ඊජිප්තු ගැටුම් ;- ෆුට්බෝල් කැරැල්ලට සම්බන්ද 21 ට මරණ දඩුවම.



හර්ෂි සි. පෙරේරා

ගිය වසරේ ප්‍රතිවිරුද්ද පාර්ශව දෙකක් අතර ෆුට්බෝල් තරගයකදී ප්‍රචණ්ඩත්වයක් ඇති විය. ඊජිප්තුවේ පොත සේද හි ඇතිවූ මෙම කැරලිකාරිත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 30 ක් මරණයට පත්ව 250 ක් තුවාල ලැබිය. එම ප්‍රචණ්ඩත්වයට චෝදනා ලැබුවන් 21 දෙනෙකුට ඊජිප්තු අදිකරණයක් මරණ දඩුවම නියම කිරීමත් සමග දැන් එහි බරපතල ගැටුම් උද්ගතව ඇත. මෙම දඩුවම නියම කෙරුනේ 2012 පෙබරවාරි 01 වැනිදා පොත සහිධි හි එරට දේශීය කණ්ඩායම කයිරෝ අල අහලි කණ්ඩායම විසින් පරාජය කිරීමත් සමගය. ඊජිප්තු හමුදාව තම සේනා කැදවිය. ඒ අල මස්රි ෆුට්බෝල් කණ්ඩායමේ ඥාතීන් සහ රසිකයින් පොලිස් ස්ථානයකට සහ සිරගේදරකට පහරදී දඩුවම් නියම වුවන් මුදා ගැනීමට උත්සහ කිරීමේදීය. විනිසුරු සොබි අබ්දෙල් මගිඩ් තීන්දුව ප්‍රකාශයට පත්කිරීමත් සමග කයිරෝ හි රසිකයින් ප්රිතිගොෂා කල අතර පොට් සහිධි හි අය විරෝදතා දැක්වූ අතර පාරවල් අවහිර කරමින් පොලිසියට පහරදුන්හ. පොලිසිය මෙම පිරිසට පෙරලා කදුළු ගෑස්, රබර් උණ්ඩ සහ ජිව උණ්ඩ වලින් පහර දුන්හ. මෙම මරණ දඩුවම ඊජිප්තුවේ ජෙෂ්ට ආගමික අදිකාරිය වන ග්රෑන්ඩ් මුෆ්ටි මගින් ස්ථිර කර ඇති අතර එයට එරෙහිව අබියචනා කල හැකි වේ. තවත් චුදිතයින් 52 කට මාර්තු මාසයේ දඩුවම් නියම කිරීමට නියමිත අතර ඒ අතර ආරක්ෂක නිලදාරීන් 09 දෙනෙකුද සිටිති. මෙම තීන්දුව ප්‍රකාශයට පත්වුයේ ඊජිප්තුවේ ඉස්ලාම් ජනපති මොහොමඩ් මුර්සිට එරෙහි විරෝදතකරුවන් සහ ආරක්ෂක අංශ අතර මාරාන්තික ගැටුම් ඇති වී දිනකට පසුවය.  -->