස් වෙත දැනගන්ට තිබේ.

අගවිනිසුරුවරියගේ නිල නිවසින් ඇය බලහත්කාරයෙන් පන්නා දැමීමට ඊයේ සැලසුම් කර තිබූ සැලැස්ම අකුලා ගෙන ඇත්තේ නිල නිවස ඉදිරිපස සත්‍යග්‍රහ කණ්ඩායම සහ එහි පැමිණි ඇමැතිවරු කිරිබත් කෑමේ සිට සිරස මාධ්‍ය ජාලය විසින් එය සජීවීව විකාශය කිරීම නිසා බව දැන ගන්නට ඇත. මැරයන් සහිත බස් දෙකක් සරණ මාවතේ රඳවා තිබී ඇති අතර පසුව සැලැස්ම වෙනස් කරගෙන ඇත්තේ සජීවී විකාශයක දී මැර ක්‍රියා සියල්ලද සජීවීව විකාශය වීම නිසාය. සිරස මාධ්‍යවේදීන්ට ගහලා පැන්නීම කිරීමටද ප්‍රමාද වූවා වැඩි නිසා සැලැස්ම අකුලා ගෙන තිබේ.