"මරපු එකා මරණ ගෙදර යාම" - ගමේ කතාවක්.



හර්ෂි සි. පෙරේරා

විජේදාස රාජපක්ෂ, ගුණරත්න වන්නිනායක, උපුල් ජයසුරිය යන නීතිඥ මහතුන්ගේ ජිවිත සහ දේපල වලට මේ වන විටත් බරපතල තර්ජන එල්ල වී ඇත. විජේදාස රාජපක්ෂ මහතාගේ නිවසට වෙඩි ප්‍රහාරය එල්ල වීමෙන් පසුව ජනාදිපතිවරයා එහියම සිහිපත් කරන්නේ ඉතත සදහන් ගමේ කතාවයි. සියල්ල සිදුවන්නේ දෝෂාබියෝගය පසුබිමේ තිබියදීය. දැන් නීතිඥවරුන්ට සහ අගවිනිසුරුවරියට පිළිතුරුදීමට මවින් සිල්වා සාදකයද ඉදිරියට ගනු දැකිය හැක. අගවිනිසුරුවරිය අද දේශපාලන රංගනයක යනුවෙන් මවින් සිල්වා අද ඉරිදා දිනමිණට ප්‍රකාශයක් කර ඇත. මේ අතර මහනායක හිමිවරු මාදුළුවාවේ සොබිත ඇතුළු බවුද්ද බික්ෂුන් වහන්සේලා ඇතුළු ඇතැම් අන්‍ය ආගමික පුජකතුමන්ලා මේ ගැටලුව සම්බන්දයෙන් දක්වන ප්‍රගතිශීලි ස්ථාවරය පසැසිය යුතුව තිබේ. අද ඉරිදා දිවයින සංග්‍රහයට කතෝලික ආගමේ නායක පියතුමෙක් ඉතා කාලෝචිත සම්මුක සාකච්චාවක් ලබා දී තිබේ. එය පවුකාරියට ගල් ගසියහැක්කේ නිර්දෝෂී අයට පමණයි - ගරු බෙනඩික්‌ ජෝෂප් පියතුමා යනුවෙනි. එහි වැඩිදුරටත් මෙසේද සදහන් වේ. "අද මේ රටේ අගවිනිසුරුතුමිය දූෂිත කාන්තාවක්‌ ලෙස චෝදනා කරන්නට දේශපාලනඥයන් කටයුතු කරන බව පෙනෙනවා. ඇය එබඳු තැනැත්තියක නම් ඇය ඉවත් කළ යුතු වූවත් ඇය කර ඇතැයි කියන දූෂිත ක්‍රියා විභාග කරන දේශපාලනඥයන් කෙබඳු විනිවිද භාවයකින් යුතු අයද? ඡේසුස්‌ වහන්සේ දේවමාලිsගාවට වැඩි අවස්‌ථාවක විනයධරයෝ කාම මිත්‍යාචාරයේ හැසිරෙද්දී හසු වූ ස්‌ත්‍රියක්‌ උන්වහන්සේ වෙතට රැගෙන ආවා. ගුරු දේවයිsනි මේ ස්‌ත්‍රිය කාමමිත්‍යාචාරයෙහි යෙදී සිටියදීම අල්ලා ගත්තා. මෙබඳු අයට ගල්ගසා මරා දමන්නට ව්‍යවස්‌ථාවෙන් අපට අණකොට තිබෙනවා. ඔබවහන්සේ මැය ගැන කියන්නේ කිමෙක්‌දැයි උන්හන්සේගෙන් විමසා සිටියා. එවිට උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ ඔබ අතුරෙන් පවක්‌ නැති තැනැත්තා පළමුකොට ඇයට ගලක්‌ ගසන්නැයි කියාය. එය ඇසූ සියලුදෙනාම ඒ ස්‌ත්‍රිය අතහැර යන්නට ගියා." අදටත් ශ්‍රී ලාංකීය සමාජයට මග පෙන්වීමට ආගමික නායකත්වයට බොහෝදෙ කල හැකියි.  -->