තනි තටුවෙන් පියාඹන්න ..............




සටහන
 ශෂිකලා දුලෂිනි ජි . පුංචිහේවා

ස්ත්‍රීත්වය ඇයට ශාපයක් ලෙස සිතුනි . වයස අවුරුදු දහයදී , නිවසේ පැවති අගහිගකම් හා අඩු සැලකිලි මත , ජානකි නිවසින් පැන ගියාය . හෝටලයක මෙහෙකාර කමේ කලක් . පිරිමින් හා උරෙන් උර ගැටී රැකියාව කලා . ජානකි උනුන් අතර සුවිශේෂය .

 වෙනස ගැටළුවක් වූ කල , ඔවුන් ඇය මේසයක් මත නග්ගා , ලිංගිකත්වය එලියට ගන්නා ලදී . සමාජය ඉදිරියේ ඇය ප්‍රථම වතාවට නිරුවත් විය . ස්ත්‍රිත්වයට ශාප කරමින් ඇය වයස දහහතරේදී ගැබ් ගත්තාය . බල වයස් කාරියන් වූ බැවින් ඔවුන් ළමා නිවාසයක හැදුනි . වයස දහාටෙදී , දරුවාගෙන් වෙන්ව , නැවත සමාජගත විය . 

 ලිංග පරික්ෂා සියල්ල අබිබවමින් ඇය ,යුධ හමුදා සේවයට සෙබළකු ලෙස බැදුණි . ඇය කදිම කොලු ගැටයකු ලෙස පෙනුණු බැවින් , ඉහල නිලදාරියකුට ලිංගික අල්ලස් දී හමුදාවට එක් වුවද , වසර දෙක , තුන යන විට ඇය අනෙක් සෙබළුන්ටද ඕනෑ විය . ඇයට විරුද්ධ ලිංගික ආකර්ශනයක් නොවිය . රස්සාව තිත්ත විය . හමුදාව හැර ගියේය . නව යොවුන් තරුණයකු ලෙස ස්ත්‍රීත්වය යටපත් කරමින් , වරින් වර විවිධ රැකියා වල නිරත වෙමින් , ඇය මේ , විට , ගැරේජ් වැඩ , රියදුරු කම ආදී සියල්ල උගෙනමින් , පිරිමියකු ලෙස පරිපුර්ණ වන්නට විය . කොල්ලන් අතර ඇය පොරක් විය , බජාර් බැස්සේය . කාටත් හිත හොද විය . 

 ඇය ආදරය කළේය ආදරය උගත්තේය , ස්වභාව ධර්මයට එරෙහි වන්නට ඇයට නොපිළිවන . එහෙත් ඇය ප්‍රේම කලේ , තවත් ස්ත්‍රින්ටමය . වෙනස එයයි . විවාහ වීම දරුවන් හැදීම , ඇයට අහම්බයක්ම විය . සිතුවිලි සාමාන්‍ය විය . සමාජ හානි ,වෙනත් විෂම චර්යා ඇයට නොවිය .

 බෙහෙවින් අහිංසකව තමන්ගේ පාඩුවේ ජිවත් වන්නට පමණක් ඇයට ඕන විය . නමුත් , සමාජ වට පිටාව තුල ඇය කෙසේ පවතිම්ද ? යහළුවන් සමග සිටිද්දී , ඇය අත්අඩංගුවට පත් වුයේ , නීති විරෝධී ආයුධ ලග තබා ගැනීමේ වරදටය . නැවත ස්ත්‍රීත්වය හරස් වෙමින් පොලිසියදී ඔවුන් එකම කුඩුවකට දැමීම හේතුවෙන් , තවත් වරක් ඇය නිරුවත් වුයේ , තව දුරටත් පිරිමියකු ලෙස පවතින්නට .නොහැකියවෙනි . 

 කාලයකටම ඇය බන්දනගාරගත විය . එය ඇයට විශ්ව විද්‍යාලයක්ම විය . බොහෝ දේ උගෙන ගත්තේය . පෙර , වෙනත් වැරදි නොවූ ඇය , කලහකාරී වන්නටත් , මත් කුඩු බොන්නටත් පටන් ගැනුනි . එහිද ඇයට පෙම්වතියක් විය . ඇය කුඩු මුදලාලි කෙනෙකු විය .ජානකි නිදහස්ව ගියද , යන්නේ බොරැල්ලේ සිටින සිය කුඩු පෙම්වතිය ලගටය . පුෂ්ටිමත්ව සිටි ඇය කෙසග විය . මේ වන විට , වරින් වර බොරැල්ලේ මන් සංදී වල ජනකිව නෙත ගැටේ . ඇය උඩුගම් බලා ගොස් ඇත . 

 අශෝක හදගම තනි තටුවෙන් පියාබන්න බැරි බව අපට .කිවේය සමාජ තුල ස්ත්‍රිත්වයට පවතින්නට බැරි ඇයිද යන්න ඔහු කිවේය . සමාජ අසාධාරනකම් මොනවාද පෙන්නුවේය . තවත් ජනාකිලා සිටින්න පුළුවන . පුද්ගලයා මනින එකම මිම්ම ලිංගිකත්වය නොවන බව ඇයි ? වටහා නොගන්නේ ..... එබැවින් වරද ජනකිලාගේද ? සමාජයේද ? -->