සිරකරුවා හා සමාජය


සටහන 

ශහිකලා දුලාශිනී ජී පුංචිහේවා

 මානව ශිෂ්ඨාචාරය කෙරෙහි අවධානය යොමු කිරීමේ දී අපරාධය නැමති මානව හැසිරීම් රටාව පිළිබඳ මිනිසුන්ගේ අවධානය යොමු වූයේ ඉතා ඈත අතීතයේ සිටය. මිනිසා සමූහයක් ලෙස ජීවත්වූ මුල් අවධියේ සිට සමූහයේ පැවැත්මට තර්ජනයක් එල්ලවන ආකාරයේ සිදුකරන මිනිස් ක‍්‍රියාකාරකම් හඳුනාගැනීමටත්, ඒ සඳහා බලපාන හේතු සාදක විමසා බැලීමට හා සමාජයට අහිතකර බලපෑම් එල්ල කරන ක‍්‍රියාවන් සඳහා ප‍්‍රතිචාර දැක්වීමට මානව සමාජය ආරම්භයේ සිටම මිනිසුන් ක‍්‍රියාකර තිබේ. මෙසේ සමූහය අතර ඇතිවන්නා වූ ආරවුල් සමථයකට පත්කිරීමේ ක‍්‍රමයක් ලෙස නීති පද්ධතියක් සකස් කිරීම සහ එම නීති උල්ලංඝණය කරනු ලබන පුද්ගලයන් හට ද`ඩුවම් නියම කිරීමේ ක‍්‍රමවේදයක් ද ලොව බිහි විය. 

 නීති පැනවීමේ මූලික අරමුණ වූයේ යම් යම් අවස්ථාවලදී මිනිස් ක‍්‍රියාකාරකම් හේතුවෙන් එක් එක් පුද්ගලයයෙකු ගෙන් තවත් පුද්ගලයෙකුට සිදුවන්නා වූ අනිසි බලපෑම් අවම කිරීම ය. මෙහිදී සමාජ සම්මතයක් ලෙස නීති පැනවීම සිදුකරන ලද අතර, ඊට අදාල ද`ඩුවම් නියම කිරීම ද සමාජ සම්මතයට අනුව සිදුකරන ලදී. පසු කාලීනව මෙම සමාජ සම්මතයන් ලිඛිත සහ විධිමත් නීති පද්ධතියක් ලෙස සංවර්ධනය වූ අතර, ඒ අනුව අදාල නීති උල්ලංඝණය කරනු ලබන පුද්ගලයින් හට ලබා දිය යුතු ද`ඩුව්ම ද නිශ්චිත ලෙස සඳහන් කරන ලදී. මුල් කාලීනව ලබා දෙන ලද ද`ඩුවම්වලට අවධානය යොමු කිරීමේදී පෙනී යන්නේ පුද්ගලයා විසින් කරන ලද වරදට සමාන හෝ කරන ලද වරදට වඩා බරපතල ද`ඩුවමක් ලබා දීමේ ක‍්‍රමවේදයක් ලොව පැවති බවයි.

 මෙය ආසියාවේ මෙන්ම යුරෝපයේ පැවති දණ්ඩන ක‍්‍රමවේදයන් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ දී මනාව පැහැදිලි වේ. එම ක‍්‍රියාවලියේ දී පුද්ගලයෙකුගේ ජීවිතය විනාශ කරන ලද පුද්ගලයෙකු හට මිය ගිය පුද්ගලයාගේ ජීවිතය වෙනුවෙන් වරදකරුගේ ජීවිතය අහිමි කිරීම වැනි ද`ඩුවම් ලබා දීම නියම කරන ලදී. සොරකම් කරන ලද පුද්ගලයන් ගේ අත් පා සිඳ දැමීම වැනි ද`ඩුවම් ලබා දීම තුළින් පුද්ගලයෙක් නැවත නැවත එම වරද සිදු කිරීම වැලැක්වීම සහ එම ද`ඩුවම් ලබා දෙන ආකාරය දකින සමාජයේ අනෙකුත් පුද්ගලයින් ද එවැනි වරදවල් සිදු කිරීමට පෙළඹවීම වැලැක්වීම මෙවැනි ද`ඩුවම් ලබා දීමේ අරමුණ විය. 

