මුලතිව්හි ඉදිකර ඇති සුනාමි ස්මාරකය ඉදිරිපිට කොටි කොඩියක්

මුලතිව්හි පිහිටුවා ඇති සුනාමි ස්මාරකය ඉදිරිපිට 2012.12.26 වන දින කොටි කොඩියක් ඔසවා ඇත. 2009 වසරෙන් පසු වන්නි බිමෙහි කොටි කොඩිය ලෙළදී ඇත.

  2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහි කරමින් සුනාමි ස්මාරකය අසල 0830 පැයට විශේෂ පූජාවක් පවත්වන ලදී. මෙම ස්මාරකය ඉදිරිපිට ඇති ප්‍රජා ශාලාවේ ජල කුළුණ මත 0600 පැයට පමණ කොටි කොඩිය ඔසවා තිබූ බව ජනතාව ප්‍රකාශ කරයි. 0700 පැයට පමණ පැමිණි බුද්ධි අංශ සාමාජිකයින් එය ඉවත් කර ඇත.-

(තමිල්වින් වෙබි අඩවිය)