 වර්තමානයේ මුස්ලිම් නීතිය පවතින සමහර මැදපෙරදිග රටවල අපරාධකරුවන් හට වරදවල් සඳහා මෙවැනි දැඩි ද`ඩුවම් ලබා දීමේ ක‍්‍රමයක් අනුගමනය කරන බව පෙනී යයි. එසේ වුවත්, එම රටවල අපරාධවල සංඛ්‍යාත්මක පහළ වැටීමක් සිදුවී නොමැති අතර, එයට සාපේක්‍ෂව ලිහිල් ද`ඩුවම් ලබා දෙන ස්කනේඩියානු සහ යුරෝපා රටවල අපරාධ සිදු වීමේ ප‍්‍රවණතාවය සහ වරදකරුවන් නැවත නැවත වරදවල නියැලීමේ ප‍්‍රවණතාවය, බරපතල ද`ඩුවම් ලබා දෙන රටවල්වලට සාපේක්‍ෂව ඉතා පහළ මට්ටමක පවතින බව පෙනී යයි. කාර්මික විප්ලවය සමග ඇති වූ චින්තන විප්ලවය හේතු කොට ගෙන යුරෝපයේ අපරාධ සම්බන්ධයෙන් තිබූ ආකල්ප ද ක‍්‍රමයෙන් වෙනස් විය. එහිදී වරදකරුවන් දෙස මානුෂික ඇසකින් බැලීමට සහ වරදකරුවන්ට ලබාදෙන ද`ඩුවම් තුළින් ඔවුන් පුනරුත්ථාපනය සඳහා යොමුකර සමාජගත කිරීමේ ක‍්‍රියාවලියක් ඇතිකිරීමේ වැදගත්කම විද්වතුන් විසින් පෙන්වා දුන් අතර, එහි ප‍්‍රතිඵලයක් ලෙස :- · සිර කඳවුරුවල පහසුකම් වැඩි දියුණු කිරීම · සිරකරුවන් රඳවන ආකාරය · සිරකරුවන්ට නිළධාරීන් විසින් සළකන ආකාරය, විශාල වශයෙන් වෙනස්කම්වලට භාජනය කරන ලදී.

 පුද්ගලයෙකු සිරගතවීම තුළින් එම පුද්ගලයාට සහ ඔහුගේ පවුලට ඇතිවන බලපෑම සහ එම බලපෑම හේතුකොටගෙන දිගුකාලීනව සමස්ථ සමාජයට ඇතිවන හානිකර තත්වය අවම කිරීම සඳහා බොහෝ සංවර්ධිත රටවල පුද්ගලයින් සු`ඵ වැරදි සඳහා බන්ධනාගාර ගතවීම වැළැක්වීම සඳහා විවිධ ක‍්‍රමෝපායන් අනුගමනය කරන ලදී.

 මෙයින් එක් ක‍්‍රමෝපායක් ලෙස පුද්ගලයා සිරගත කිරීම වෙනුවට සමාජයේ සිටියදීම ද`ඩුවම් කිරීම හෝ පුනරුත්ථාපනය කිරීම ආරම්භ කරන ලදී. හඳුන්වා දුන් නව ක‍්‍රමවේදයන් : ·
 සති අන්ත නිවාඩු ක‍්‍රමය ·
 නිවාස නිවාඩු ක‍්‍රමය ·
 වැඩ සහන ක‍්‍රමය ·
 රාත‍්‍රී කාල ද`ඩුවම් ·
 අඹු සැමියන්ට එකට රාත‍්‍රී කාලය ගත කිරීමට අවස්ථාව ලබා දීම ·
 වැඩ සහන ක‍්‍රමය යටතේ සිරකරුවන් මුදා හැරීම ·
 එළිමහන් සිර කඳවුරු ආදී නව ක‍්‍රමවේදයන් හඳුන්වා දෙන ලදී. 

 මෙහිදී මූලික වශයෙන් වරදකරුවන් වර්ගීකරණය කරනු ලබන අතර, දරුණු ගණයේ අපරාධකරුවන් පමණක් හුදකලා කර රඳවා තැබීම ද සිදුකරනු ලබන අතර, සු`ඵ වැරදි සම්බන්ධයෙන් වරදකරුවන් වන පුද්ගලයින් බන්ධනාගාර ගතකිරීම වෙනුවට මෙවැනි ක‍්‍රමවේදයන් හඳුන්වා දී ඔවුන් පුනරුත්ථාපනය කර නැවත වැදගත් හා යහපත් පුද්ගලයින් ලෙස සමාජගත කිරීම මෙහි අරමුණ වී ඇත. 

 -->